බඩ ඉරිඟු ගොවීන්ට රුපියල් 15,000ක පොහොර දෙනවා

බඩ ඉරිඟු ගොවීන්ට රුපියල් 15,000 බැගින් පොහොර ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ගොවි ජනතාවගේ ඉල්ලීම වන්නේ වෙලාවට පොහොර සහ ඉන්ධන ලබාදීම සහ අස්වැන්නට හොඳ මිලක් ලබාදීම බවත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීම රජයට ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ . ගොවීන්ට බිම් සකස් කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමටද උපරිම උත්සහාකරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.

Continue Reading

ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 20ක මානුෂීය ආධාර

ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක් ශ්‍රී ලංකාවට ලබාදෙන බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානි සමන්තා පවර් පවසනවා. ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මානුෂීය ආධාර වශයෙන් මෙය ලබාදෙන බවයි කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ.

Continue Reading

අරගලකරුවන් මර්දනයට එරෙහිව UN ඉදිරිපිට විරෝධතාවක්

අරගලකරුවන් මර්දනයට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය ඉදිරිපිට ඊයේ (11) නිහඬ විරෝධතාවක් සංවිධානය කර තිබුණා. ස්වේච්ඡාවෙන් සහභාගී වන සිවිල් පුරවැසියන් විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා. පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේත්, සමස්ත ජගත් ප්‍රජාවගේත් අවධානය යොමු කිරීම වෙනුවෙන් මෙම විරෝධතාව සංවිධානය කළ බවයි වාර්තාවන්නේ.

Continue Reading

ආසියානු කුසලාන තරඟාවලියේ වීරයා වනිඳු හසරංග

හය වැනි වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියක ශූරතාවය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ මෙවර පැවැති පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරගයේ දී පාකිස්තාන කණ්ඩායම ලකුණු 23 කින් පරාජයට පත් කරමින්. ඒ අනුව ඊයේ (11) පැවති අවසන් තරඟයේ වීරයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ලෙස පන්දුවට පහරදුන් භානුක රාජපක්ෂ නම් කර තිබුණා. එසේම තරඟාවලියේ …

Continue Reading

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ අවසන් තරගයට

ආසියානු කුසලානයේ සුපිරි 04 දෙනාගේ වටයේ පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය තියුණු තරගයකින් පසුව එක් කඩුල්ලකින් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඇෆ්ගනිස්ථානයට ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් තරගය සඳහා තිබූ බලාපොරොත්තු බිඳ වැටුණු අතර ඉන්දියාවටද අවසන් තරගය සඳහා සහභාගී වීමට තිබූ අවස්ථාව අහිමි වුණා. ඒ අනුව අද(11) වනදා ශ්‍රී ලංකාව සහ පාකිස්ථාන ආසියානු කුසලානයේ අවසන් තරගය සඳහා සහභාගී …

Continue Reading

ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ රාජපක්ෂලාට එරෙහිව පරීක්ෂණ කෝ

පසුගිය මැයි නව වැනිදා රාජ්‍ය ප්‍රචණ්ඩත්වය අතට ගෙන කටයුතු කළ රාජපක්ෂලාට සහ එම මැර කණ්ඩායම් වලට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේදැයි තමන් ප්‍රශ්න කර සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ වෙනුවට ආණ්ඩුව සිදුකරමින් සිටින්නේ දමිතා අබේරත්න වැනි කලා ශිල්පී තරුණ තරුණියන් අත්අඩංගුවට ගනිමින් රාජ්‍ය මිලේච්ඡත්වය ප්‍රදර්ශනය කිරීම බවත්, එවැනි ප්‍රචණ්ඩත්වයකට කිසිසේත් ඉඩදිය නොහැකි යැයිද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා …

Continue Reading

කළමනාකරණයට යටත්ව රාජ්‍ය අමාත්‍යවරුන්ගේ රාජකාරී කටයුතු සඳහා පහසුකම්

වර්තමානයේ රටේ පවතින ආර්ථික, සමාජයීය වාතාවරණය තුළ රජයට මුහුණ දීමට සිදු වී ඇති දැඩි ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජය විසින් වියදම් කරනු ලබන මහජනතාවගේ මුදල් අරපිරිමැස්මෙන් හා උපරිම කාර්යක්ෂමතාවයකින් යුක්තව පරිහරණය කිරීම සඳහා සියලු බලධාරීන් විසින් සෑම ප්‍රයත්නයක්ම ගතයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටිනවා. ඒ අනුව අභිනවයෙන් පත් වූ රාජ්‍ය අමාත්‍යවරුන්ට පහසුකම් සැලැසීමේ දී රාජ්‍ය වියදම් කළමනාකරණයට යටත්ව …

Continue Reading

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර දැල්පන්දු ආසියානු ශූරතා අවසන් තරඟය අද

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අද (11) ආසියානු ශූරතා දැල්පන්දු තරඟාවලියේ අවසන් මහා තරගයට සහභාගීවීමට නියමිතයි. අවසන් පූර්ව වටයේදී හොංකොං කණ්ඩායම පරාජයට පත් කළ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සිංගප්පූරුව සමඟ අද අවසන් මහා තරඟයට එක්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීම විශේෂත්වයක්.

Continue Reading

පැතුම් හා මහීෂ් T20 ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

ජාත්‍යන්තර විස්සයි විස්ස පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්වී තිබෙනවා. අනුව ඔහු නවතම ශ්‍රේණිගත කිරීම් අනුව 09 වන ස්ථානයේ සිට 08 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. මේ අතර විස්සයි විස්ස පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම් අනුව මහීෂ් තීක්ෂණ 8 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර වනිදු හසරංග 9 වන ස්ථානයේ පසුවනවා.

Continue Reading

ළමා මන්ද පෝෂණයේ වර්ධනයක් – අධ්‍යාපන ඇමති

2021 වසරේ වාර්තා අනුව ළමා මන්ද පෝෂණයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. කොවිඩ් වසංග තත්ත්වය නිසා පාසල් වසා තැබීම හේතුවෙන් 2021 වසරේ පාසල් සෞඛ්‍ය වෛද්‍ය පරීක්ෂණ සිදුකර නොමැති බවත්, 2016 ට සාපේක්ෂව 2020 වසරේ ශ්‍රී ලංකාවේ පාසල් යන වයසේ සිසුන්ගේ කෙටි කාලීන මන්ද පෝෂණයේ අඩුවීමක් පෙන්නුම් කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ ක​ළේ. කෙසේ වෙතත් 2021 වසරේ …

Continue Reading