ලේ තැවරිච්ච ටයි කෝට් ඇඳගත්ත මිනීමරුවෝ සිල් රෙදි ඇඳගැනීමේ සුදානමක – ඇමති චම්පික

පසුගියදා මහනුවර ඇතිවූ කලහකාරී සිදුවීම් පිටුපස සිටින ලේ තැවරිච්ච ටයි කෝට් ඇඳගත්ත මිනීමරුවෝ සහ දේශපාලනඥයින් වහා හෙලි කිරීමට පොලීසිය පියවර ගත යුතු බව ජාතික හෙල උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ජාතික හෙළ උරුමයේ මහලේකම්, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ අද(26) දින වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව බත්තරමුල්ල හෙළ …

Continue Reading

යුද්ධයට බයේ පලාගිය ගෝඨා හිරේ යන්න බයේ ගත්ත තහනම් නියෝගය තවත් ඇඳෙයි

හමුදා සේවයේ සිටියදී යුද්ධයට බයේ එවක ඇමරිකාවට පලාගිය රාජපක්ෂ රෙජීමයේ ඝාතන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බවට සැලකෙන කුප්‍රකට ගෝඨාභය රාජපක්ෂ විසින් පැවති රෙජීම පාලන කාලය තුල සිදුකළ දූෂණ-වංචා-ඝාතන නඩුවලට අදාළව සිරගත කරවීයැ’යි බියෙන් පොදු දේපල පනත යටතේ තමාට එරෙහිව නීතිමය පියවර ගැනීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය අද(26) යළිත් වරක් දීර්ඝ කරගැනීමට සමත්ව ඇත. පොදු දේපල පනත යටතේ ගෝඨාභය …

Continue Reading

එජාපයේ බලාපොරොත්තු බිඳ වැටේ.. පළාත් පාලන රැසක බලය අහිමිවෙයි

පැවති පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවල බලයත් ඔවුන් අතින් ගිලිහී යන තත්වයට පත්ව ඇති අතර, එජාපයේ මන්ත්‍රීවරුන් පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් බලයට පත්කිරීම සඳහා සහය ලබාදෙමින් සිටිති. අද (26) බලය පිහිට වූ දෙහිවල-ගල්කිස්ස මහා නගර සභාව, ගාල්ල මහා නගර සභාව, මොරටුව මහා නගර සභාව යන පළාත් පාලන ආයතන එක්සත් …

Continue Reading

හිමිදිරි පාන්දර අතුරුගිරියේදී තවත් වෙඩි තැබීමක්

අතුරුගිරිය පොලිස් වසමට අයත් මාලඹේ, ජෝතිපාල මාවතේ නිවසකට අද අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. ජෝතිපාල මාවතේ 14 වන පටුමගේ නිවසකට අද(26) අලුයම 2.40ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත. ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර අදාළ නිවසේ ජනෙල්වලට හා බිත්තිවලට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබේ. වෙඩි තැබීම …

Continue Reading

අපරාධකරුවන් අල්ලන ලංකාවේ රතු නිවේදන ඩුබායිවලදී කුණු කූඩයට යන හැටි

පසුගිය වසර ගණනාවක් පුරා පොලිසියට අත්‍යවශ්‍ය බවට රතු නිවේදන නිකුත් කරනු ලැබ සිටින සහ ජාත්‍යන්තර වරෙන්තුවලට ලක්වූ පාතාල සහ වෙනත් අපරාධවලට සම්බන්ධ මෙරට අපරාධකරුවන් රැසක් සහ ජාත්‍යන්තර රතු නිවේදන ලද උදයංග වීරතුංග වැනි පුද්ගලයින් ඩුබායිහි නිදහසේ සිටින බවට මෙරට බුද්ධි අංශ මගින් තහවුරු කරගෙන තිබේ. පසුගිය කාලය තුළ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වී මෙරටට මත්ද්‍රව්‍ය එවනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාතාල …

Continue Reading

මුස්ලිම් කොංග්‍රසය රනිල්ට එරෙහිව එජාපයෙන් ඉවත් වෙයි!

