ගල් අඟුරු මිලදී ගැනීම විමර්ශනයට රජයේ මුදල් පිළිබඳව කාරක සභාවේ අවධානය

Spread the love

මෙරටට අවශ්‍ය ගල් අඟුරු මිලදී ගැනීම සඳහා යොමු කළ ටෙන්ඩරයට එරෙහිව එල්ල වන චෝදනා සහ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් රජයේ මුදල් පිළිබඳව කාරක සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ සම්බන්ධව අදහස් දක්වමින් රජයේ මුදල් පිළිබඳව කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කර සිටියේ එම ඉල්ලීම පිළිබඳව කතානායකවරයා සමඟ සාකච්ඡා කර ඇති බවයි.

විගණකාධිපතිවරයා විසින් ද මේ පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කිරීමට නියමිත බවත් සභාපතිවරයා පවසා තිබුණා.

Related Posts