නකල්ස්‌ රක්‍ෂිතයේ හෙක්‌ටයාර් 8555ක්‌ වනසන්න සැරසෙයි

Spread the love

ලෝක උරුමයක්‌ සහ ජෛව විවිධත්වයෙන් යුතු සංවේදී වනාන්තරයක්‌ වන නකල්ස්‌ රක්‍ෂිතය මායිමේ ඉඩම් හෙක්‌ටයාර 8555 ක්‌ අක්‌කරය රුපියල් 2857 බැගින් 35 අවුරුදු බදු පදනම යටතේ බදු දී ඇත.

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්‌කරණ ව්‍යාපාරය පැවසුවේ දේශපාලනඥයන්ගේ පෞද්ගලික අවශ්‍යතා මත මේ ගනුදෙනුව සිදුවී ඇති බවය. රාජ්‍ය වැවිලි සංස්‌ථාවට සහ ඇල්කඩුව වැවිලි සමාගම්වලට මෙම ඉඩම් අයත් ය. රාජ්‍ය වැවිලි සංස්‌ථාවට අයත් හෙක්‌ටයාර් 9675 න් හෙක්‌ටයාර් 6192 කුත් ඇල්කඩුව වැවිලි සමාගමට අයත් හෙක්‌ටයාර් 3693 ක්‌ හෙක්‌ටයාර් 2363 ක්‌ මෙලෙස බදුදී තිබේ. මෙම ඉඩම්වලින් අලේකොල, කොටගල, ගල්පිහිල්ල ගෝමරේ, හග්ගල්ල හෙයාර්-පාර්ක්‌ හුන්නස්‌ගිරිය, කැලෑබොක්‌ක, මැදවත්ත, නිකලොය රංගල, ඔපල්ගල රාජ්‍ය වැවිලි සංස්‌ථාව සතුය. බණ්‌ඩාරපොල. ඇල්කඩුව, හුණුගල, පිටකන්ද, රත්වත්ත, සැලගම, හපුගස්‌පිටිය,මිල්ලවාන සහ නාලන්ද ඇල්කඩුව වැවිලි සමාගම සතුය.

මහවැලි ප්‍රධාන ජලපෝෂකය වන්නේ නකල්ස්‌ වනාන්තරයයි. මහා පරිමාණ කුකුළු ගොවිපළ, ඛනිජ කැණීම්, සංචාරක හෝටල් පවත්වාගෙන යැමෙන් පාරිසරික ප්‍රශ්නවලට අතිරේකව විවිධ සමාජ ප්‍රශ්නත් නිර්මාණය වී ඇතැයි පරිසරවේදී ගාමිණී ජයතිස්‌ස මහතා පැවසීය.

-දිවයින-

RSL

Related Posts