කවුරුත් කරනකම් බලා ඉන්න එපා ! තමන්ගේ ආරක්ෂාව තමන්ම බලා ගන්න – සුදර්ශනී

Spread the love

රටේ ජනතාව ට මම කියන්නේ කවුරුත් රජය කරයි, සෞඛ්‍ය අමාත්‍යාංශය කරයි කියලා බලාගෙන ඉන්න එපා. මේ ජීවිතේ වටිනාකම තියෙන්නේ ඔබට. ඔබගේ පවුල ආරක්ෂා කර ගන්න. ඒ නිසා කවුරු ලොක්ඩවුන් කරන කල් නීති දානකල් ඉන්න එපා. තම තමන් ආරක්ෂා වෙන්න දැනගන්න

හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ කුප්‍රකට කියමනක් යළි සිහි ගන්වමින් මේ ප්‍රකාශය කළේ රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියයි.

අද (10) පැවැතිගම්පහ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ඒ බව කීවාය.

මේ වනවිට මෙරට රෝගීන් වාර්තා වීම 30%කින් සහ කොවිඩ් මරණ 48.8%කින් ඉහළ ගොස් ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.

‘‘මගේ මතය වැඩක් නෑ. තීන්දු ගන්න අය තීන්දු ගනී. නමුත් අවදානමක ඉන්නේ. රටේ ජනතාව ට මම කියන්නේ කවුරුත් රජය කරයි සෞඛ්‍ය අමාත්‍යාංශය කරයි කියලා බලාගෙන ඉන්න එපා. මේ ජීවිතේ වටිනාකම තියෙන්නේ ඔබට. ඔබගේ පවුල ආරක්ෂා කර ගන්න. ඒ නිසා කවුරු ලොක්ඩවුන් කරන කල් නීති දානකල් ඉන්න එපා. තම තමන් ආරක්ෂා වෙන්න දැනගන්න. කිව්ව විදියට සෞඛ්‍ය උපදෙස් ටික පිළිපඳින්න. අනවශ්‍ය ගමන් සියල්ල නවත්වන්න. අනවශ්‍ය සාද ටික නවත්වන්න. අනවශ්‍ය විදියට නෑදෑයෝ බලන්න යන එක නවත්වන්න. මේ කියන්නේ තමා ආරක්ෂා වෙන්න. මේක තමන්ගේ ජීවිතයත් එකක් තියෙන ප්‍රශ්නයක්. කොවිඩ් මර්දනය සඳහා ඇති එකම ප්‍රතිකර්මය රෝගය වැලඳී ම වළක්වා ගැනීම. මේ මාසය හරි අවදානම්. ගෙදරට ම වෙලා ඉන්න‘‘

Related Posts