අය-වැය 2022 සඳහා පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රී යෝජනා ලබාගැනීම අගමැතිගේ ප්‍රධානත්වයෙන්

අය-වැය 2022 සම්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ යෝජනා ලබා ගැනීම වෙනුවෙන් වන පළමු සාකච්ඡාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සංවිධානය කළ මෙම හමුවේ දී ග්‍රාමීය, ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමින් ඉටුකළ යුතු කාර්යයන්, ජාතික මට්ටමින් අවධානය යොමුකළ යුතු කාර්යයන් සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම යන …

Continue Reading

මසකට ටොන් 1000ක් කාබනික පොහොර නව තාක්ෂණයෙන් නිපදවීම ආරම්භ කරයි

දිවයිනේ  ප්‍රථම වතාවට සෑම බෝගයකටම යෙදිය හැකියි ගුණාත්මක බවින් යුත් කැට සහිත කාබනික පොහොර ටොන් දහසක් නිෂ්පාදනයකි කිරීමේ නව වැඩපිළිවෙළ අද  (11) දින පෙරවරුවේ දඹුල්ල සීඅයිසී පෞද්ගලික ආයතනයේ දී ආරම්භ කෙරිණි. ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත දිවයිනේ සෑම සීඅයිසී පෞද්ගලික ගොවිපලවල  නිෂ්පාදනය කරන කාබනික පොහොර දඹුල්ල සීඅයිසී ආයතනයට රැගෙනවිත් අනෙකුත් සියලු සංඝටක එකතු කොට තවත් පෞද්ගලික ආයතනයක් සමග  සෑම …

Continue Reading

‘රට විරුවන්ගේ PCR පරීක්ෂණ සහ රැපිඩ් PCR පරීක්ෂණ නොමිලේ සිදුකළ යුතුයි‘

රට විරුවන්ගේ PCR පරීක්ෂණ සහ රැපිඩ් PCR පරීක්ෂණ ජාත්‍යන්තර ගුවන්තොටුපළ රසායනාගාර තුළ නොමිලේ සිදු කිරීමට තීරණය කළ යුතු යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියයි. එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා විසින් අද (11) මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සදහන් වේ. මැදපෙරදිග රටවල් සදහා ශ්‍රමිකයන් යැවීමේදී සාමාන්‍ය PCR පරීක්ෂණයට අමතරව රැපිඩ් PCR පරීක්ෂණයක් අවශ්‍ය බව කියමින්, කොමිස් …

Continue Reading

ගෑස් අර්බුදයේ ඉදිරි දවස් පහ තීරණාත්මකයි

ගෑස් අර්බුදයට විසඳුම් සෙවීම ‘අද නොවෙයි හෙට‘ ට කල් දැමීම හේතුවෙන් රට තුල දැවැන්ත ගෑස් අර්බුදයක් මතුව ඇත. ඉදිරි දින 4 ගෑස් හිඟය උපරිම මට්ටමට පැමිණෙනු ඇති අතර, සෑම දින 2 ½ කට වරක්ම රටට ගෑස් නැවක් ගෙන්වා ගැනීමට අසමත් වන්නේ නම් රටේ දෛනික ජන ජීවිතය බිඳ වැටෙත තත්වයක් නිර්මාණය විය හැකි බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි. ලිට්රෝ සමාගමේ ගෑස් …

Continue Reading

රට ඉතාමත් විශාල අර්බුදයකට යෑමට ඇති හැකියාව සක් සුදක් සේ පැහැදිලියි

රෝහල් ධාරිතාව උපරිමයක් කරා ළඟා වීම නිසා කොවිඩ් රෝගීන් පමණක් නොව අනෙකුත් රෝගීන් ද මරණයට පත්වීම නොවැලක්විය හැකි බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති. එබැවින් කල් නොමරා හැකි ඉක්මනින් දැඩි සංචරණ සීමා පනවන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. එන්නත්කරණය සම්පූර්ණ කිරීමට තවත් මාස 2-3 ත් අතර කාලයක් ගත වෙන බව එම සංගමය පෙන්වා දෙයි. තවදුරටත් රෝගය පැතිරීම වැළැක්වීමට ඇති ප්‍රධානම …

