සිසුවෙකුට වෙඩි වැදීමේ සිද්ධිය ගැන පොලිස් පරීක්ෂණයක්
-
Editor
-
October 31, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
මාතර තිහගොඩ ප්‍රදේශයේ 15 හැවිදිරි දරුවෙකුගේ හිසට වෙඩි වැදීමේ සිදුවීමට සම්බන්ධ උප පොලිස් පරික්ෂකවරයා පිළිබඳ අභ්‍යන්තර පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. ඒ අනුව සහකාර පොලිස් අධිකාරීවරයෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් මඟින් අදාළ පරීක්ෂණය සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව සඳහන් කළේ. අදාළ සිසුවා තවදුරටත් කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ …
Continue Reading
ඉන්දියාවේ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 91 ක් මරුට
-
Editor
-
October 31, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කේබල් පාලමක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් මේ වන විට පුද්ගලයන් 91 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අතුරුදන් වූ තවත් 100 කට වැඩි පිරිසක් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායමක් පත්කර ඇති බවයි සඳහන් වන්නේ. මියගිය අයගෙන් බොහෝ දෙනෙක් කාන්තාවන් සහ ළමුන් වන අතර පුද්ගලයන් 70 ක් පමණ බේරාගෙන …
Continue Reading
අසීරු සෑම අවස්ථාවකම එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සහාය දුන්නා
-
Editor
-
October 31, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
රට අසීරුතාවන්ට මුහුණ දුන් සෑම අවස්ථාවකම එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට දැක්වූ සහාය කිසිවිටෙකත් අමතක කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නව ගොඩනැඟිල්ල පසුගිය 28 වනදා නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළා. පසුගිය යුධ සමයේ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පැවති රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙන්ම අන්‍යෝන්‍ය අවබෝධය …
Continue Reading
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයාමේ අනතුරු ඇගවීම්
-
Editor
-
October 31, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව රත්නපුර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා මෙලෙස නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, නිවිතිගල, කලවාන සහ ඇලපාත සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහිඕවිට, රුවන්වැල්ල සහ යටියන්තොට ප්‍රදේශ මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නුවරඑළිය ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි …
Continue Reading
දුෂ්මන්ත චමීරගේ සැත්කම සාර්ථකව අවසන් වෙයි
-
Editor
-
October 30, 2022
-
ක්‍රීඩා
-
0 Comments
පසුගියදා ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර හට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී කළ සැත්කම සාර්ථකව අවසන් කර ඇති බව වාර්තා වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා විසින් මේ බව පවසා සිටියා. මාස 03කට පමණ පසුව චමීරව නැවත ක්‍රීඩා කටයුතු සඳහා එක් කිරීමට අපේක්ෂා කරන බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා …
Continue Reading
තිරිඟු පිටි තොග මිල රු.250 දක්වා අඩුවෙලා
-
Editor
-
October 30, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 250 දක්වා අඩුවී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න පවසනවා. ඒ අනුව උත්සව සමයේද මෙම මිල තත්ත්වය පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවත් තිරිඟු පිටි මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයින්ට ලබාදෙන ලෙස බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළා. එසේම විවෘත ගිණුම් ක්‍රමය හරහා තිරිඟු පිටි ඉදිරි කාලය සඳහාද ආනයනය කර …
Continue Reading
සෝල් අගනුවර තෙරපීමකින් 150 කට ආසන්න පිරිසක් මරුට
-
Editor
-
October 30, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
දකුණු කොරියාවේ සෝල් අගනගරයේ පැවති හැලොවීන් සැමරුමක් අතරතුර දී ඇතිවූ තෙරපීම හේතුවෙන් විශාල පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 149 දෙනෙකු මිය ගොස් ඇති අතර පුද්ගලයින් 76 ක් පමණ තුවාල ලබා ඇති බවයි එරට බලධාරීන් සඳහන් කරන්නේ. කොවිඩ් වලින් පසු පවත්වන ලද පළමු මුහුණු ආවරණ නොපළඳින ලද හැලොවීන් සැමරුම මෙය …
Continue Reading
ආරෝග්‍ය ශාලා කිහිපයක ගෙවීම් අංශයක් ක්‍රියාත්මක කරනවා
-
Editor
-
October 30, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
තෝරාගත් ආරෝග්‍ය ශාලා කිහිපයක 25% ක 30% ක් අතර ප්‍රමාණයක ගෙවීම් අංශයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. පෞද්ගලික අංශයේදී විශාල වියදමක් දැරීමට සිදුවන බවත් ඊට වඩා කාර්යක්ෂම සේවයක් ලබාදීමට මේ මගින් හැකියාව ලැබෙනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. ඒ අනුව එම සේවාව අවශ්‍ය කරන පිරිස් සඳහා පෞද්ගලික රෝහල්වල අයකරන මුදලට වඩා අඩු මුදලක් යටතේ ප්‍රතිකාර ලබා …
Continue Reading
පාන් මිල සම්බන්ධයෙන් හෙට දිනයේ තීරණයක් ගන්නවා
-
Editor
-
October 30, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
පාන් මිල සම්බන්ධයෙන් හෙට (31) සිට පාරිභෝගිකයන්ට සහනයක් ලබා දිය හැකි වනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන සඳහන් කළේ, ආනයනික තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 250ක් දක්වා අඩුවී ඇද්දැයි හෙට දිනයේ තහවුරු කර ගැනීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි. මේ අතර තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 250 …
Continue Reading
සෝල් අගනුවර සිදුවූ සිදුවීමෙන් ශ්‍රී ලාංකිකයෙක් මරුට
-
Editor
-
October 30, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලොවීන් සැමරුමක් අතරතුරදී ඇතිවූ තෙරපීම හේතුවෙන් මියගිය පිරිස අතර ශ්‍රී ලාංකික පුද්ගලයෙකු සිටින බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසනවා. ඒ අනුව මෙලෙස මිය ගොස් ඇත්තේ 27 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකු බවයි සඳහන් වන්නේ. දකුණු කොරියාවේ සෝල් අගනුවර ඊයේ පැවති හැලොවින් සාදයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් මේ වන විට පුද්ගලයින් 150ක් පමණ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
Continue Reading