ශ්‍රී ලංකාව වෙනුවෙන් බ්‍රිතාන්‍යය රු.බිලියන1.2 ක් වැය කරලා

Spread the love

උතුරු ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා 2010 වසරේ සිට මේ දක්වා බ්‍රිතාන‍ය රජයෙන් රුපියල් බිලියන 1.2 ක මුදලක් ලබා දී ඇතැයි බ්‍රිතාන‍ය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය නිවේදනය කොට තිබේ.

බිම්බෝම්බ ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් ලබා තිබුණද ශ්‍රී ලංකාව 2020 වසරේදී බිම්බෝම්බ වලින් තොර ශ්‍රී ලංකාවක් බවට පත්කිරීමට මුළු ලෝකයම බලාපොරොත්තු වූ සිහිනය තවත් වසර කීපයකින් කල් යාම පිළිබඳව කණගාටු වන බවද බ්‍රිතාන්‍ය විදේශ කටයුතු පිළිබද අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කොට ඇත.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව බිම්බෝම්බ වලින් තොර රටක් බවට පත් කිරීම සඳහා ලෝකයේ බොහෝ රටවල් ගෙන යන උත්සාහයට බ්‍රිතාන‍ය රජයද එක්වන බව පවසා ඇති ලේකම්වරයා 2019/20 වර්ෂ සඳහාද ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා ආධාර සපයා දීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කොට ඇති බවද ප්‍රකාශ කොට තිබේ.

ශ්‍රී ලංකාව බිම්බෝම්බ සම්බන්ධයෙන් වූ ජාත්‍යන්තර ප්‍රඥප්තීන් කීපයකටම පසුගිය කාලයේදී අත්සන් තැබීමත් සමඟම ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් විදෙස් රටවල් ගණනාවකම අවධානය යොමු වී තිබේ.

පසුගිය වසරේ ස්විස්ටර්ලන්තයේදී පැවති සම්මේලනයකදී ශ්‍රී ලංකාව බිම්බෝම්බ වලින් තොර රටක් බවට පරිවර්ථනය කෙරෙන වසර 2020 ලෙස නම් කොට තිබුණද බිම්බෝම්බ ඉවත් කිරීම පිණිස පැමිණ සිටි ජාත්‍යන්තර සංවිධාන ගණනාවක්ම රටින් පිටව ගොස් සිටීම නිසා ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කොට බිම්බෝම්බ වලින් තොර රටක් බවට පත් කිරීම 2025 වසර දක්ව කල් යනු ඇතැයි එම සම්මේලනයේදී තීරණය විණි.

නමුත් 2015 වර්ෂයට පෙර එම ඉලක්කය සපුරා ගැනීමට හැකි පරිසරයක් ගොඩ නැගීමට මේ දිනවල ලෝකයේ බොහෝ රටවල අවධානය යොමු වී තිබේ.

RSL

Related Posts