Continue Reading

පූර්ණ එන්නත්කරණය සිදුකරන තුරු රට ආරක්‍ෂිත නෑ – මහාචාර්ය නීලිකා මලවිගේගෙන් අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ මේ වන විට දිනකට රෝගීන් 100කට ආසන්න සංඛ්‍යාවක් කොරෝනා රෝගය නිසා මරුමුවට පත්වන අතර ආසාදිතයන් සඛ්‍යාව 3000කට ආසන්න මට්ටමකට පත්වීමත් සමඟ වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ සංචරණ සීමා නොපැනවුවහොත් පවතින තත්ත්වය මෙයට වඩා භයානක විය හැකි බවයි. ගුරුවරුන්ට හා අදාල පුද්ගලයින්ට එන්නත්කරනය අවසන්කර අගෝස්තු මස අග හෝ සැප්තැම්බර් මස මුල සතියේ සිට ක්‍රම ක්‍රමයෙන් පාසල් විවෘත කිරීමට බලාපොරොත්තු වූවත් මේ …

Continue Reading

කොවිඩ්-19 ආසාදිත මරණ 118ක් – ලංකාවෙන් වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාව

ශ්‍රී ලංකාව තුළ එක් දිනකදී සිදු වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන බව රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුව විසින් අද (10) දින නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා. ඊයේ (09) දින තහවුරු කර ඇති අතර එම මරණ 118ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,340ක් දක්වා ඉහළ යනවා.. මෙම මරණ අතර කාන්තාවන් 39 දෙනෙකු …

Continue Reading

නිවාසවල ප්‍රතිකාර ලබන ‘කොවිඩ් රෝගීන් සහ උපස්ථායකයින්‘ දැන සිටිය යුතු කරුණු

රෝග ලක්ෂණ නොපෙන්වන සහ සුළු රෝග ලක්ෂණ සහිත කොවිඩ් රෝගීන්ට නිවෙස්වලදීම ප්‍රතිකාර ලබා දීම සිදු කෙරේ. ඔවුන් ඒ සඳහා යොමු කෙරෙන්නේ රැපිඩ් ඇන්ටිජන් (RAT) හෝ PCR පරීක්ෂණයකින් COVID-19 ආසාදිත බව තහවුරු වීමෙන් පසුවය. එසේ නිවෙස් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් සහ ඔවුන්ගේ උපස්ථායකයන් දැන සිටිය යුතු කරුණු පිළිබඳ කෙටි විමසුමකි මේ (මූලාශ්‍රය: සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය). නිවෙස් තුළ ප්‍රතිකාර ලැබිය යුත්තේ කවුරුන්ද? සංකූලතා නොපෙන්වන …

Continue Reading

කවුරුත් කරනකම් බලා ඉන්න එපා ! තමන්ගේ ආරක්ෂාව තමන්ම බලා ගන්න – සුදර්ශනී

‘රටේ ජනතාව ට මම කියන්නේ කවුරුත් රජය කරයි, සෞඛ්‍ය අමාත්‍යාංශය කරයි කියලා බලාගෙන ඉන්න එපා. මේ ජීවිතේ වටිනාකම තියෙන්නේ ඔබට. ඔබගේ පවුල ආරක්ෂා කර ගන්න. ඒ නිසා කවුරු ලොක්ඩවුන් කරන කල් නීති දානකල් ඉන්න එපා. තම තමන් ආරක්ෂා වෙන්න දැනගන්න‘ හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ කුප්‍රකට කියමනක් යළි සිහි ගන්වමින් මේ ප්‍රකාශය කළේ රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියයි. අද (10) …

Continue Reading

රට වසා දැමීම ගැන රජයේ ස්ථාවරය කුමක්ද ? කෙහෙළිය හෙළි කරන කතාව

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරිනීතිය පැනවීමේ තීන්දුවක් ගන්නේ ඒ සඳහා අත්‍යාවශ්‍යම තත්වයක් ඇතිවුවහොත් පමණක් බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. ජනමාධ්‍ය අමාත්‍යවරයා බව පැවසුවේ අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි. මෙහිදී වත්මන් තත්ත්වය ගැන වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ කැබිනට් ප්‍රකාශකවරයා, ‘සෞඛ්‍ය අංශවලින් සිදුකරන කොරෝනා පාලන කටයුතුවලට අවශ්‍ය සියලු සහය …

Continue Reading