අද වෘත්තීය සමිති හා බහුජන සංවිධාන විරෝධතාවක
-
Editor
-
November 2, 2022
-
දේශපාලන
-
0 Comments
වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව අද (02) කොළඹදී විරෝධතා පාගමනයක් සහ රැලියක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය සහ නිදහස ජාතික සභාව යන දේශපාලන පක්ෂ ද ඊට එක්වීමට නියමිත යි. මෙම විරෝධතා පාගමන අද මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටින් ආරම්භ කර කොටුව දුම්රිය පොළ දක්වා ගමන් ගැනීමට සැලසුම් කර තිබෙනවා.
Continue Reading
චීනයෙන් ශ්‍රී ලංකාවට ඩීසල් පරිත්‍යාගයක්
-
Editor
-
November 2, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
චීනය විසින් ශ්‍රී ලංකාවට ඩීසල් ලීටර් මිලියන 10.6ක් පරිත්‍යාග කර ඇති බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පවසනවා. ඒ අනුව එම ඩීසල් තොගය නොවැම්බර් සහ දෙසැම්බර් අතරතුර නැව්ගත කිරීම සිදුවෙනු ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් එම තානාපති කාර්යාලය සඳහන් කරන්නේ. කෘෂිකාර්මික, ධීවර ඇතුළු මෙරට වඩාත්ම පීඩාවට පත්වී සිටින ක්ෂේත්‍රවල ජීවනෝපාය නංවාලීම සඳහා මෙම ඉන්ධන යොදා ගැනීමට නියමිතයි.
Continue Reading
මානව හිමිකම් කොමිසමෙන් පොලීසියට දැනුම්දීමක්
-
Editor
-
November 2, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
පොලිස් ආඥා පනතේ පවතින ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සඳහා භාවිත නොකරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කර තිබෙනවා. වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එක්ව කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව මේ බව අවධාරණය කරනවා. අද (02) පැවැත්වීමට නියමිත සාමකාමී පාගමන සඳහා අවසර ලබාගන්නා ලෙස පොලීසිය නීතිවිරෝධී ලෙස දැනුම් දී …
Continue Reading
පාස්කු නඩුවෙන් රිෂාඩ් බදියුදීන් නිදොස් කොට නිදහස්
-
Editor
-
November 2, 2022
-
දේශපාලන
-
0 Comments
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර ඇති නඩුවේ සැකකරුවකු ලෙස නම්කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නීතිපතිවරයාගේ උපදෙස් අනුව එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අද (02) නියෝග කර තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබූ අතර එම …
Continue Reading
තිළිණි ප්‍රියමාලි ඇතුළු පිරිස ලබන 16 දක්වා රිමාන්ඩ්
-
Editor
-
November 2, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්වී සිටින තිළිණි ප්‍රියමාලි, ඉසුරු බණ්ඩාර හා පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමියන් ලබන 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. ඒ අනුව ඔවුන් අද (02) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. ඊයේ (01) අත්අඩංගුවට ගත් පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමියන්ද අද අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර …
Continue Reading
තේ කර්මාන්තය නැවත නඟාසිටුවීමට විධිමත් සැලැස්මක්
-
Editor
-
November 1, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
කඩාවැටීමට ලක්ව ඇති මෙරට තේ කර්මාන්තය නැවත නඟාසිටුවීමට විධිමත් සැලැස්මක් ඔස්සේ පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ අනුව අපනයන ආර්ථිකයක් කරා යන ගමනේ දී එය ඉතා වැදගත් බවයි ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ 32 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් සඳහන් කළේ. උද්ධමනය ඉහළ අගයකට පැමිණ තිබෙන බව මහ බැංකු අධිපතිවරයා දැනුම්දී ඇති බවත් ලබන වසරේ …
Continue Reading
රජයේ රෝහල්වලින් මුදල් ගෙවා ඖෂධ ලබාගන්න ක්‍රමයක්
-
Editor
-
November 1, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
මුදල් ගෙවීමට හැකියාව ඇති පුද්ගලයින් සඳහා රජයේ රෝහල්වලින් මුදල් ගෙවා ඖෂධ ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා. ඔහු සඳහන් කරන්නේ පවතින තත්ත්වය මත මුදල් ඇති පුද්ගලයින් සහ මුදල් නොමැති පිරිස් යන දෙපිරිසම නොමිලේ බෙහෙත් ලබා ගන්නා බවත් එය අසාධාරණ ක්‍රමවේදයක් බවයි. ඒ අනුව ජයවර්ධනපුර රෝහලේ ආකාරයෙන් සුළු මුදලක් අයකර මුදල් …
Continue Reading
කැබිතිගොල්ලෑවේ උණුසුම් තත්ත්වයක්
-
Editor
-
November 1, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
අනුරාධපුර, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඇතිවූ උණුසුම් තත්ත්වයක් අතරතුර පුද්ගලයෙකුගේ පහරදීමකින් පොලිස් සැරයන්වරයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසනවා. කැබිතිගොල්ලෑව රඹකැපූවැව ප්‍රදේශයේ වන අලියෙකු පහරදීමකින් කාන්තාවක් මියගොස් ඇති බවට ලැබුණු තොරතුරක් මත කැබිතිගොල්ලෑව පොලීසිය එම ස්ථානයට යමින් සිටි අවස්ථාවේ මෙම කලහකාරී තත්ත්වය ඇතිවී තිබෙනවා. එහිදී එම ප්‍රදේශයේ හිමිනමක් ඇතුළු පුද්ගලයින් සියයක පමණ පිරිසක් විසින් කැබිතිගොල්ලෑව – පදවිය මාර්ගය රඹකැපූවැව ප්‍රදේශයෙන් හරස් කර ඇති …
Continue Reading
ඔක්තෝම්බර් මාසයේ උද්ධමනය පහළට
-
Editor
-
November 1, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝම්බර් මාසයේ මෙරට උද්ධමනය පසුගිය මාසයට සාපේක්ෂව අඩුවී තිබෙනවා. ඒ අනුව පසුගිය සැප්තැම්බර් මාසයේ 69.8% ක් වූ මෙරට උද්ධමනය ඔක්තෝම්බර් මාසයේ 66% ක් දක්වා පහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එසේම සැප්තැම්බර් මාසයේ 94.9%ක් ලෙස වාර්තා වු මෙරට ආහාර උද්ධමනය ඔක්තෝම්බර් මාසයේදී 85.6%ක් දක්වා පහළගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් …
Continue Reading
ශ්‍රී ලංකාවට ලකුණු 145 ක ඉලක්කයක්
-
Editor
-
November 1, 2022
-
ක්‍රීඩා
-
0 Comments
T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 144 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 3 ක්, ළහිරු කුමාර කඩුලු 2 ක් හා කසුන් රාජිත හා ධනංජය ද සිල්වා …
Continue Reading