ඉන්ධන අවසරපත්‍ර පද්ධතියට නව විශේෂාංග දෙකක්

Spread the love

ජාතික ඉන්ධන අවසර පත් QR පද්ධතියට නව විශේෂාංග දෙකක් එක් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

එම විශේෂාංග දෙක පහතින්.

* වාහන නොවන අවශ්‍යතා සඳහා QR – ජනක යන්ත්‍ර, තණකොළ කපන යන්ත්‍ර සහ අනෙකුත් උපකරණ වැනි මෝටර් නොවන කාණ්ඩ සඳහා QR හරහා ඉන්ධන ලබාගැනීමේ හැකියාව. ඒ සඳහා ලියාපදිංචි වීමේ ක්‍රමය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මඟින් කඩිනමින් දැනුම් දෙනු ඇති.

* ගනුදෙනුව අවසන් වූ පසු ලැබෙන SMS පණිවිඩයේ පිරවුම් හලේ කේත අංකය – ඉන්ධන ලබාගත් පසු පාරිභෝගිකයාට ලැබෙන කෙටි පණිවුඩයේ පිරවුම්හල් කේතය අන්තර්ගත කර ඇත.

Related Posts