ළමා මන්ද පෝෂණයේ වර්ධනයක් – අධ්‍යාපන ඇමති

Spread the love

2021 වසරේ වාර්තා අනුව ළමා මන්ද පෝෂණයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

කොවිඩ් වසංග තත්ත්වය නිසා පාසල් වසා තැබීම හේතුවෙන් 2021 වසරේ පාසල් සෞඛ්‍ය වෛද්‍ය පරීක්ෂණ සිදුකර නොමැති බවත්, 2016 ට සාපේක්ෂව 2020 වසරේ ශ්‍රී ලංකාවේ පාසල් යන වයසේ සිසුන්ගේ කෙටි කාලීන මන්ද පෝෂණයේ අඩුවීමක් පෙන්නුම් කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ ක​ළේ.

කෙසේ වෙතත් 2021 වසරේ සමාජ හා ආර්ථික අයහපත් තත්ත්වය හේතුවෙන් මේ වන විට මෙම දර්ශකවල අගයන් ඉහළගොස් මන්දපෝෂණයෙන් පෙළෙන ප්‍රමාණය ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව අමාත්‍යාවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

Related Posts