ක්‍රිකට් ජයග්‍රහණයට හේතුව නාමල් සිදුකළ පරිපාලන වෙනස්කම්

ශ්‍රී ලංකාව ලබාගත් ක්‍රිකට් ජයග්‍රහණය ලබාගත්තේ හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කැපවීමෙන් සිදුකළ පරිපාලනය නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ පවසනවා. ඔහු ස්වාධීනව සෑම ක්‍රීඩා පරිපාලනයකටම උදව් කළ බවයි මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ. හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කටයුතු කළ කාලය තුළ ඔහු ක්‍රීඩකයෙක් ලෙස විශාල කාර්යභාරයක් සිදු කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් …

Continue Reading

වේලාවන් වෙන් කරගත් අයට සඳුදාත් පාස්පෝට් නිකුත් කරනවා

සඳුදා (19) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණද විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා. සඳුදා දිනය සඳහා මේ වන විටත් වේලාවන් වෙන් කරගෙන ඇති පිරිස් සඳහා පමණක් එදිනට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදුකරන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Continue Reading

බිල්පත් නොගෙවූ මැතිඇමතිවරුන්ගේ ජල සැපයුම විසන්ධි කිරීමට පියවර

මෙතෙක් ජල බිල්පත් පියවා නොමැති මැතිඇමතිවරුන් තවත් මාස දෙකක් තුළ එය පියවීමට කටයුතු නොකරන්නේ නම් ජල සැපයුම විසන්ධි කරන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී පියල් පත්මනාථ පවසනවා. ඒ අනුව කතානායකවරයා මේ සම්බන්ධයෙන් දැනුවත් කළ පසු ජල බිල්පත් නොගෙවූ මන්ත්‍රීවරුන්ගේ ලේඛනයක් ලබාදෙන ලෙස දැනුම් දුන් බවත් ඉන් පසු මාස දෙකක් තුළ අදාළ මුදල නොගෙවන්නේ නම් ජල සැපයුම විසන්ධි …

Continue Reading

පාඨලීට එරෙහි නඩු විභාගය ලබන වසර දක්වා අත්හිටුවයි

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ විභාගය ලබන වසරේ මාර්තු මස 15 වනදා දක්වා අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය පදවා බරපතළ අනතුරක් සිදුකොට ඊට …

Continue Reading

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සමාලෝචනය කිරීමට කමිටුවක්

රාජ්‍ය සේවය සඳහා අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා. කෙසේ නමුත් ඇතැම් ආයතනවල සේවය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය වෙනුවෙන් අතිරික්තව තිබෙන අංශවලින් සේවකයින් යොදාගැනීමට ද අනුමැතිය හිමිවූ බවයි අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ. එසේම රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නිලධාරී කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. පවතින ආර්ථික තත්ත්වය හමුවේ …

Continue Reading

තාවකාලික රියදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කෙරේ

මාස 06ක කාලයක් සඳහා නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය වසරක් දක්වා දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. වේරහැර කාර්යාලයට හෝ තමා පදිංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කාර්යාලය වෙත ගොස් එම කාලය දීර්ඝ කර ගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඇණවුම්කර ඇති රියදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ්පත් 450,000ක් ඉදිරි සති කිහිපය තුළ මෙරටට හිමිවන බව මෝටර් රථ …

Continue Reading

ඖෂධ හිඟයට හේතුව ආයතන අතර සම්බන්ධීකරණයේ දුර්වලතා

වත්මන් ඖෂධ හිඟයට හේතුවී ඇත්තේ සෞඛ්‍ය අංශයේ ආයතන අතර සම්බන්ධීකරණයේ දුර්වලතා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව එම සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාත් කොළඹගේ සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ ඖෂධ නියාමන අධිකාරිය අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති බවයි. ඒ හේතුවෙන් සමහර ඖෂධ වර්ගවල එක ලිපිගොනුවක් එක් ආයතනයක සිට තවත් ආයතනයක යාමට මාස ගණනාවක් ගතවන …

Continue Reading

පිටරට සහල් මිනිස් පරිභෝජනයට සුදුසු ඒවා නෙමෙයි

පිටරටින් ආනයනය කරන සහල් සත්වයින්ට මිස මිනිස් පරිභෝජනයට සුදුසු ඒවා නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒවා සඳහා විශාල වශයෙන් මෙරට භාවිතා නොකරන රසානික ද්‍රව්‍ය මෙන්ම, බාල පොහොර වර්ගද භාවිතා ක​ර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. ඒ හේතුවෙන් සත්ව ආහාර සඳහා සහල් භාවිතා කළ නොහැකි බවට නිකුත් කර ඇති ගැසට් නිවේදනය ඉවත් කර, ඒවායින් කොටසක් සත්ව පරිභෝජනය සඳහා ලබාදී, …

Continue Reading

චීන සහ ආසියානු සංවර්ධන බැංකු ලංකාවේ ආර්ථිකය පිළිබඳ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ පුනර්ජීවන සැලසුම් පිළිබඳව චීනය ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කර තිබෙනවා. ඒ අනුව එහි තානාපති සහ ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයාමා අතර එම සාකච්ඡා පවත්වා ඇති බවයි මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ. මෙම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අධ්‍යක්ෂ චෙං චෙං ද එක්වී ඇති බවයි ඔවුන් නිකුත් …

Continue Reading

ජනගහනයෙන් 30% ක් උග්‍ර ආහාර අනාරක්ෂිත තත්ත්වයක – WFP

මෙරට ජනගහනයෙන් 30% ක් උග්‍ර ආහාර අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බව ලෝක ආහාර වැඩසටහන අනාවරණය කර තිබෙනවා. ඒ අනුව දුර්වල කෘෂිකාර්මික නිෂ්පාදනය, මිල ඉහළ යාම සහ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙලෙස ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාව උග්‍රවිය හැකි බවයි ඔවුන් සඳහන් කරන්නේ. වසර දෙකක භෝග අස්වැන්නක් නිසි පරිදි නොලැබීම හේතුවෙන් මෙරට ආහාර නිෂ්පාදනය 50% කින් පහත වැටී ඇති අතර මේ වසරේ …

Continue Reading