අපේ නායකතුමා කිසිම දවසක මේ රටේ ඒකීයභාවයට හෝ බුද්ධාගමට කිසිම හානියක් වෙන්න ඉඩ තියන්නේ නැහැ
අපි රට බෙදන්න යනවා කියලා බොරු පතුරවනවා. අපේ නායකතුමා කිසිම දවසක මේ රටේ ඒකීය භාවයට හෝ බුද්ධාගමට කිසිම හානියක් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා කියන්න කැමැතියි. බොරු බිල්ලෙක් මවනවා හැර ඔවුන්ට කියන්න දෙයක් ඇත්තෙම නැතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති මහාමාර්ග හා ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මාවනැල්ලේදී පැවැසීය. ඒ මහතා ඒ බව පැවැසුවේ එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර …
Continue Reading
සියයට 4කින් බස් ගාස්තු අඩුකිරීම අර්ජුනගේ ප්‍රෝඩාවක්; බැරිනම් දැන්ම ඇමතිකමෙන් යන්න
ඉන්ධන මිල කිහිප අවස්ථාවකදීම අඩු වීමක් සිදු වුවද මාස 1 1/2ක පමණ කාලයක් කිසිදු බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකර බස් රථ හිමියන්ට හා ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාවට අයථා පරිදි ලාභ උපයන්න අවස්ථාව ලබා දී අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කර ඇති 4% බස් ගාස්තු සංශෝධනය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පවසයි. …
Continue Reading
මහින්ද පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තායැ’යි කියන්න ඇයි දැන් ඇඹරෙන්නේ
මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම රටම දුටු බවත් එය සැගවිය හැකි දෙයක් නොවන බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක පවසයි. එදා ප‍්‍රසිද්ධියේ ආඩම්බරයෙන් කල දේ ගැන අද ඒ ඔවුනගෙන් මාධ්‍ය විමසද්දී දැඩි අපහසුතාවයට පත්වනු දැකිය හැකි බවද මන්ත‍්‍රීවරයා කියා සිටී. කෙසේ හෝ ඔවුන් නැවතත් ශ‍්‍රීලනිපයේ හා සන්ධානයේ සාමාජිකයන් යයි ප‍්‍රසිද්ධියේ කියන්නට වීම ගැන සතුටට …
Continue Reading
නව ජනාධිපති නිතීඥවරු 25ක්
එළඹෙන ජනවාරි 18වනදා ශ්‍රේෂ්ඨාධීකරණයෙදි නව ජනාධිපති නිතීඥවරු 25 දෙනෙකු දිවුරුම් දිමට නියමිතව ඇති බව සඳහන් වේ. එම ජනාධිපති නිතිඥවරුන්ගේ නම් පහතින් දැක් වේ. 1.චින්තාමනි මුණමලේ බලල්ලේ මෙනවිය. 2.සතේන්ද්‍ර මෛත්‍රී ගුණරත්න මහතා. 3.මොහොමඩ් ශේරිෆ්ඩීන් මොහොමඩ් හුසේන් මහතා 4.පිලිමිතාලාව විජේසුන්දර මුදියන්සේලාගේ සූරිය ශාන්ත බණ්ඩාර ඉද්දේවල මහතා. 5.දුලිප් ෆ්ලේවියන් රෆායල් ජයමහා මහතා. 6.මදුරප්පෙරුමගේ චන්ද්‍රසිරි ජයරත්න මහතා. 7.ලියන මුදියන්සේලාගේ විජිත නන්දන ජයවික්‍රම මහතා. 8.සිංහනාතගේ …
Continue Reading
සියයට 12.5% කින් වැඩි කළ බස් ගාස්තුවෙන් යළි අඩුවෙන්නේ 4% කින්
මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ මිල සූත්‍රයට වැඩි වු ඉන්ධන මිලට සමඟ බස් රථ හිමියන් සියයට 12.5 කින් බස් ගාස්තු ඉහළ දැමූ අතර මහින්ද රාජපක්ෂ පුමුඛ අග්‍රාමාත්‍යවරයා විසින් ඉන්ධන මිල පෙර පැවතියාටත් වඩා අඩුකළද බස් රථ හිමියන් ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග සමඟ එකඟ වී ඇත්තේ බස් ගාස්තු 4% කින් පමණක් පහළ හෙළිමටය. සැලකිය යුතු මට්ටමකින් බස් ගාස්තු පහත හෙළා ජනතාවට සහනය …
Continue Reading
