සිමෙන්ති කොට්ටයක් රුපියල් 1275 දක්වා ඉහළට

පාලන මිල ඉවත් කිරිමට පෙර රුපියල් 1005ක් වූ සිමෙන්ති කොට්ටයක මිල මේ වන විට රුපියල් 1275 දක්වා ඉහළ දැමීමට සිමෙන්ති නිෂ්පාදකයින් පියවර ගෙන තිබේ. මේ අතර ඇතැම් සිමෙන්ති සමාගම්වල සිමෙන්ති කොට්ටයක් රුපියල් 1375 ක් දක්වා ඉහළ දමා ඇතත් එය රුපියල් 100කින් ඉහළ දැමීමට අදාළ සමාගම් කැමැත්ත පළකළ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේය.

Continue Reading

ගෝලීය ආහාර මිල 30%කින් ඉහළට – ආහාර සහ කෘෂිකර්ම සංවිධානය

පසුගිය වසරේදී ගෝලීය ආහාර මිල ගණන් 30%කින් ඉහළ ගිය බවත් ඒ සමග ගෝලීය ආහාර මිල මේ වන විට දශකයකින් ඉහළම අගයට පත්ව ඇති බවත් එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය පවසයි. විශේෂයෙන් ධාන්‍ය සහ එළවළු තෙල් මිල මෙලෙස කැපී පෙනෙන ලෙස වැඩි වී ඇති බවයි ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසන්නේ. ‘‘පසුගිය මාසයේදී පමණක් වාර්තාගත ලෙස එළවළු තෙල් මිල සියයට …

Continue Reading

ඉන්දියාවේ COVAXIN එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගනී

ඉන්දියාවේ නිෂ්පාදනයක් වන කොවැක්සීන් එන්නත කොවිඩ්19 ට එරෙහිව ප්‍රතික්‍රියා කිරීමේදී සියයට 78 ක කාර්යක්ෂමතාවයක් ඇති බව සොයාගෙන ඇත භාරත් බයෝටෙක් විසින් නිපදවන ලද කොවැක්සීන් එන්නත හදිසි භාවිත ලයිස්තුව ඇතුළත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අවශ්‍ය පියවර ගත්තේය. එමඟින් දේශීයව නිපදවන ලද පළමු එන්නත ප්‍රථමයෙන්ම එය නිපදවූ ඉන්දියානු විද්‍යාඥයින්ට එන්නත් ලෙස ලබා දෙන ලදී. මෙයින් අදහස් කරන්නේ ඉන්දියාවේ නිෂ්පාදිත එන්නත විදේශ රටවල් …

Continue Reading

‘කඩෙන් හාල් කන්න බැරි නිසා මේ පාර අපිට කන්න අපි වගා කර ගන්නවා‘

දඹුල්ල ගොවිතජන සේවා බල ප්‍රදේශයයට අයත් පහලවැව වැවේ  මහ කන්නය සඳහා ජලය නිකුත් කිරීම් අද (06) දින  උදෑසන ගොවි  සංවිධාන නියෝජිතයන් විසින් සිදු කරනු ලැබූහ. රජය මගින් ලබාදී ඇති කාබනික පොහොර යොදා ගෙන මෙම වැව යටතේ පවතින සෑම කුඹුරුක් ම වගා කිරීම් සඳහා පහලවැව පාදෙණිය ගොවි සංවිධානය තීරණය කළ බව එහි සභාපති එම්.ජී. කරුණාදාස මහතා පැවසීය. ගොවීන් පිරිසක් වැව් බැම්ම …

Continue Reading

කාබනික වගාව ගැන නිසි දැනුවත් කිරීමක් අදාළ ආයතනවලින් සිදුවන්නේ නෑ

ජනතාවගේ සහ මහ පොළොවේ සෞඛ්‍ය සහතික කර නිරෝගීමත් රටක් ගොඩනැගීම සඳහා  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ක්‍රියාවට නංවා ඇති කෘෂිකාර්මික ජාතික ප්‍රතිපත්තිය යතාර්ථයක් බවට පත් කිරීමට රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ දායකත්වය ලබාදීම යුතුකමක් බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ ප්‍රකාශ කරති. කාබනික පොහොර භාවිතා කර කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවීන්ට පවතින ගැටලු සහ යෝජනා පිළිබඳ අනුරාධපුර, කුලියාපිටිය පදවිය ඇතුළු ප්‍රදේශ කිහිපයක ගොවීන් සහ කාබනික පොහොර නිෂ්පාදකයන් …

