ජාතික සභාවට පක්ෂ නායක රැස්වීමේ එකඟතාව

Spread the love

රට තුළ මතුව ඇති ආර්ථික හා සමාජ අර්බුදය සමනය කිරීම සඳහා, පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් ජාතික සභාව පිහිටුවීම සඳහා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්, පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟතාව හිමිවී තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වන 37 දෙනෙකුගෙන් මෙම ජාතික සභාව සමන්විත වන බවයි සඳහන් වන්නේ. කතානායකවරයා, ජාතික සභාවේ මූලාසනය දරණ අතර අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, සභානායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නිල බලයෙන් එහි සාමාජිකයන් බවට පත්වනවා.

ඊට අදාළ යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද පක්ෂ නායක රැස්වීමේදී එකඟතාව හිමිවී තිබෙනවා.

Related Posts