නානකාමර උපාංග ආනයන තහනම පිළිබඳව මුදල් කාරක සභාවේ අවධානය

Spread the love

නානකාමර උපාංග ආනයනය තාවකාලිකව අත්හිටුවීමට අදාළ ගැසට් නිවේදනයට අනුමැතිය ලබාදීම පාරිභෝගිකයාට කරන අසාධාරණයක් ද යන්න පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී අවධානය යොමුවී තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතීත්වයෙන් යුත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

මෙම ගැසට් පත්‍රය මගින් නානකාමර උපාංග රැසක් ආනයනය තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන ඇති අතර ඒ අනුව මේ සම්බන්ධයෙන් අධ්‍යනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යංශයට කමිටුව විසින් නිර්දේශ කර ඇති බවයි සඳහන් වන්නේ.

Related Posts