අවසාන වශයෙන් රනිල්ට විකල්ප දෙකක්! (Exclusive)
පවතින දේශපාලන තත්වය හමුවේ රනිල් වික්‍රමසිංහ මහතාට විකල්ප දෙකක් පමණක් ඉතිරි ඇති බව දේශපාලන විචාරකයෝ පවසති. ඔවුන් පවසන්නේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි රනිල් වික්‍රමසිංහ මහත්මයෙකු ලෙස ගෞරවාන්විතව අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් වී ගිය හොත් ඔහුට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන චෝදනා වලින් යම් සහනයක් ලබාගත හැකිවනු ඇති අතර එසේ නොවුන හොත් රනිල්ට තම අගමැතිකම, පක්ෂ නායකත්වය සහ ප්‍රතිරූපය යන දෙකම ජීවිතයෙන් අහිමී වී යනු …
Continue Reading
ග්‍රෑන්ඩ්පාස් තේ ගබඩාව කඩා වැටී 7ක් මරුට
කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි තේ ගබඩාකර තිබූ ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් කිහිප දෙදෙනෙකු තුවාල ලබා තිබේ. ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් බබාපුල්ලේ ප්‍රදේශයේ පිහිටි ගොඩනැඟිල්ලක් මෙලෙස ඊයේ (14) පස්වරු 3.20 ට කඩාවැටී තිබෙන අතර සුන්බුන් අතර සිරවූ පුද්ගලයින් හත්දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට සහන කණ්ඩායම් සමත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කරයි. මියගිය අය අතර කාන්තාවන් …
Continue Reading
නව අගමැතිවරයෙක් සමඟ නව රජයක් පත් කරන්න – එජාපයේ කල්මැරීමේ වාසිය ශ්‍රීලනිපය ගැනීමට යයි
පාර්ලිමේන්තුවේ බහුතරයකගේ ගෞරවය හා විශ්වාස දිනාගත හැකි මන්ත්‍රීවරයෙක් අග්‍රාමාත්‍ය ධූරයට පත්කර නව රජයක් පිහිටුවන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයත්ත මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඊයේ (14) පස්වරුවේ එම ඉල්ලීම ලිඛිතව ජනාධිපතිවරයා වෙත යොමු කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය කමිටු ලේකම් තිලංග සුමතිපාල මහතා පවසයි. …
Continue Reading
‘කරු’ව ඉල්ලා එජාපයේ මැති ඇමතිවරු 40ක් කබීර්ගේ ගෙය පෙරළයි; සජිත් හරහා රනිල්ගෙන් තවත් බෝලයක් (Exclusive)
එක්සත් ජාතික පක්ෂයේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යෑම හෝ එජාපයේ තනි ආණ්ඩුවක් යටතේ පාලනය ඉදිරියට ගෙන යෑම සඳහා මේ වන විට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දැඩි අරගලයක නිරත වේ. මේ මොහොතවන විට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හසීම් මහතාගේ නිවසේ එජාප මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් 40 කට අධික පිරිසක් කරු ජයසුරිය මහතාව අගමැති ලෙස පත්කර මේ ආණ්ඩුව ඉදිරියට ගෙන …
Continue Reading
ඉලක්කයක් සමඟින් එජාප තනි ආණ්ඩුවක නීතිය හා සාමය ෆීල්ඩ් මාෂල්ට ලබාදීමට එකඟතාවය! (Exclusive)
ආණ්ඩුවේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය නිමා කරගැනීම සඳහා මේ වන එක්සත් ජාතික පක්ෂය තුලත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලත් මේ වන තීරණාත්මක සාකච්ඡා සිදුවෙමින් පවතී. එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්‍ය්ඨයින් ඇතුළු මන්ත්‍රීවරුන් රැසකගේ මතය වී ඇත්තේ එජාප තනි ආණ්ඩුවක් වන අතර, ඔවුන් මේ වන විට වෙනස් විය යුතු අමාත්‍යධූරයන් සම්බන්ධයෙන් සැලසුම් සකස් කරමින් එකඟතාවයන්ට පැමිණෙමින් සිටින බවට එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග …
