ඉලක්කයක් සමඟින් එජාප තනි ආණ්ඩුවක නීතිය හා සාමය ෆීල්ඩ් මාෂල්ට ලබාදීමට එකඟතාවය! (Exclusive)

Spread the love

ආණ්ඩුවේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය නිමා කරගැනීම සඳහා මේ වන එක්සත් ජාතික පක්ෂය තුලත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලත් මේ වන තීරණාත්මක සාකච්ඡා සිදුවෙමින් පවතී.

එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්‍ය්ඨයින් ඇතුළු මන්ත්‍රීවරුන් රැසකගේ මතය වී ඇත්තේ එජාප තනි ආණ්ඩුවක් වන අතර, ඔවුන් මේ වන විට වෙනස් විය යුතු අමාත්‍යධූරයන් සම්බන්ධයෙන් සැලසුම් සකස් කරමින් එකඟතාවයන්ට පැමිණෙමින් සිටින බවට එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ අනුව එජාපයේ අතිබහුතරයකගේ මුලිකම අවධානය යොමුව ඇත්තේ තමන්ට පරාජය අත්කරදීමට බලපෑ අමාත්‍යධුර අනිවාර්යෙන්ම වෙනස් විය යුතු බව අතර, හොරු නොඇල්ලීමේ ප්‍රතිවිපාකය මෙයින් ප්‍රධාන බව ඔවුන්ගේ ඒකමතික මතයක් වී ඇත. ඒ අනුව කොන්දේසි විරහිතව නීතිය හා සාමය අමාත්‍යධුරය වහාම සාගල රත්නායකගෙන් ගලවා, එය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා වෙත පැවරීම සඳහා පූර්ණ එකඟතවය හිමි ව ඇති අතර ඒ සඳහා ඔහුට විශේෂ කොන්දේසියක්ද දැමීමට තීරණය වී අත. එම කොන්දේසිය නම් එළඹෙන පළාත් සභා මැතිවරණයට පෙර රාජපක්ෂ රෙජීමයේ සියළු හොරුන්, දූෂිතයින් ඇතුළු පිරිස් අත් අඩංගුවට ගෙන සිරගත කොට අවසන් කළ යුතු බවට වන ඉලක්කයයි.

මෙය මෙවර පළාත් පාලන මැතිවරණයේ පරාජයට දැඩිව බලපෑ කරුණ වන අතර එය නිසි පරිදි සිදුකළහොත් එළඹෙන පලාත් සභා ඡන්දය අනිවාර්යෙන්ම ජය ගත හැකි වනු ඇති බව එජාපයේ ඒකායන විශ්වාසය බවට පත්ව ඇත.

උපුටනය: ලංකා රියල් නිව්ස්

RSL

Related Posts