අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කරයි

මහජන ආරක්ෂක ආඥා පනතේ 2වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, එම ආඥා පනතේ ii වන කොටසේ විධිවිධාන බලාත්මක කරමින්, 5 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව සකස් කරන ලද, අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කර තිබේ. වී, සහල්, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර තොග සැඟවීම්, අධික මිල ගණන් …

Continue Reading

ගැබිනි කතුන් 4200කට කොවිඩ් – 900ක් රෝහල්වල – 32ක් මරුට

මේ වන විටත් ශ්‍රී ලංකාවේ ගැබිනි මව්වරුන් 4200 ක් පමණ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන්ගෙන් 900 දෙනකු දැනට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චිත්‍රමලී ද සිල්වා මහත්මිය පැවසුවාය. අද (30) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය කියා සිටියේ කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන් 32 දෙනෙකුට මේ දක්වා ජීවිත අහිමි වී …

Continue Reading

ලංකාවෙන් වාර්තා වූ වැඩි කොවිඩ් ආසාදිත මරණ ගණන තහවුරු කරයි

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ්-19 මරණ සංඛ්‍යාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (30) තහවුරු කර තිබෙනවා. ඒ අනුව ඊයේ (29) දින කොවිඩ්-19 ආසාදනය වීමෙන් පුද්ගලයින් 216 දෙනකු මියගොස් තිබෙනවා. මෙම මරණ 216ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,991ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ සිදුව ඇති එම කොවිඩ් මරණ 216න් 101 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු …

Continue Reading

දිනේෂ් ප්‍රියන්තගෙන් පැරා – ඔලිම්පික් ලෝක වාර්තාවක්

පැරා ඔලිම්පික් උළෙලකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයකු දිනාගත් පළමු රන් පදක්කමට හිමි වාර්තාව තමා සතු කරගනිමින් ටෝකියෝ නුවරදී මේ දිනවල පැවැත්වෙන පැරලිම්පික් උළෙලේ එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේදී නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත අද (30 වැනිදා) සමත් විය. ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව නියෝජනය කරන 35 හැවිරිදි දිනේෂ්, 2016 වසරේදී පැවැති …

Continue Reading

ෆයිසර් එන්නත මිලිටරීකරණයට එරෙහිව GMOA දැඩි විරෝධය (වීඩියෝ)

යුද හමුදාවට එන්නත්කරණය සම්බන්ධ පූර්ණ බලය ලබා දීමේ තීරණය පිළිබදව සිය සංගමය දැඩි විරෝධය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (30) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් අවධාරණය කරයි. මෙම අවිධිමත් වැඩපිළිවෙළ හැකි ඉක්මනින් නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු ගන්නා ලෙස ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යවරයා ලිඛිතව දැනුවත් කිරීමට තම සංගමය අද දින කටයුතු කළ බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් …

Continue Reading

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ඉන්දීය සැලසුම් එළියට

පුනර්ජනනීය බලශක්තිය අතින් ඉන්දියාව වේගයෙන් වර්ධනය වන රටක් බව මධ්‍යම ආණ්ඩුවේ විදුලිබල ඇමති ආර්කේ සිං දේශගුණය සඳහා වූ ඇමරිකානු විශේෂ ජනාධිපති නියෝජිත ජෝන් කෙරීට පැවසීය.ඊයේ (බ්‍රහස්පතින්දා) සවස මධ්‍යම රජයේ විදුලිබල හා නව හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ආර්කේ සිං සමඟ දුරකථනයෙන් කළ සාකච්ඡාවේදී ජෝන් කෙරී හරිත බලශක්ති සඳහා ඉන්දියාවේ උත්සාහය සහ ජයග්‍රහණ අගය කළේය. දුරකථන සාකච්ඡාවේදී, හරිත බලශක්තියෙ හි ගෝලීය නායකයෙකු …

Continue Reading

එංගලන්තය ප්ලාස්ටික් දූෂණයට එරෙහිව නව නීති හදයි

“ප්ලාස්ටික් වලට එරෙහි යුද්ධය –war on plastic ” ලෙස හඳුන්වන ව්‍යාපෘතියේ එක් අංශයක් ලෙස ‘එක් වරක් පමණක් භාවිතා කරන‘ ප්ලාස්ටික් උපකරණ තහනම් කිරීමට එංගලන්තය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව එක් වරක් භාවිතා කළ හැකි ප්ලාස්ටික් හැදි, ගෑරුප්පු, පිඟන් කෝප්ප සහ පොලිස්ටිරින් කෝප්ප තහනම් කිරීම එංගලන්තයේ සැලසුමයි. රජය පැවසුවේ මෙම පියවර කසළ අවම කිරීමට සහ සාගර වල ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු …

Continue Reading

ලෝකය කෙළවරේම පිහිටි දූපත සොයා ගනී

ලෝකයේ උතුරු කෙළවර වශයෙන් සැලකෙන උත්තරාර්ධ ගෝලයේ වඩාත්ම ඈතින් පිහිටි දූපත විද්‍යාඥයින් විසින් සොයා ගෙන තිබෙනවා. ග්‍රීන්ලන්ත වෙරළට ඔබ්බෙන් පිහිටි වර්ග මීටර් 60×60 ප්‍රමාණයෙන් යුත් මෙම දූපත සොයා ගෙන ඇත්තේ පසුගිය ජූලි මාසයේදීයි. පසුගිය ජූලි මාසයේදී විද්‍යාඥයන් එහි ගොස් ඇත්තේ 1978 සිට දන්නා ඕඩාක් දූපත යැයි සිතන සාම්පල එකතු කිරීම සඳහා යි. නමුත් ආක්ටික් දූපත් ලියාපදිංචි කිරීම භාරව සිටි ඩෙන්මාර්ක …

Continue Reading

ඇෆ්ගනිස්ථානයේ තලේබාන් ආණ්ඩුව පිළිගන්නේද නැද්ද ? – ඉන්දීය රජයේ ස්ථාවරය

කාබුල්හි නව රජයක් පිහිටුවන කිසිදු පාර්ශ්වයක් පිළිබඳව මේ වන විට පැහැදිලි බවක් නොමැති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි ඊයේ (27) පැවැති සතිපතා මාධ්‍ය හමුවකදී පැවසීය. ඇෆ්ගනිස්ථානයේ තලේබාන් නායකත්වයෙන් යුත් රජයක් ඉන්දියාව පිළිගන්නේද නැද්ද යන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ “ඇෆ්ගනිස්ථානු භූමියේ තත්ත්වය අවිනිශ්චිතයි. මූලික වශයෙන් සැලකිලිමත් විය යුත්තේ මිනිසුන්ගේ ආරක්‍ෂාව ගැනයි. දැනට, කාබුල්හි රජයක් පිහිටුවන කිසිදු පාර්ශ්වයක් ගැන …

Continue Reading

ආණ්ඩුව ජනතාවගේ සහන කප්පාදු කරමින් ගජමිතුරු මාෆියාවට සහන දෙනවා

කොරෝනා වසංගත තත්වය නොසලකා, දුප්පත් ජනතාවට ලබා දෙමින් තිබෙන සහන කපා දමමින් ගජ මිතුරු මාෆියාව සතුටු කිරීමට කටයුතු කිරීම නැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි. අද (29) උදෑසන අන්තර්ජාලය ඔස්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් එම පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජික සුනිත් හඳුන්නෙත්ති මේ බව පැවසීය. ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ මේ මොහොතේ සහන ලැබිය යුතුම ජනතාවට සහන ලබා දෙන ලෙස ආණ්ඩුවට …

Continue Reading