නව අගමැතිවරයෙක් සමඟ නව රජයක් පත් කරන්න – එජාපයේ කල්මැරීමේ වාසිය ශ්‍රීලනිපය ගැනීමට යයි

Spread the love

පාර්ලිමේන්තුවේ බහුතරයකගේ ගෞරවය හා විශ්වාස දිනාගත හැකි මන්ත්‍රීවරයෙක් අග්‍රාමාත්‍ය ධූරයට පත්කර නව රජයක් පිහිටුවන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයත්ත මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඊයේ (14) පස්වරුවේ එම ඉල්ලීම ලිඛිතව ජනාධිපතිවරයා වෙත යොමු කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය කමිටු ලේකම් තිලංග සුමතිපාල මහතා පවසයි.

ජනාධිපතිවරයා ආණ්ඩුවේ දැනෙන වෙනසක් සමඟින් ආණ්ඩුව යළි ප්‍රතිසංවිධානය වී ඉදිරියට යා යුතු බව වත්මන් එජාප නායක සහ අගමැති ලෙස තවමත් කටයුතු කරමින් සිටින රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පිරිසට කීපවතාවක් අවධාරණය කර සිටියද මෙතෙක් ඊට නිසි ප්‍රචාර නොලැබීමේ තත්වයක් තුළ මෙම ඉල්ලීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් සිදුකොට ඇත.

RSL

Related Posts