පාර්ලිමේන්තුව නොවැ.14 වනදා වහාම කැඳවන ලෙස ජනපති කථානායකට නියෝග කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ (3)(I) අනුව ව්‍යවස්ථාවෙන් තමා වෙත පැවරී ඇති බලතල අනුව මෙලෙස පාර්ලිමේන්තුව කැඳවන දිනය ජනාධිපතිවරයා විසින් කථානායකවරයාට නියෝග කොට ඇත. ඒ අනුව, නොවැම්බර් මස 14 වන දින උදෑසන 10 ට පාර්ලිමේන්තුව කැඳවන බව ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇත. කෙසේ වෙතත් පසුගිය ඔක්තෝබර් මස 27 වන දින වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීමට ජනාධිපතිවරයා විසින් …

Continue Reading

එජාපයෙන් තවත් මන්ත්‍රීවරු මෛත්‍රී-මහින්ද ආණ්ඩුවට එක්වෙති

එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රීවරයෙක් අද(04) මෛත්‍රී-මහින්ද ආණ්ඩුවට සහය පළකර එක්වෙමින් අමාත්‍යධුරයක් ලබාගත්තේය. ඒ පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත පතිරණය. එජාප මන්ත්‍රී අශෝක ප්‍රියන්ත සංස්කෘතික අභ්‍යන්තර කටයුතු සහ වයඹ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අද(04) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේය. මීට අමතරව දිනේෂ් ගුණවර්ධන මහාමාර්ග හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය හා ඩිජිටල් …

Continue Reading

මන්ත්‍රීවරයෙකුගේ වචනයෙන්ම: ඔය යකා හැමදාම කළේ ඌට ඇනිච්ච වේලාවට අපිව අන්දලා කඩේ ඇරපු එක විතරයි

හිටපු අග්‍රාමාත්‍ය සහ වත්මන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හැමදාම සිදුකළේ ඔහු යම් අසීරුතාවයකට පත් වූ අවස්ථාවේ ඉන් ඔහු ගොඩ ඒම සඳහා එතෙක් කල් වචනයක් වත් කතා කිරීමට අවස්ථාව ලබානොදුන් ‘පයිසකටවත් ගණන් නොගත්’ මන්ත්‍රීවරුන්ට කතා කොට ඔවුන්ගෙන් උදව් ඉල්ලා, බොරු පොරොන්දු සහ බලාපොරොත්තු ලබාදී ඒ මොහොතේ එය ගොඩ දා ගැනීම බවත් ඉන් එහා ඔහු අපි ගැන යළි හැරී හෝ …

Continue Reading

මහින්දගේ ආණ්ඩුවට සහය දෙන්න අපි සුදානම් නැහැ

පසුගිය ඔක්තෝබර් මස 26 වන සිකුරාදා දින, පාර්ලිමේන්තු රැස්වීම් අවසන් වීමෙන් පසු, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් ක්‍රීයාමාර්ග සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයට අයත් පක්ෂවල නායකයින් සමඟ පැවති සම්බන්ධීකරණ කමිටුව ඊයේ (02) පස්වරුවේ රැස්වීමෙන් අනතුරුව පහත සඳහන් තීරණවලට එළඹී ඇත. 1. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තනතුර දරමින් සිටින අග්‍රාමාත්‍යවරයා සිය තනතුරෙන් පහකිරීමේ බලය ජනාධිපතිවරයාට නොමැත. 19 වන ආණුඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර …

Continue Reading

ජනපති ගත් නිර්භීත තීන්දුවට මහා සංඝරත්නයේ ආශිර්වාදය (වීඩියෝ)

රටට, ජාතියට කොඩිවිනයක් වූ පරගැති රනිල් වික්‍රමසිංහ සහ නඩය ගෙන ගිය ආණ්ඩුවෙන් ජනාධිපතිවරයා ඉවත්ව මහින්ද රාජපක්ෂ වැනි දේශීයත්වයට පණපොවන මාතෘ භූමිය ආරක්ෂා කරන ඊට ආදරය කරන නායකයෙකු සමඟ ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීන්දුව මේ රටේත්, සම්බුද්ධ ශාසනයේත් ප්‍රගමනය වෙනුවෙන් ගත් ඉතා වැදගත් තීන්දුවක් බවත්, ඊට මහා සංඝරත්නයේ පූර්ණ ආශිර්වාදය හිමිවන බව මෙරට විශ්ව විද්‍යාලවල කථිකාචාර්ය හිමිවරුන් ඇතුළු මහාසංඝරත්නය …

