සිමෙන්ති කොට්ටයක් රුපියල් 1275 දක්වා ඉහළට

Spread the love

පාලන මිල ඉවත් කිරිමට පෙර රුපියල් 1005ක් වූ සිමෙන්ති කොට්ටයක මිල මේ වන විට රුපියල් 1275 දක්වා ඉහළ දැමීමට සිමෙන්ති නිෂ්පාදකයින් පියවර ගෙන තිබේ.

මේ අතර ඇතැම් සිමෙන්ති සමාගම්වල සිමෙන්ති කොට්ටයක් රුපියල් 1375 ක් දක්වා ඉහළ දමා ඇතත් එය රුපියල් 100කින් ඉහළ දැමීමට අදාළ සමාගම් කැමැත්ත පළකළ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේය.

Related Posts