මේ වන අග්‍රාමාත්‍යධුරයේ රැඳී සිටින රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව මුස්ලිම් ක්‍රොංග්‍රසය තම සහය ලබාදිය හැකි බවට වන ප්‍රකාශයක් එහි නායක රවුෆ් හකීම් මහතා විසින් සිදුකර තිබේ. පසුගිය පළාත් පාලන මැතිවරණයට පෙර එක්‌සත් ජාතික පක්‍ෂය ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය සමඟ ඇතිකර ගන්නා ලද එකඟතාවන් අනුව ක්‍රියා නොකර විශ්වාසය කඩකිරීම් දිගටම සිදු කරන්නේ නම් ඊට දේශපාලනික …

Continue Reading

රනිල් ගැන ශ්‍රීලනිපය දෙගෙඩියාවක

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවට සහය පල කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීන්දු කිරීම සඳහා එළඹෙන සතිය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට තීරණය කර තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස එහිදී අවසන් තීරණය ගැනීමට නියමිත බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ …

Continue Reading

අය-වැයෙන් වෙන් කළ කෝටි 76,000න් 10,000ක් මුදාහැරලා

වසර 2018 අය-වැයෙන් රජය රටේ විසිරුණු සංවර්ධනයක් ඇති කිරීමට වෙන් කළ රුපියල් කෝටි හැත්තෑ හය දහසක (බිලියන 760) මුදලින්, රුපියල් කෝටි දස දහසක් දැනටමත් ඒ ඒ අමාත්‍යාංශවලට ලබාදී ඇතැයි මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කරයි. වසර 2018 අය-වැය මඟින් රටේ සමාජ, ආර්ථික, මහජන උපයෝගිතා යටිතල පහසුකම් සංවර්ධනය උදෙසා අමාත්‍යාංශ මට්ටමින් සිදු කරන ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 760ක මුදලක් වෙන් කොට තිබේ. මේ …

Continue Reading

කිරිපිටි මිල ඉහළ දැමීමට අනුමැතිය

කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 80 කින් වැඩි කිරීම සඳහා ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමි වී තිබේ. කිරිපිටි ආනයනය කර බෙදා හරින සමාගම් පාරිභෝගික අධිකාරියෙන් අවසර ඉල්ලා සිටියේ, ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙරට කිරිපිටි මිල වැඩි කරන ලෙසටයි. ඒ අනුව මේ ඉල්ලීම පාරිභෝගික අධිකාරිය ජීවන වියදම් කමිටුවට ඉදිරිපත් කරනු ලැබුණු අතර මේ සම්බන්ධයෙන් වන තීරණය පෙරේදා (23) පාරිභෝගික …

Continue Reading

යුද්ධය ගැන කියවන ගෝඨාභය ඇත්තටම යුද්ධ කරපු හැටි මෙන්න… සියල්ලන්ගේ දැනගැනීමට…

එල්.ටී.ටී.ඊ ය විසින් 2006 ජූලි 26 දින මාවිල්ආරු සොරොව්ව වසා දැමිණ. ෆොන්සේකා ඇඳේ සිටියදී ගෝටාබය අණ දුන් මෙහෙයුම් අතර සුප්‍රකට මාවිල්ආරුව ද අමතක කළ නොහැකිය. මෙම කාලය තුල මාවිල්ආරු ප්‍රදේශය භාරව සිටියේ බ්‍රිගේඩියර් මෙන්දක සමරසිංහ ය. මෙන්දක ගෝටාබයට ‘ග්‍රවුන්ඩ් සි‍ටුවේෂන්‘ කියාදීමට ගියේ නැත. “මිනිහ කොහෙද අයිෂෙ යුද්ධ කළේ, සිංගප්පූරුවේ ඇද උඩද යුද්ධ කෙලේ? මමනෙ යුද්දෙ පටන් ගත්තෙ. හමුදා මූලාස්ථානය ආරක්ෂා …

Continue Reading