Continue Reading
ගොඩබැස්ස ගෝඨා මාධ්‍යවේදීන් ඉදිරියේ මරු විකාරයෙන් දොඩවයි (Video)
පළාත් පාලන මැතිවරණය සමය තුළ අත් අඩංගුවට පත්වේවි’යැයි බියෙන් රට හැරදා තම මව් රට බලා පැන ගිය නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නොහොත් ගෝඨා අද (12) පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේය. රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සහ ඝාතන අංශ ප්‍රධානියා වූ ගෝඨාභය සම්බන්ධයෙන් මෙරට ජීවත් වූ ජනතාවට යළි අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. රාජපක්ෂ රෙජීමයේ පක්ෂය වු පොහොට්ටු පක්ෂය ගම්සභා බහුතරයක් ජයග්‍රහණය කිරීමත් සමඟ ඇමරිකාවට …
Continue Reading
වාස් ගුණවර්ධනට වසර 05ක සිර දඬුවම්
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හට වසර 05ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කර තිබේ. කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනිමට යාමේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්ෂ ශානී අබේසේකර මහතාට මරණිය තර්ජන එල්ල කිරිම පිළිබඳ චෝදනාවට වරදකරුවිම හේතුවෙන් මෙම දඩුවම නියම කර තිබේ. ශානී අබේසේකර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා …
Continue Reading
පූර්ණ එකඟතාවයෙන් කරු අග්‍රාමාත්‍යධුරයට! පක්ෂ දෙකේම දැවැන්ත වෙනසක්! (Exclusive)
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු වන කරු ජයසුරිය මහතා වත්මන් යහපාලන රජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟතාව හිමිව ඇති බවට වාර්තාවේ. මේ සමබන්ධයෙන් ඊයේ රාත්‍රීයේ සිට අද අලුයම දක්වා සාකච්ඡා පැවති අතර අවසානයේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම ධුරයෙන් ඉවත්ව එය කරු ජයසුරිය මහතා අගමැතිවරයා ලෙස පත්කිරීමටත් සම්මුති වාදී …
Continue Reading
ඉතා කඩිනමින් මහ මැතිවරණයක් ඕනෑ- හිටපු ජනපති
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව තමන් ඉතා කඩිනමින් මහ මැතිවරණයක් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. පළාත් පාලන ආයතන සඳහා පැවැති මැතිවරණයෙන් පසුව බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවාව (බී.බී.සී) විසින් කරන ලද විමසුමකදී මහින්ද රාජපක්ෂ මහතා ඒ බව පවසා තිබේ. පවතින පාර්ලිමේන්තුවේ අගමැති පදවිය යෝජනා කළහොත් තමන් එය භාර නොගන්නා බවත් පවසා ඇති රාජපක්ෂ මහතා මෙම මැතිවරණයේ ප්‍රතිඵලයත් …
Continue Reading
පොලිස් ආරක්‌ෂාව අදත් දැඩිවේ ජය සැමරුම් පෙළපාලි රැස්‌වීම් අදත් බැහැ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අද (12) වැනිදා දිනයේදී පොලිස් ජංගම සංචාර කැරළි මර්දන කණ්‌ඩායම් හා මාර්ග බාධක ආරක්‌ෂක කටයුතු එලෙසින්ම ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්‌ථානය පවසයි. ඒ අනුව පක්‌ෂ ජය සමරමින් පෙළපාලි යාම රැස්‌වීම් පැවැත්වීම දින තුනක් යනතුරු සපුරා තහනම් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය. දිවයින පුරා පවතින පොලිස් කොට්‌ඨාස 42 ක ඡන්ද …
Continue Reading