පාස්කු නඩුවෙන් රිෂාඩ් බදියුදීන් නිදොස් කොට නිදහස්

Spread the love

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර ඇති නඩුවේ සැකකරුවකු ලෙස නම්කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නීතිපතිවරයාගේ උපදෙස් අනුව එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අද (02) නියෝග කර තිබෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබූ අතර එම සිද්ධියට අදාළ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රිෂාඩ් බදියුදීන් පසුගිය වසරේ අප්‍රේල් මස 21 වනදා අත්ඩංගුවට ගත් අතර පසුව ඇප මත මුදා හැරුණා.

Related Posts