Continue Reading

දෙමළ ජාතික සන්ධානය දෙකඩ කරමින් මෛත්‍රී-මහින්ද ආණ්ඩුව දෙසට එයි

මෙතෙක් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ කිසිඳු අමාත්‍ය පදවියක් නොදැරූ දෙමළ ජාතික සන්ධානය අද(02) පළමු වතාවට මෛත්‍රී-මහින්ද නව ආණ්ඩුවේ අමාත්‍ය පදවියක් ලබාගනිමින් එහි මන්ත්‍රීවරයෙක් ජනාධිපතිවරයාට සහ නව අගමැතිවරයාට සහය පළකිරීමට එක්විය. එලෙස ආණ්ඩුවට එක්වූයේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ එස්. වියාලේන්දිරන් මන්ත්‍රීවරයා වන අතර ඔහු ප‍්‍රාදේශීය සංවර්ධන (නැගෙනහිර සංවර්ධන) නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය. මීට …

Continue Reading

මිලියන 500ක මුදල් සාවද්‍ය පරිහරණයට ලක් කළ ගාමිණි සෙනරත් ඇතුළු සිව් දෙනාගේ නඩුව නොවැ 7 සිට විභාගයට

ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් ඇතුළු සිව්දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 7 වැනි දා සිට විභාග කිරිමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) තීරණය කළේය. මෙම නඩුව සම්බන්ධයෙන් අභියාචනයක් කිරිමට සඳහා විභාගය කල් තබන්නැයි විත්ති පාර්ශවයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප …

Continue Reading

පාර්ලිමේන්තුව කැඳවන දිනය ජනපති නියමයෙන් කථානායක දැනුම් දෙයි

ජනාධිපතිවරයා සමඟ තමන් සිදුකළ පැය එකහමාරක පමණ දිර්ඝ සාකච්ඡාවේ ප්‍රතිථලයක් ලෙස ජනාධිපතිවරයා තමාට කථා කොට පාර්ලිමේන්තුව නොවැම්බර් මස 7 වන බදාදා දිනයේ දී කැඳවීමට දැනුම් දුන් බව කථානායක කරු ජයසුරිය අද දැනුම් දුන්නේය. කථානායක කරූ ජයසූරිය සහ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. අද(02) පෙරවරු 10.00ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මෙම හමුව ආරම්භ වී තිබේ. …

Continue Reading

මෛත්‍රී-මහින්ද ආණ්ඩුව වැඩ පෙන්වයි; ජනතාවට සහන සිල්ලරට නොව තොග පිටින් දෙයි!

සාමාන්‍යයෙන් රජයක් තමන්ට වාසිදායක ලෙස ජනතාවට සහන ලබාදෙනු ලබන්නේ ඔවුන් ඉදිරිපත් කරන අය-වැයෙන් වන අතර එය සිදුකරනු ලබන්නේද දේශපාලන න්‍යාය පත්‍රයක් මතය. එහෙත් නව මෛත්‍රී-මහින්ද ආණ්ඩුව පිහිටුවා සතියක් උදාවන මොහොතක බදු බරින් සහ ආර්ථික බරින් බැට කෑ ජනතාවට සහන ලබාදීම අරඹා තිබේ. ඒ අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා රැසක බදු අඩුකිරීමට ඇතුළු ආර්ථික සහන ලබාදීමට අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ අමාත්‍යධුරය දරන …

Continue Reading

ජනතාව මත බර පැටවූ මංගලගේ මොංගල් සුත්‍ර යුගය අවසන්; ඉන්ධන මිල පහළට

පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීමට රජය තීරණ කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. නව රජයේ අග්‍රාමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයාද වන මහින්ද රාජපක්ෂ විසින් පසුගිය රජයේ මංගල සමරවීර විසින් පනවා තිබූ , මේ රටේ ජනතාව ගොනාට අන්දවමින්, උපහාසයටත් ලක්කළ මොංගල් මංගලගේ මිල සූත්‍රය ඊයේම (31) අහෝසි කර දැමුහ. ඒ අනුව ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු වී …

Continue Reading