සියයට 12.5% කින් වැඩි කළ බස් ගාස්තුවෙන් යළි අඩුවෙන්නේ 4% කින්

Spread the love

මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ මිල සූත්‍රයට වැඩි වු ඉන්ධන මිලට සමඟ බස් රථ හිමියන් සියයට 12.5 කින් බස් ගාස්තු ඉහළ දැමූ අතර මහින්ද රාජපක්ෂ පුමුඛ අග්‍රාමාත්‍යවරයා විසින් ඉන්ධන මිල පෙර පැවතියාටත් වඩා අඩුකළද බස් රථ හිමියන් ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග සමඟ එකඟ වී ඇත්තේ බස් ගාස්තු 4% කින් පමණක් පහළ හෙළිමටය.

සැලකිය යුතු මට්ටමකින් බස් ගාස්තු පහත හෙළා ජනතාවට සහනය ලබාදීමට අමාත්‍ය අර්ජුන රණතුංග අසමත් වී ඇති අතර රුපියල් 10 සිට රුපියල් 12 දක්වා ඉහළ දැමූ බස් රථවල අවම ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුකර ගැනීමටද අපොහසත් වී ඇත.

තවද පාසල් සිසුන් ප්‍රවාහන රථවල ගාස්තුව අඩුකිරීමට සමත්ව ඇත්තේ සියයට 3කින් පමණි.

ත්‍රී රෝද රථවල පළමු කිලෝමීටරය සඳහා අයකරණ ගාස්තුව රුපියල් 10කින් අඩු කර ගැනීමට සමත් වුවද, ඉන්ධන මිලේ අඩුවීමට සාපේක්ෂව ඊලඟ කිලෝමීටර වලට අයකරන ගාස්තු අඩුකිරීමට අපොහොසත් වී ඇත.

හෙට (26) මධ්‍යම රාත්‍රීයේ සිට මෙම මිල අඩුකිරීම් ක්‍රියාත්මක වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග පවසයි.

RSL

Related Posts