කැබිතිගොල්ලෑවේ උණුසුම් තත්ත්වයක්

Spread the love

අනුරාධපුර, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඇතිවූ උණුසුම් තත්ත්වයක් අතරතුර පුද්ගලයෙකුගේ පහරදීමකින් පොලිස් සැරයන්වරයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

කැබිතිගොල්ලෑව රඹකැපූවැව ප්‍රදේශයේ වන අලියෙකු පහරදීමකින් කාන්තාවක් මියගොස් ඇති බවට ලැබුණු තොරතුරක් මත කැබිතිගොල්ලෑව පොලීසිය එම ස්ථානයට යමින් සිටි අවස්ථාවේ මෙම කලහකාරී තත්ත්වය ඇතිවී තිබෙනවා.

එහිදී එම ප්‍රදේශයේ හිමිනමක් ඇතුළු පුද්ගලයින් සියයක පමණ පිරිසක් විසින් කැබිතිගොල්ලෑව – පදවිය මාර්ගය රඹකැපූවැව ප්‍රදේශයෙන් හරස් කර ඇති අතර අනතුරුව එම පිරිස පොලිස් නිලධාරීන් වෙත ගල් මුඟුරු රැගෙන පහරදීමට පැමිණ ඇතියි පොලීසිය සඳහන් කළේ.

පසුව තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය අහසට වෙඩි තබා ඇති අතර එහිදී එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු එල්ල කළ මුඟුරු පහරකින් පොලිස් සැරයන්වරයෙකුට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඔහු කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කර පසුව අනුරාධපුර රෝහල වෙත මාරුකර යැවීමේදී මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට හිමිනමක් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts