චණ්ඩි මල්ලීගේ මැර පුතාට සහ චණ්ඩි ගෑනිට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙයිද..? බස් රථ රියදුරුට යුක්තිය ඉටුවෙයිද..?

තලංගම කොස්‌වත්ත හංදියේදී මාර්ග අංක 177 කොල්ලුපිටිය කඩුවෙල සුඛෝපභෝගී පෞද්ගලික බස්‌ රථයක රියෑදුරකුට බිම දමාගෙන පිස්‌තෝලයකින් හා අතින් පයින් පහර දුන් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. කසුන් නමැත්තා සහ ඔහුගේ බිරිඳ පෙරේදා (9 දා) උදේ 11.30 ට පමණ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා කොළඹදී ඝාතනයට ලක්‌වූ දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු වූ ‘චණ්‌ඩි මල්ලි’ නමින් හැඳින්වූ …

Continue Reading

මැක්කෝ ඇල්ලුවාට වැඩක් නැත; බල්ලෝ තවමත් නිදැල්ලේ..

රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සහ ඝාතන අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ මිනීමෝරු සමඟ ජීවිතය ගත කළ මිනීමරු ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙය වීමෙන් ක්‍රියාත්මක ජාතිවාදී කෝලහාලයට සම්බන්ධ (චූ කොල්ලන්) කිහිපදෙනෙකු ඇතුළු 200කට ආසන්න පිරිසක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. එහෙත් මෙම ජාතිවාදී-ආගම්වාදී කෝලහාලය සැලසුම් සහගතව ව්‍යාප්තකළ ගෝඨාභය රාජපක්ෂ, ඥානසාර හිමි, බ්‍රිගේඩියර් කමල් ගුණරත්න, මේජර් චින්තක පෙරේරා, මේජර් ජනරාල් සොයිසා ඇතුළු කල්ලි කණ්ඩායම්වල …

Continue Reading

මහනුවර සිද්ධිය ගැන විමර්ශනයට ජනපතිගෙන් විමර්ශන කමිටුවක්

පසුගිය දින කිහිපයේ මහනුවර දිස්ත‍්‍රික්කයේ ඇතැම් ප‍්‍රදේශවල ඇතිවූ කළහකාරී සිදුවීම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති විමර්ශන කමිටුවක් පත්කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ. ඒ අනුව විශ‍්‍රාමික අධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ඉදිරියේදී නම් කිරීමට නියමිත වේ. මෙම කලහකාරී සිදුවීමට මුල් වූ කරුණු අතර නීතිය හා විධානය කඩවී ඇත් ද යන්න, පුද්ගලයින්ට සිදුවූ ජීවිත හා දේපළ හානි පූරණය කිරීම, …

Continue Reading

මහනුවර ගැටුම මෙතරම් ඇවිලීයාමට ඇත්ත හේතුව හමුදාපති හෙළිකරයි (Video)

මහනුවර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය යළි ඇති නොවීමට ශක්තිමත් සැළැස්මක් අවශ්‍ය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. අද(09) උදෑසන මහනුවරදි ව්‍යාපාරිකයින් පිරිසක් සමඟ පැවති මාධ්‍ය හමුවකදි යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය. 30 වසරක් පුරා පැවති යුද්ධයෙන් හමුදා නිලධාරීන් 28,000 ක් මිය ගිය බවත්, 50,000 ක් පමණ තුවාල ලැබු අතර 20,000 ක් පමණ පූර්ණ වශයෙන් අබාධිත තත්ත්වයට …

Continue Reading

මහනුවර තවදුරටත් අඳුරේ

මහ නගර සභා සීමාව හැර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවලට අද රාත්‍රි 8.00 සිට හෙට අලූයම 5.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය. අද (09) සවස කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. මේ අතර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඊයේ (08) පස්වරු 6.00 සිට පනවා තිබු ඇඳිරි …

Continue Reading

ජීවිත හා දේපල හානි වෙනුවෙන් වන්දි ගෙවනවා – රනිල් කියයි

මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් ජීවිත හා දේපල හානි වෙනුවෙන් වන්දි ගෙවීමට අවශ්‍ය පියවර ආරම්භ කර ඇති බව අගමැතිධුරයේ රැඳී සිටින රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ එම වන්දි ගෙවීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන බවය. මහනුවර දිස්ත්‍රික්කයේ සිදුවූ කලහකාරී සිද්ධීන් පිළිබඳව ජනතාවට කරුණු පැහැදිලි කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය මෙසේය. ඊයේ …

Continue Reading

පෙට්‍රල් බෝම්බ, කඩු, යකඩ පොලු සමඟ අලවතුගොඩින් 18 ක්‌ අල්ලයි

පෙට්‍රල් බෝම්බ, කඩු, යකඩ පොලු ඇතුළු ආයුධ තොගයක්‌ සමඟ තරුණයන් දහඅට දෙනකු (18) අලවතුගොඩ ප්‍රදේශයේ ආගමික මධ්‍යස්‌ථානයක සැඟවී සිටියදී පොලිසිය මගින් ඊයේ (08) අලුයම අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් ආයුධ අතර විශාල ප්‍රමාණයේ පෙට්‍රල් බෝම්බ 06 ක්‌ තිබූ බව පොලිසිය පවසයි. මෙම තරුණයන් රටේ විවිධ ප්‍රදේශවල සිට පැමිණි අය බව විමර්ශනවලින් හෙළිවී ඇත. කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්‌ සඳහා පැමිණි පිරිසක්‌ අලවතුගොඩ …

Continue Reading

Exclusive:මහනුවර ගිනිබත් කල ගෝඨාගේ ජාතිවාදි රේජිමෙන්තුවට පහසුකම් සපයා ඇත්තේ කිරිඇල්ලගේ ලේකම්!

අදාල සම්බන්ධීකරණ ලේකම්වරයා ලක්ෂ්මන් කිරිඇල්ලගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කිරිමට පෙර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කෙහෙළිය රබුක්වැල්ලගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කර ඇති බවද lankaleaks ආරක්ෂක තොරතුරු වාර්තාකරු තොරතුරු අනාවරණය කරගෙන ඇත. රටම ගිනී තබමින් රටපුරා පැතිර යන අන්තවාදී ගැටුම් පසුපස 2020 ජනාධිපති විමෙ සිහිනයේන් සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ජාතිවාදි හමුදා කල්ලියේ දෙදෙනෙකු මෙහෙයුම්කරුවන් ලෙස ක්‍රියාත්මක වන බවට අප …

Continue Reading

බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකුට මහ මඟ දී වෙඩි තබා පළායයි

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා මහතා වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර ඇතැයි වාර්තාවේ. මොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුවී ඇතැයි පොලිසිය පවසයි. මන්ත්‍රීවරයා ගමන් කරමින් සිටිය දී මෝටර් රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් වෙඩි තැබීම සිදු කර පලා ගොස් අතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

Continue Reading

ගැටුම්වලින් 71ක් අත් අඩංගුවට; දේපල හානි සිද්ධීන් 45ක්; පූජනීය ස්ථාන 4කට හානි; ජීවිත හානි 2 ක් (Video)

මහනුවර ප්‍රදේශයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන අමිත් ජිවන් වීරසිංහ ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද(08) අලුයම කාලයේ දී සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් සමාජ ජාලා තුළින් කලහකාරී සිදුවීම් ක්‍රමන්ත්‍රණය කරමින් සිටි මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර පසුගිය 4 වන දා සිට අද දින උදෑසන 6.00 දක්වා …

Continue Reading