පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ඉන්දීය සැලසුම් එළියට

Spread the love

පුනර්ජනනීය බලශක්තිය අතින් ඉන්දියාව වේගයෙන් වර්ධනය වන රටක් බව මධ්‍යම ආණ්ඩුවේ විදුලිබල ඇමති ආර්කේ සිං දේශගුණය සඳහා වූ ඇමරිකානු විශේෂ ජනාධිපති නියෝජිත ජෝන් කෙරීට පැවසීය.ඊයේ (බ්‍රහස්පතින්දා) සවස මධ්‍යම රජයේ විදුලිබල හා නව හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ආර්කේ සිං සමඟ දුරකථනයෙන් කළ සාකච්ඡාවේදී ජෝන් කෙරී හරිත බලශක්ති සඳහා ඉන්දියාවේ උත්සාහය සහ ජයග්‍රහණ අගය කළේය.

දුරකථන සාකච්ඡාවේදී, හරිත බලශක්තියෙ හි ගෝලීය නායකයෙකු ලෙස නැගී සිටීමට ඉන්දියාවේ සැලැසුම ගැන සිං කෙරීට දැනුම් දුන් බව නිල නිවේදනයක් නිකුත් කරමින් ඇමැති සිං කියා සිටියේය.

පාරිසරික ගැටලු සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉහළම වැදගත්කමක් ලබා දෙන බව ඔහු කෙරීට අවධාරණය කළේය. බලය සහ තාක්‍ෂණය සඳහා නවෝත්පාදන ක්ෂේත්‍රයන්හිදී ඉන්දියාවට සහ එක්සත් ජනපදයට එකට කටයුතු කළ හැකි බව සිං කෙරීට යෝජනා කළේය. පුනර්ජනනීය බලශක්ති ගබඩා කිරීමේ පිරිවැය අඩු කිරීමේ අවශ්‍යතාවය ද සිං පෙන්වා දුන්නේය.

පොසිල ඉන්ධන (grey hydrogen) වෙනුවට හරිත හයිඩ්‍රජන් ආදේශ කිරීමේ රජයේ කැපවීමේ කොටසක් ලෙස රසායනික පොහොර යෙදීමෙහිදී හා පිරිපහදු කිරීමේදී හරිත හයිඩ්‍රජන් භාවිතා කිරීම අනිවාර්ය කිරීමට ඉන්දියාව යෝජනා කරන බව ද සිං කෙරීට දැනුම් දුන්නේය.

(green hydrogen – හරිත හයිඩ්‍රජන් යනු අඩු කාබන් බලශක්ති ප්‍රභවයන් මඟින් ජනනය වන විදුලිය සහිත ජලය විද්‍යුත් විච්ඡේදනය කිරීමෙන් ලබා ගන්නා හයිඩ්‍රජන් නිපදවන ඉන්ධනයකි – පරිවර්තක)

පුනර්ජනනීය බලශක්ති ධාරිතාව අතින් ඉන්දියාව වේගයෙන් වර්ධනය වන රටකි.

ස්ථාපිත සූර්‍ය හා සුළං බලාගාර ධාරිතාවයෙන් ගිගාවොට් 100 ඉක්මවා ඉන්දියාව මෑතකදී අත්පත් කරගත් ජයග්‍රහණය ගැන ඉන්දිය විදුලිබල ඇමති වරයා ජෝන් කෙරීට දැනුම් දුන්නේය. ජල විදුලි ධාරිතාවය එකතු කිරීමත් සමඟ ස්ථාපනය කරන ලද සමස්ත පුනර්ජනනීය බලශක්ති ධාරිතාවය මෙගාවොට් 147 කි. තවද, පුනර්ජනනීය බලශක්ති ධාරිතාවයෙන් ගිගාවොට් 63ක් සැපයීම වෙනුවෙන් බලාගාර ඉදිවෙමින් පවතින අතර එමඟින් පුනර්ජනනී බලශක්ති ධාරිතාව එකතු කිරීමේ දී ඉන්දියාව වේගයෙන් වර්ධනය වන රටක් බවට පත් වේ.

මිලෙන් තරඟකාරී හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනය සක්‍රීය කිරීම සඳහා ‘ජාතික හයිඩ්‍රජන් බලශක්ති මෙහෙයුම‘ (National Hydrogen Energy Mission) දියත් කර ඇති බව සිං කෙරීට දන්වා සිටියේය. හයිඩ්‍රජන් ඉන්ධනයක් ලෙස ශක්‍ය ලෙස භාවිතා කිරීමේ මාවත සකස් කිරීම සඳහා ඉදිරි මාස 3-4 තුළදී ඉන්දියාව හරිත හයිඩ්‍රජන් සඳහා තරඟකාරී ලංසු තබන බව ද ඔහු ඇමෙරිකානු විශේෂ නියෝජිත ජෝන් කෙරීට දැනුම් දුන්නේය.

බැටරි බලශක්ති ගබඩා කිරීම සඳහා යෙදවුම් ද්‍රව්‍ය සුරක්ෂිත කිරීම සඳහා ලිතියම් සඳහා විකල්ප සැපයුම් දාමයක් සැකසීමට ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය කටයුතු කළ යුතු බව සිං තවදුරටත් යෝජනා කළේය. බලශක්ති සංක්‍රාන්තිය පිළිබඳ සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා සිං සහ කෙරී ඉදිරියේදී මුණ ගැසීමට බලාපොරොත්තු වේ.

indianewsnetwork.com ඇසුරිණි

Related Posts