Continue Reading

ඥානසාර හිමියන් ජනතාවගෙන් කළ කාරුණික ඉල්ලීම

මාස හතරකින් ප්‍රතිපල පෙන්වන තුරු විවේචන නොකර බලා සිටින්නැයි එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකයේ සභාපති , පූජ්‍ය ගලගොඩඇත්තේ ඥානසාර හිමියෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති. අතීතය අමතක කරන ලෙසත්, පරිණත වයසක සිටින තමන් තැන්පත් ගමනකට සුදානම් වන අතර, ඊට දොස් නොපවරණ ලෙසත් උන්වහන්සේ බීබීසී සිංහල සේවය සමග පැවති සංවාදයකදී පැවසූහ. ජනාධිපති කාර්ය සාධක බලකායේ කටයුතු, ’69 ලක්ෂය’, …

Continue Reading

‘ගෝඨාභය රාජපක්ෂ පඹයෙක්‘ – ඩිව් ගුණසේකර කියයි

“දැන්නම් මගේ නිගමනය මේ ගෝඨාභය රාජපක්ෂ නිකන් පඹයෙක් මිසක් ඔහුට බලයක් නැහැ කියලා” යැයි වත්මන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු මහ ලේකම් ඩිව්. ගුණසේකර මහතා සඳහන් කරයි. ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (03) කොළඹදී පැවති සාකච්ඡා සභාවක් අමතමිණි. මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ ගුණසේකර මහතා‘‘නිදහසින් පස්සේ මහ ඔළමොට්ටල කැබිනට් එකක් තමයි මේකෙ තියෙන්නේ. හරක් රැලක් …

Continue Reading

කැනඩාවේ පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී එන්නත්කරණ සහතිකය අනිවාර්යයි

කැනඩාවේ පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී පූර්ණ එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කර ඇතැයි කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් (David Mckinnon) මහතා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමුවේ අද (4) පැවසීය. මෙම අනිවාර්ය කිරීම හරහා ව්‍යසනයෙන් තමන් ආරක්ෂා වන අතරම අනෙක් පුද්ගලයන්ටද එය පැතිරීම වළක්වා ගැනීමට යහපත් පියවරක් වී ඇතැයි මහ කොමසාරිස්වරයා කීය. කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකින් ( David Mckinnon) මහතා අද (4) සවස …

Continue Reading

චීන අසූචි නැව පාවෙන ජීවවිද්‍යාත්මක බෝම්බයක් – ජාතික අවදි සභාවෙන් හෙළිදරව්වක්

ගජමිතුරු ජාවාරම්කාර කොම්පැනියක් මගින් ඇණවුම් කළා යයි කියන ආන්දෝලනාත්මක වස විස රැගත් චීන පොහොර නැව ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ඇතුළුවීමට උත්සාහ ගනිමින් තිබීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ජාතික අවදි සභාව විසින්  කැඳවූ මාධ්‍ය හමුවක් අද (04) බත්තරමුල්ලේදී පවත්වන ලදී. ජාතික අවදි සභාවේ  කැඳවුම්කරු හිටපු පළාත් සෞඛ්‍ය අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහගේ ප්‍රධානත්වයෙන් සහ ජාතික අවදි සභාවේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් …

Continue Reading

ඉන්දියාවේ සිට ගුවනින් තවත් නැනෝ නයිට්‍රජන් දියර පොහොර තොගයක් මෙරටට

මෙවර මහ කන්නය සඳහා භාවිතා කිරීමට ඉන්දියාවෙන් ආනයනය කළ තවත් නැනෝ නයිට‍්‍රජන් දියර පොහොර ලීටර් 145,152ක් අද (04) අළුයම ගුවන් මගින් මෙරටට රැගෙන එන ලදී. හදිසි අවශ්‍යතාවක් සේ සලකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම පොහොර තොගය ගෙන්වීමට පියවර ගැනිණ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව කළ ඉල්ලීමකට අනුව ඉන්දියානු ගුවන් හමුදාවේ අනුග්‍රහයෙන් සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් මෙම දියර පොහොර …

Continue Reading