ජනපති ගත් නිර්භීත තීන්දුවට මහා සංඝරත්නයේ ආශිර්වාදය (වීඩියෝ)

Spread the love

රටට, ජාතියට කොඩිවිනයක් වූ පරගැති රනිල් වික්‍රමසිංහ සහ නඩය ගෙන ගිය ආණ්ඩුවෙන් ජනාධිපතිවරයා ඉවත්ව මහින්ද රාජපක්ෂ වැනි දේශීයත්වයට පණපොවන මාතෘ භූමිය ආරක්ෂා කරන ඊට ආදරය කරන නායකයෙකු සමඟ ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීන්දුව මේ රටේත්, සම්බුද්ධ ශාසනයේත් ප්‍රගමනය වෙනුවෙන් ගත් ඉතා වැදගත් තීන්දුවක් බවත්, ඊට මහා සංඝරත්නයේ පූර්ණ ආශිර්වාදය හිමිවන බව මෙරට විශ්ව විද්‍යාලවල කථිකාචාර්ය හිමිවරුන් ඇතුළු මහාසංඝරත්නය අද (03) පැවසීය.

ජාතික ආණ්ඩුවෙන් ඉවත්විමට ජනාධිපතිවරයා ගත් තීරණයට බොහෝ පිරිසකගේ ප්‍රසාදය හිමිවන බව ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී මහාචාර්ය පූජ්‍ය පල්ලේකන්දේ රතනසාර හිමියන් අවධාරණය කළහ.

එසේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය ධුරය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට කටයුතු කිරිම නුවනක්කාර තීරණයක් බවත් මෙහිදී මහා සංඝරත්නයේ සියලු දෙනා වහන්සේලා පැවසූහ.

RSL

Related Posts