රජයේ නිලධාරීන්ගේ අල්ලස් දූෂණ දැනුම් දීමට දුරකථන අංකයක්
-
Editor
-
November 5, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
රජයේ නිලධාරීන්ගේ අල්ලස් ගැනීම් සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් කෙරෙන සියලු මහජන පැමිණිලි 1905 කෙටි දුරකතන අංකයට දැනුම් දිය හැකි බව ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කළා. ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, ග්‍රාම නිලධාරී කාර්යාලවල සේවයේ නියුතු පුද්ගලයන් සිදු කරනු ලබන අල්ලස් ගැනීමක් හෝ වෙනත් අක්‍රමිකතාවයක් සම්බන්ධව දැනුම් දීමට හැකියාව තිබෙනවා. මීට අමතරව රාජ්‍ය පරිපාලන, …
Continue Reading
කොළඹ සහ ගම්පහ ගංවතුර පාලනයට කඩිනම් වැඩපිළිවෙළක්
-
Editor
-
November 5, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ගංවතුර තත්ත්වයන් ඇතිව තිබෙන ප්‍රදේශවල ගංවතුර බැස යාම සඳහා කඩිනමින් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. ඒ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන ඒකාබද්ධව කඩිනමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ. නැවතත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමට පෙර එම ප්‍රදේශවල පවතින ඇළවේලි ශුද්ධ පවිත්‍ර කිරීම මෙමඟින් …
Continue Reading
මේ වසර තුළ ලක්ෂ දෙකකට වැඩි පිරිසක් විදේශ රැකියා සඳහා පිටත්වෙලා
-
Editor
-
November 5, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
පසුගිය සැප්තැම්බර් මාසයේ දී විදේශ රැකියාවන් සඳහා පුද්ගලයින් 30,084ක් පිටත්ව ගොස් ඇති බව මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වනවා. ඒ අනුව නුපුහුණු ශ්‍රමිකයන් 10,491ක් ද, පුහුණු ශ්‍රමිකයන් 9,391ක් ද, ගෘහ සේවිකා 7,027ක් ලෙස ද මෙලෙස විදේශ රැකියාවන් සඳහා පිටත්ව ගොස් ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. 2022 වසරේ ජනවාරි-සැප්තැම්බර් කාලය තුළ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය මුළු පිරිස 222,678ක් …
Continue Reading
යාල්දේවී දුම්රිය පිලී පනී
-
Editor
-
November 5, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
කන්කසන්තුරය සිට කොළඹ කොටුව බලා ධාවන වන යාල්දේවී සීඝ්‍රගාමී දුම්රිය අද (05) පස්වරු 1.30ට වවුනියාව මැදවච්චිය අතර ප්‍රදේශයේ දී පීලී පැනීමකට ලක්ව ඇත. දුම්රියේ එන්ජිම හා මැදිරි දෙකක් මෙලෙස පීලී පැනීමකට ලක්ව ඇති අතර මේ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. මෙම පීලී පැනීම හේතුවෙන් සිල්පර කොට විශාල ප්‍රමාණයක් හානි සිදු වී ඇති බවටද …
Continue Reading
Azur Air පළමු ගුවන් යානය දිවයිනට පැමිණෙයි
-
Editor
-
November 3, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
රුසියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සේවා සමාගම වන Azur Air ගුවන් සේවය යළිත් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු ගුවන් යානය මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අනුව මගීන් 335 ක් රැගෙන මෙලෙස මෙම ගුවන් යානය දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
Continue Reading
කැබිතිගොල්ලෑවේ සිදුවීමට තවත් පුද්ගලයින් 5 ක් අත්අඩංගුවට
-
Editor
-
November 3, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
කැබිතිගොල්ලෑව, රඹකැපූවැව ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් අතරතුර පොලිස් නිලධාරීයෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 5 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (02) දිනයේදී එම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බවයි කැබිතිගොල්ලෑව පොලීසිය සඳහන් කළේ. ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
Continue Reading
නානකාමර උපාංග ආනයන තහනම පිළිබඳව මුදල් කාරක සභාවේ අවධානය
-
Editor
-
November 3, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
නානකාමර උපාංග ආනයනය තාවකාලිකව අත්හිටුවීමට අදාළ ගැසට් නිවේදනයට අනුමැතිය ලබාදීම පාරිභෝගිකයාට කරන අසාධාරණයක් ද යන්න පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී අවධානය යොමුවී තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතීත්වයෙන් යුත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. මෙම ගැසට් පත්‍රය මගින් නානකාමර උපාංග රැසක් ආනයනය තාවකාලිකව …
Continue Reading
ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව අද තවත් සාකච්ඡාවක්
-
Editor
-
November 3, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (03) දින පැවැත්වීමට නියමිතව ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. ඒ අනුව රජයේ බලධාරීන් සහ අදාළ ණයහිමියන් ඇතුළු පාර්ශව සමඟ zoom ඔස්සේ එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබෙනවා. මීට පෙර පැවති සාකච්ඡාවකට සමගාමීව මෙය පැවැත්වෙන අතර ඒ අනුව එම ණයහිමියන් සමග සාකච්ඡා කොට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහය ලබාගැනීමට අපේක්ෂා කරන බවයි රාජ්‍ය …
Continue Reading
මීගමුව වෙරළ තීරයේ FIFA කලාපයක් නම් කරේ
-
Editor
-
November 3, 2022
-
ක්‍රීඩා
-
0 Comments
කටාර් රාජ්‍යයේ පැවැත්වෙන 2022 පාපන්දු ලෝක කුසලානයට සමගාමීව ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය විසින් මීගමුව වෙරළ තීරයේ ‘FIFA කලාපයක්’ නම් කර තිබෙනවා. මේ යටතේ සංචාරකයින්ට විවිධ පැකේජ යටතේ මෙම කලාපය සඳහා පැමිණිය හැකි අතර කටාර් සහ ඩුබායි රාජ්‍යවලට වඩා අඩු මුදලකට මෙම පැකේජ හඳුන්වාදී ඇති බවයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළේ. 2022 පාපන්දු ලෝක කුසලානය සඳහා කටාර් රාජ්‍යය වෙත පැමිණෙන …
Continue Reading
පොලිස් නිලධාරියෙක් මියයාමේ සිද්ධියට 14 ක් අත්අඩංගුවට
-
Editor
-
November 2, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
කැබිතිගොල්ලෑව ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුට පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 14 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. කැබිතිගොල්ලෑව, රඹකැපූවැව ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියයාමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතවී තිබුණා. පසුව තත්ත්වය පාලනය කිරීම සඳහා කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානාධිපතිවරයා තවත් නිලධාරීන් සිව්දෙනෙකු සමගින් එම ප්‍රදේශයට ගොස් තිබූ අතර …
Continue Reading