චීන අසූචි නැව පාවෙන ජීවවිද්‍යාත්මක බෝම්බයක් – ජාතික අවදි සභාවෙන් හෙළිදරව්වක්

Spread the love

ගජමිතුරු ජාවාරම්කාර කොම්පැනියක් මගින් ඇණවුම් කළා යයි කියන ආන්දෝලනාත්මක වස විස රැගත් චීන පොහොර නැව ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ඇතුළුවීමට උත්සාහ ගනිමින් තිබීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ජාතික අවදි සභාව විසින්  කැඳවූ මාධ්‍ය හමුවක් අද (04) බත්තරමුල්ලේදී පවත්වන ලදී.

ජාතික අවදි සභාවේ  කැඳවුම්කරු හිටපු පළාත් සෞඛ්‍ය අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහගේ ප්‍රධානත්වයෙන් සහ ජාතික අවදි සභාවේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් තිලක් උභයවර්ධනගේ සහභාගිත්වයෙන් පැවැති එම මාධ්‍ය හමුවේ දී පළකෙරුණු  අදහස් පහත දැක්වේ.

ජාතික අවදි සභාවේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් තිලක් උභයවර්ධන දැක් වූ අදහස් :

ලංකාවට චීනයෙන් ආනයනය කරමින් පවතින පසුගිය සැප්තැම්බර් මාසයේ දී චීනයේ චින්දායො වරායෙන් පිටත්වී දැනට ලංකාවේ මුහුදු සීමාවට ඇතුලුවී තිබෙන  හිබෝ ස්පිරිට් නැවෙන් ගෙනඑන කාබනික පොහොරවල ගුණාත්මකභාවය පිළිබඳව ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. එහෙම කලු පාටවුනු ඒනැව සුදු කරන්නේ ඇයි කියලා අපි අහන්න කැමතියි.මේ නැවට විරෝධතා එනකොට මෙන්න අපහු නම වෙනස් කරගේන ඇවිල්ලා ඒ නැවම වෙන නමකින් දකුණු මුහුදේ හොල්මන් කරන්න පටන් අරගෙන තියෙනවා.

මේ ඇතුළෙ තියෙන බැක්ටීරියා කොපමණ දුරකට ව්‍යාප්ත වෙලා තියෙනවද කියලා අපි කොහොමද දන්නෙ.ඇත්තටම මේ නැව ජීව විද්‍යාත්මක පාවෙන බෝම්බයක්.

මේ පාවෙන බෝම්බයක් එක්ක ආණ්ඩුව  මොකක්ද මේ කරන්න යන සෙල්ලම කියලා අපි අහන්න කැමතියි. ඇත්තටම කිව්වොත් ඉදිරියේදී මේ නැවේ යාන්ත්‍රික දෝෂයක් තියෙනවා එහෙම නැත්නම් ගින්නක් හෝ වෙනත් ආබාධයක් තියෙනවා කියලා නෑවේ තියෙන කසල පොහොර කන්ටේනර් ටික රට බාගන්නයි මේ සූදානම.

මේ කන්ටේනර් වල තියෙන්නේ මේ මහ පොලොවට හලන්න ගෙනාපු විස මිසක් පොහොර නෙමෙයි. ඒ නිසා අපි රජයට ඉතා කරුණාවෙන් අවධාරණය කරනවා මේ රටේ දස දහසක් රණවිරු අත පය පූජා කරල මේ රට ආරක්ෂා කලේ රට උගසට තියලා එක් එක් අයගේ පෞද්ගලික සාක්කු පුරවන්න නෙවෙයි. අපේ මාතෘ භූමිය ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීමක් .ඒ වගකීම් ඉෂ්ඨ කරන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ආරක්ෂක ලේකම්තුමා ඇතුළු වගකිවයුත්තන් ගෙන් ජාතික අවදි සභාව වෙනුවෙන්  ඉල්ලා සිටිනවා.

ජාතික අවදි සභාවේ කැඳවුම්කරු හිටපු පළාත් අමාත්‍ය නිශාන්ත වර්ණසිංහ දැක්වූ අදහස්:

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරනයට ඇවිල්ල දිවුරුම් දෙන කොට මේ රට රකිනවා කියලා .ඒත් දැන් මොකද වෙලා තියෙන්නේ ? කොරෝනා වයිරසයෙන් ජාතිය බේරගන්න නන්දසේන රාජපක්ෂ ජනාධිපතිතුමාට හෝ වත්මන් රජයට හැකි වුණේ නෑ.

එහෙම අසාර්ථක වෙලා ඉන්න ආණ්ඩුව අද පොහොර ගෙන්වන ක්‍රියාවලිය තුළ තම අසාර්ථක භාවය නැවත ඔප්පු  කරලා ඉවරයි. අද මේ නැව හරහා අපේ රටට ඇවිල්ල තියෙන්නේ ජයිව විද්‍යාත්මක ප්‍රහාරයක් කියලා අපිට හිතෙනවා.මීට කලින් මුහුදු බත් වුණ express parl නෞකාව හරහා සිදවුනෙත්  රසායනික ප්‍රහාරයක් . ආණ්ඩුව පුරාජේරු කිව්වා  නැව් සමාගමෙන් වන්දියක් ගන්නවා කියලා.අද මොකද වෙලා තියෙන්නේ ?කැස්බෑවා කොච්චර මැරුනද ? අපි ඒ දැක්කේ ගොඩ ගහපු ඒවා විතරයි.

මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරනවා කියපු සතර වරම් දෙවිවරු දැන් මොනවද කරන්නේ ? අපේ මුහුදු සීමාවේ හොල්මන් කරනවා මේ නැව.මේකේ ප්‍රධාන වැරදිකරුවා කවුද ?මේ මෝඩ තකතීරු ප්‍රතිපත්ති නිසා  මේ රටේ ජනතාවට තමයි විදවන්න වෙන්නේ.

කොටින්ගේ මුහුදු  බලකායට කොහොමද අපි අපේ හමුදාව මුහුණ දුන්නේ ? හමුදාව කොටින් විනාශ කරා ජාත්‍යන්තර මුහුදු සීමාවට පවා ගිහින් .දැන් පොහොර නැවෙන්  biological බෝම්බයක් අරන් එන්නේ. කාබනික පොහොර ගේන්න මේ ආණ්ඩුව තීරණය කරා.විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු ආචාර්යවරු කියන දේවල් මේ ආණ්ඩුව පොඩ්ඩක්වත් අහන්නේ නැහැ .මේ ආණ්ඩුව තවම ජාතික කෘෂි ප්‍රතිපත්ති කෙසේ විය යුතු දැයි මේ රටේ ආචාර්යවරු මහාචාර්යවරුන් ගෙන් කිසිම විමසීමක් කරලා නෑ.

යල කන්නට අවශ්‍ය කරන රසායනික පොහොර ටික තියෙනවා කියලා ආණ්ඩුව කිව්වා බය වෙන්න එපා කියලා.ඊට පස්සේ මොකද්ද කිව්වේ? මහ කන්නය  වගා කරන්න සම්පූර්ණයෙන්ම කාබනික පොහොර වලින් කිව්වා .කාබනික පොහොර ආනයනය කරනවා කියලා කිව්වේ නෑ . රට තුළමයි හදනවා කියලා කිව්වේ .රුපියල් මිලියන  750ක් වෙන් කරා  පොහොර හදන්න . ඒ සල්ලිවලට මොකද වුණේ ?ඒ පොහොර, වගාවට යොදවන්න බෑ. කාගේ සාක්කුවටද ඒ සල්ලි ගියේ ? කව්ද ඒකට වගකියන්න ඕන?

ගොවියෝ කියනවා කාබනික පොහොරවල කිසිම ප්‍රමිතියක් නෑ කියලා. නිකම්ම පස් ,රොන්මඩ මේ ගෙනල්ලා ගොවින්ට බෙදන්නේ. කාටද මේ බොරුව කරන්නේ?

දැන් නැනෝ නයිට්‍රජන්  ඉන්දියාවෙන්  ගෙන්වනවා කියලා මහා වංචාවක්  කරගෙන යනවා. කෝටි 800ක් එතන හොරකම් කරලා. මහ කන්නයට අවශ්‍ය කරන පොහොර ටික ලංකාව තුළ හදන්න ලැබුණේ නෑ .මෙට්‍රික් ටොන් 96000ක්  කාබනික පොහොර ගෙන්නන්න මහින්දානන්ද අලූත්ගමගේ ගැසට් එකක් දැම්මා.කොහෙන්ද ගේන්නේ ? චීනයේන්.

ඉස්සෙල්ලා සාම්පල් ටික ගෙනහල්ලා පරික්ෂා කරන්න ඕනේ. ඒක කරන්නෙ නැතුව ඇණවුම් බාර දෙනවා. ඒක අපේ රටට ගොඩ බාන්න බැරි ක්ෂුද්‍ර ජීවීන් ඉන්න නැවක්.මෙතන යම්කිසි අයුතු ගනුදෙනුවක් වෙලා තියෙනවා.අපි කොච්චර කිව්වත් ඇයි මේ නැව ආපසු හැරිලා යන්නේ නැත්තේ? මාස ගාණක් තිස්සේ මේ නැව මහා මුහුදේ  කරක් ගහනවා.ඉතාමත් භයානක බෝම්බයක්  තමයි මේ අරන් එන්න හදන්නේ .

අපි පැහැදිලිව කියන්න ඕන , මේ නැව නතර කරන එක ආරක්ෂක ලේකම්තුමාගේ වගකීමක්.අපි ආරක්ෂක ලේකම් තුමාගෙන් අහන්නේ ඇයි මේ නැව හරවලා යවන්න බැරි ?.ඕක කොළඹ වරායට සේන්දු වෙනකොට කාර්මික දෝෂයක් එනවා. ඊට  පස්සේ බහාලුම් ටික ඔක්කොම බාන්න වෙනවා.

මේ සිදුවීමේම කොටසක් විදිහට අපේ රටේ ජන හද දිනාගත් බැංකුව අසාදු ලේඛන ගත වෙනවා. ඒගැන මහ බැංකු අධිපතිවරයාගේ ඇහුවම අනේ මම ඒක දන්නේ නෑ කියලා කියනවා .අපේ රටට චීනයේන්, ඉන්දියාවෙන්,ඇමරිකාවෙන්, ඕමානයෙන් බැහැලා සතර දෙවිවරු වගේ. ඒ නිසයි මේ නැව එනඑක එක නතර කරන එක තමයි ආණ්ඩුවේ ප්‍රධාන වගකීම බව ජාතික අවදි සභාව විදියට අවධාරණය කර සිටින්නේ.

Related Posts