මහ වැස්සෙන් උතුරේ 54,819ක් පීඩාවට; හමුදාවේ දහසකට වැඩි පිරිසක් විපතට පත් ජනතාවගේ පිහිටට
උතුරු පළාතට නැවත වැසි තත්වයේ වැඩිවීමක් හටගෙන ඇති අතර, වර්ෂාව හේතුවෙන් ඇති වු ජල ගැලීම් තත්වයෙන් පළාතේ පවුල් 16872 කට අයත් පුද්ගලයින් 54819 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් හා ප්‍රදේශයේ ආරක්ෂක අංශ පවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසූවේ උතුරු පළාතේ දිස්ත්‍රික්ක කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වවුනියාව හා යාපනය දිස්ත්‍රික්කයන් තුළ ජල ගැලීම් හේතුවෙන් අවතැන්වූවන් රැදවීමට තාවකාලික අවතැන් කදවුරු …
Continue Reading
රනිල් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ; රට බෙදන ව්‍යාවස්ථාව ගේන්නයි දැන් සැලැස්ම
රනිල් වික්‍රමසිංහ මහත්තයා අබමල් රේණුවක තරමින්වත් වෙනස් වීමක් වෙලා නැහැ. බලය නැති වෙද්දි කරනවා කියපු කිසිම දෙයක් බලය ලැබුණට පස්සේ කරන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉවත් කරන්න නම් මේ අවස්ථාවේ අගමැති ධුරය දෙන්න ඕනේ කියලා කවුරු හරි හිතාගෙන හිටියා නම් කවදාවත් එතුමා මැරෙනකල් එජාප නායකත්වයෙන් ඉවත් වෙන්නෙත් නැහැ. රටට කරන විනාශය නතර කරන්නෙත් නැහැ. බලය නැති වෙනකොට …
Continue Reading
කැලේ මාරුකලාට කොටියගේ පුල්ලි වෙනස් වෙන්නේ නැහැ; සන්ධාන හැදුවට එජාපයේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නෑ
ඉදිරි මැතිවරණයකට නව සන්ධාන හදාගනිමින් එක්සත් ජාතික පක්ෂය කුමන ලෙසකින් තරග වැදුනද ඔවුන්ගේ ප්‍රතිපත්ති වලින් මහජනතාවට සෙතක් සිදුනොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි. ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ අදහස් පළකළේය. කුමන පක්ෂයකින් පැමිණියද එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පක්ෂයම වන බවත් ප්‍රතිපත්ති වෙනස් නොවන බවත් මහින්ද රාජපක්ෂ පැවසීය. ඔහු පැවසූවේ ජනතාවට පීඩනයක් මිස ඊට වඩා වැඩි …
Continue Reading
කුමන්ත්‍රණකාරී දින 50දී අපේ ආර්ථිකය විනාශ වුණා
පුළුල් විෂය පථයක් සහිත අමාත්‍යාංශයක් වන වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයෙහි කටයුතු කිරීමේදී වරාය හා නාවික ක්‍ෂේත්‍රයේ පමණක් නොව ඊට අදාළ අනෙකුත් ක්‍ෂේත්‍රයේ පිළිබඳවද අවධානය යොමු කරමින් ඉදිරි සංවර්ධන කටයුතු සිදු කිරීම තම අභිප්‍රාය බව වරාය, නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක සිය අමාත්‍යාංශයේ වැඩ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව පැවැසීය. වරාය අධිකාරිය යනු ශ්‍රී ලාංකේය ආර්ථිකයට විශාල …
Continue Reading
කෙළෙහිගුණයක් නැති පක්ෂයේම අවස්ථාවාදීන් මාව කැපුවා
එක්සත් ජාතික පක්ෂයේම කෙළෙහිගුණයක් නැති තුන් හතර දෙනෙක් තමාට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් ඇමැතිකම තමාට අහිමි වූ බව විදුලිබල හා බලශක්ති ඇමැති රවි කරුණානායක මාධ්‍යයට අනාවරණය කරයි. ඔක්තෝබර් 26 වැනිදාත් 29 වැනිදාත් තිබුණු තත්ත්වය දැනගෙනත් ඒ පුටුවට ගියාට පස්සෙ යම් අය කරන අලුත් මෝස්තරයේ වැඩපිළිවෙළ නිසා මේ තත්ත්වය නිර්මාණය වූ බවද හෙතෙම චෝදනා කර සිටී. ලෝකය තමාව පිළිගන්නා විට …
Continue Reading