ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Spread the love

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට රජය විසින් ගෙන තිබෙන තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා, කෘෂිකර්ම අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, පාරිභෝගික සේවා අධිකාරිය සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ ඇතුළු පිරිසක් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

Related Posts