බැසිල්ගේ ලිත් නඩුව ඇසීම තවදුරටත් වාරණය කරයි
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති රජයේ මුදලින් ලිත් මුද්‍රණය කර හිටපු ජනාධිපතිවරයාගේ ඡනාධිපතිවරණ ප්රචාරක කටයුතුවලට වාසි වන අන්දමින් බෙදා හැරීම සම්බන්ධ නඩුවක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුළතුංග මහතා ඉදිරියේ විභාග කිරීම වලක්වාලමින් පනවා ඇති තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (15) තීරණය කර තිබේ. ඒ අනුව එම තහනම් නියෝගය ලබන මැයි මස 10 …
Continue Reading
නොතීසිවලට අවනත නොවූ, රනිල්ගේ ගජයා වූ කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන්ට වරෙන්තු
මේ වන විට අගමැති ලෙස රැඳී සිටින රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිජාත මිත්‍රයා වූත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන ලක්ෂ්මන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (15 දා) වරෙන්තු නිකුත් කළාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව එක්ව කළ ඉල්ලීමක් සළකා බැලූ මහෙස්ත්‍රාත්වරිය එම නඩුවේ පළමුවන සැකකරු ලෙස නම්කොට ඇති අර්ජුන ඇලෝසියස් …
Continue Reading
ජපන් වැඩ්ඩ ඥානසාර හිමිට වරෙන්තු!
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (15) වරෙන්තු නිකුත් කර තිබේ. ජාතීන් අතර අසමගිය සහ වෛරස ජනිත වන ප්‍රකාශ සිදුකළේ යැයි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් ඉදිරිපත් කර තිබූ සිද්ධියකට අදාළ ව අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇත. කෙසේ නමුත් ඥානසාර හිමියන් මේ දිනවල ජනාධිපතිවරයාගේ ජපන් …
Continue Reading
සමාජ බලපෑම හමුවේ ආණ්ඩුව සමාජජාල අවහිරතා ලිහිල් කරයි
ජාතිවාදී ගැටුම් දඩමීමා කරගනිමින් වාරණයට ලක් කළ සමාජ ජාල මාධ්‍ය තහනම, ආණ්ඩුවට එල්ලවන සමාජ බලපෑම හමුවේ ක්‍රමිකව අඩුකරමින් තිබේ. දින තුනක් වෙනුවෙන් සිදුකරන ලද වාරණය අඛණ්ඩව දින 7ක් දක්වා ආණ්ඩුව විසින් උපක්රමශීලීව දිග්ගැස්ස වීමත් සමඟම සමාජයේ විවිධ සංවිධානවලින් සහ ජනතාවගෙන් දැවැන්ත බලපෑමක් එල්ල වූ අතර ඒ අනුව ආණ්ඩුවට මෙම වාරණය බලාපොරොත්තු නොවූ පරිදි ඉවත් කරගැනීමට කටයුතු කිරීමට සිදුවිය. එහි පළමු …
Continue Reading
කෙහෙලියගේ පුතාගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි
බීමත්ව රිය පැදවිම ඇතුළු චෝදනා හතරක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වු පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුතු රමිත රඹුක්වැල්ල යන අයගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසුරිය මහතා ඊයේ (13) නියෝග කෙළේය. සැකකරු රුපියල් ලක්ෂ පහක ශරිර ඇප මත මුදා හළ මහේස්ත්‍රාත්වරයා නුගේගොඩ ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානයේන් සැකකරු සම්බන්ධ ශාරිරික මානසික සෞඛ්‍ය සම්බන්ධ වාර්තාවක් ද කැඳවිමට ද නියෝග කෙළේය. …
Continue Reading
ෆේස්බුක් හා සමාජ මාධ්‍ය තහනමේ රජය නොදුටු පැත්ත
පසුගිය දිනවල රට තුළ ඇතිවූ කලබලකාරී තත්වය ඔස්සේ ශ්‍රී ලංකාව තුල ලක්ෂ 59ක් භාවිතා කරන මුහුණු පොත එහෙමත් නැත්නම් facebook හා Viber, WhatsApp සංනිවේදන තහනමට ලක්විය. මේ කාලය දින 3කට සීමා කරන බව පැවසුවත් තවමත් එම තහනම ඉවත් කර නැත. රට තුල මුහුණු පොත තහනම් කිරීම සම්බන්ධයෙන් බලධාරීන් තම අවධානය යොමු නොකල පැත්තක් ඇත. එනම් තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් තම රැකියාව …
Continue Reading
මුස්ලිම් හෝටලයට බෝම්බ ගැසු 07ක් අල්ලයි
(ඡායාරූප උපුටාගැනීම: අන්තර්ජාලයෙන්) ආණමඩුව නගරයේ පිහිටි ආපන ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. ඊයේ (11) අලුයම 2.00 ට පමණ එල්ල කර ඇති පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් ආපන ශාලාව ගිනි ගෙන විනාශයට පත් වී තිබුණි. ගිනි තබා විනාශ කරන ලද ආපන ශාලාවට ආසන්නයෙන් ඇති වෙළඳසලක සවි කර තිබූ ආරක්ෂිත කැමරා …
Continue Reading
සමාජ ජාල වාරණයෙන් ආණ්ඩුවේ නොහැකියාව සහ අසමත්භාවය පැහැදිලියි – ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය
අන්තර් ජාලය භාවිත වන්නේ ජාතිවාදය ඇවිස්සීමට හෝ ආණ්ඩු විවේචණය කිරීමට පමණක් නොව එය ව්‍යාපාරික හා සන්නිවේදන මෙවලමක් බැවින් සමාජ ජාලා වාරණය අවසන් කිරීමට රජය වහා කටයුතු කළ යුතු ව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. සංවිධානාත්මක පරිගණක අපරාධ මර්ධනය කිරීමට ද, ආණ්ඩුව පිළිබද දේශපාලන විවේචනයට මුහුණ දිය නොහැකිව සිටින රජය අන්තර් ජාලය, සමාජ ජාලා, තොරුතුරු සන්නිවේදනයට සීමා …
Continue Reading
ආණ්ඩුව සමාජ මාධ්‍ය ජාල අවහිර කරමින් සිදුකිරීමට යන දේශපාලන සැලැස්මට එරෙහිව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය සටන් අරඹයි
වත්මන් විසින් ආණ්ඩුව සමාජ මාධ්‍ය ජාල අවහිර කරමින් සිදුකිරීමට යන දේශපාලන සැලැස්මට එරෙහිව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය සටන් අරඹන බව එම සංවිධානය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ. එම සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. “සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම විකල්ප මාධ්‍ය පාලනය කිරීමේ ආණ්ඩුවේ වෑයමක් – වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය රටේ සියලුම සමාජ මාධ්‍ය ජාලා …
Continue Reading
ෆේස්බුක් ඇතුළු සමාජජාල මාධ්‍ය තහනම දින නියමයක් නොමැතිව ඉදිරියටම ක්‍රියාත්මකයි
ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල දින නියමයක් නොමැතිව තවදුරටත් අවහිර කර ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. මහනුවර දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් තවදුරටත් මෙම ක්‍රියාමාර්ගය ගත් බව එහි නිලධාරියෙක් පැවැසීය. එමෙන්ම විකල්ප ක්‍රමවේදයන් ඔස්සේ ගොස් සමාජ මාධ්‍ය ජාලා මගින් විවිධ කටකතා, අසත්‍ය තොරතුරු හා ජාතිවාදය වපුරන අදහස් පළකරන්නන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණයක් අරඹා ඇතැයි …
Continue Reading