ඖෂධ මිලදී ගැනීමට ඩොලර් මිලියන 100ක්

සෞඛ්‍ය අමාත්‍යාංශයට අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක් කඩිනමින් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බවයි සඳහන් වන්නේ. ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ අරමුදල් යටතේ ක්‍රියාත්මක කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය හා ආපදා අවම කිරීමේ ව්‍යාපෘතිය මඟින් සැලසෙන අමෙරිකානු ඩොලර් මිලියන 100ක අරමුදල් අත්‍යවශ්‍ය ඖෂධ …

Continue Reading

ආර්ථික පුනර්ජීවනය සහ වර්ධනය පිළිබඳව අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්

ආර්ථික පුනර්ජීවනය සහ වර්ධනය පිළිබඳව කඩිනම් තීරණ ගැනීම සඳහා 5 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් අනුකමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව අදාළ අනුකමිටුව සඳහා ජනාධිපති, අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් ඇතුළත් බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ. වත්මන් අර්බුදකාරී ආර්ථික තත්ත්වය හමුවේ ආර්ථික පුනර්ජීවනය සහ වර්ධනය සඳහා ගතයුතු ඉහළ ප්‍රමුඛතාවයන් හඳුනාගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.

Continue Reading

IMF ගිවිසුම අත්සන් තැබූ පසු දුෂ්කර කැපකිරීම් කරන්නට සිදුවේවි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව පූර්ණ ගිවිසුමක් ලෙස අත්සන් තැබූ පසු ශ්‍රී ලාංකිකයින්ට ඇතැම් විට අතිශය දුෂ්කර කැපකිරීම් කරන්නට සිදුවිය හැකි බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානි සමන්තා පවර් පවසනවා. මෙම සෑම පියවරකදීම එක්සත් ජනපදය වැනි රටවල් එම දැඩි ප්‍රතිසංවිධානකරණ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලාංකික ජනතාවට හුදෙකලාවීමට ඉඩ නොදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවද …

Continue Reading

සැප්තැම්බර් 19 රජයේ විශේෂ නිවාඩු දිනයක්

දෙවන එලිසබෙත් මහ රැජිනගේ රාජකීය අවමංගල්‍ය යෙදෙන එළැඹෙන සැප්තැම්බර් 19 වනදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව එදින ජාතික ශෝක දිනයක් මේ වන විටත් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. රජයේ නිවාඩුව රජයේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට බාධාවක් නොවිය යුතු බවයි රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් …

Continue Reading

උසස් පෙළ කල් දමන්න – විමල්ගෙන් ඉල්ලීමක්

2022 උසස් පෙළ විභාගය කල් දමන ලෙස අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත වෙත උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටිනවා. 2022 අපොස(උසස් පෙළ) විභාගය පෙර වසරේ ප්‍රතිඵල නිකුත් කොට මාස තුනක පමණ කාලයකට පසු පැවැත්වීම කිසිසේත්ම සාධාරණ නොවන බවයි අදාළ ලිපිය මඟින් ඔහු පෙන්වා දෙන්නේ. එසේම 2022 උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු කණ්ඩායම් යොදා …

Continue Reading

ඩොලර් මිලියන 203ක ණයකට ශ්‍රී ලංකාව අත්සන් තබයි

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත්වලින් අමෙරිකානු ඩොලර් මිලියන 203ක ණයක් ලබාගැනීම සඳහා වන ගිවිසුමට ශ්‍රී ලංකා රජය අත්සන් තබා ඇති බව වාර්තා වනවා. මෙම ණයට අමතරව ආසියා පැසිෆික් කලාපය සඳහා වන ජපන් අරමුදල ව්‍යාපෘති ක්‍රියාකාරකම් සඳහා මූල්‍යමය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 03ක ප්‍රධානයක් ද ලබාදීමට නියමිත බවත් සඳහන්. මෙම මුදල් මඟින් ආහාර, දිළිඳුකම සහ අවදානමට ලක්වූවන්ගේ ජීවනෝපායන් ආරක්ෂා …

Continue Reading

නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අමාත්‍ය තනතුරු ලබාගැනීම පිළිකුල් සහගතයි

අමාත්‍යධූර භාරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් එම අමාත්‍යධූර ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු අනුමැතියකින් තොරව බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කිසිදු එකඟතාවකින් තොරව මන්ත්‍රීවරුන් හට අත්තනෝමතිකව තනතුරු පිරිනැමීමෙන් පෙනී යන්නේ සිය පක්ෂය යෝජනා කළ පරිදි සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් ස්ථාපනයට ආණ්ඩුව තුළ සැබෑ වුවමනාවක් නොමැති බවයි එම නිවේදනය …

Continue Reading

ඉන්ධන අවසරපත්‍ර පද්ධතියට නව විශේෂාංග දෙකක්

ජාතික ඉන්ධන අවසර පත් QR පද්ධතියට නව විශේෂාංග දෙකක් එක් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. එම විශේෂාංග දෙක පහතින්. * වාහන නොවන අවශ්‍යතා සඳහා QR – ජනක යන්ත්‍ර, තණකොළ කපන යන්ත්‍ර සහ අනෙකුත් උපකරණ වැනි මෝටර් නොවන කාණ්ඩ සඳහා QR හරහා ඉන්ධන ලබාගැනීමේ හැකියාව. ඒ සඳහා ලියාපදිංචි වීමේ ක්‍රමය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මඟින් කඩිනමින් …

Continue Reading

ටෙන්ඩරය පිළිබඳ චෝදනා නිරාකරණය වන තෙක් ගල්අඟුරු ලැබෙන්නේ නැහැ

රජයේ ප්‍රසම්පාදන කටයුතු අනුගමනය කරමින් ටෙන්ඩර් ක්‍රමය මගින් ගල් අඟුරු ලබා ගැනීමට තෝරා ගන්නා ලද අවම ලංසුව ලබා දුන් සැපයුම්කරු, ඔවුන්ට එල්ල කර ඇති චෝදනා නිත්‍යානුකුලව නිරාකරණය කරන තුරු සැපයුම් සිදු කිරීමට නොහැකි බව දැනුම් දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව එම කටයුතු නිත්‍යානුකූලව නිරාකරණය කිරීමටත් ඒ අතරතුර ගල් අඟුරු ප්‍රසම්පාදනය කිරීමේ විකල්ප යෝජනා …

Continue Reading

මෙරට ගොවීන් වෙනුවෙන් ඩොලර් මිලියන 40ක ප්‍රදානයක්

ගොවි ජනතාව සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සඳහා අමතර අමෙරිකානු ඩොලර් මිලියන 40 ක ආධාර මුදලක් ලබාදීමට පියවර ගන්නා බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් පවසනවා. ජා ඇල, ඒකල ප්‍රදේශයේ ගොවි ජනතාව මුණ ගැසී සිදුකළ සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කර තිබෙනවා. ආර්ථික අර්බුදය හේතුවෙන් ගොවි ජනතාවට මුහුණදීමට සිදුව ඇති ගැටලු සහ ඒ සඳහා අමෙරිකාවේ …

Continue Reading