ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
-
Editor
-
November 7, 2022
-
ක්‍රීඩා
-
0 Comments
ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සිඩ්නි අධිකරණයේ දී ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ඔස්ට්‍රේලියා පොලීසිය විසින් ඊයේ (06) ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.
Continue Reading
මැතිවරණ කල් දැමීමේ උත්සාහය නැවැත්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නවා
-
Editor
-
November 7, 2022
-
දේශපාලන
-
0 Comments
සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව හරහා මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව දරන උත්සාහය නැවැත්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් පවසනවා. මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ, අවශ්‍ය මොහොතේදී ඒ සදහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද සූදානම් බවයි. ජනතාව තුළ ආණ්ඩුවට ඇති අකමැත්ත මැතිවරණයට ගියහොත් ඔප්පු වන බැවින් එය නැවැත්වීම සඳහා ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය …
Continue Reading
කන්දකාඩු සිද්ධිය සම්බන්ධයෙන් ජනපති වාර්තාවක් ඉල්ලයි
-
Editor
-
November 7, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ජනාධිපතිවරයා විසින් ඉල්ලීමක් කර තිබෙනවා. එසේම ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එවැනි සිදුවීම් යළි ඇති නොවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා දැනුම්දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශ සඳහන් කළේ. කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඊයේ (06) රාත්‍රියේ දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබූ අතර එහිදී රැඳවියන් 50 කට ආසන්න පිරිසක් …
Continue Reading
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් පිරිසක් පළායයි
-
Editor
-
November 7, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 50කට ආසන්න සංඛ්‍යාවක් පළාගොස් තිබෙනවා. පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් අතරතුර මෙලෙස රැඳවියන් පිරිසක් පළාගොස් ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව පළාගිය පිරිස සොයා මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ.
Continue Reading
ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනමක්
-
Editor
-
November 7, 2022
-
ක්‍රීඩා
-
0 Comments
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ සඳහා තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පියවර ගෙන තිබෙනවා. එසේම ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කඩිනමින් පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ඔහුට එරෙහි ඕස්ට්‍රේලියාවේ උසාවියේ නඩුව අවසන් වූ පසු, එම ක්‍රීඩකයා වරදකරු වුවහොත් ඔහුට දඬුවම් කිරීමට පියවර ගන්නා බවයි ශ්‍රී …
Continue Reading
ලිට්‍රෝ ගෑස් මිල ඉහළට
-
Editor
-
November 6, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
අද (06) සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා. * කිලෝ ග්‍රෑම් 12.5 – රු.80 කින් (නව මිල රු.4,360) * කිලෝ ග්‍රෑම් 5 – රු.30 කින් (නව මිල රු.1,750) * කිලෝ ග්‍රෑම් 2.3 – රු.15 කින් (නව මිල රු.815)
Continue Reading
ඉන්ධන ඇනවුම් නොකළ ඉන්ධනහල්වලට දින 3 ක දඬුවම් කාලයක්
-
Editor
-
November 6, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
ඉන්ධන මිල අඩුවෙතැයි අපේක්ෂාවෙන් ඉන්ධන ඇණවුම් නොකළ පිරවුම්හල් හිමියන් වෙත දඬුවමක් වශයෙන් දින 03ක කාලයක් ඉන්ධන ලබානොදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසනවා. මේ හේතුවෙන් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වැසී ගොස් ඇති අතර ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් පවතිනවා. දඬුවම් ක්‍රියාමාර්ගය හේතුවෙන් පාරිභෝගිකයින්ට අපහසුතාවට පත්වී ඇති බවත් අද (06) දිනය වන විට …
Continue Reading
මෙරට නිල සංචිත වත්කම් පහළට
-
Editor
-
November 6, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය මෙම වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසය තුළ පහළ බැස ඇති බව මහ බැංකුව පවසනවා. සැප්තැම්බර් මාසයේ මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1,779ක් පැවැති බවත් එය ඔක්තෝබර් මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 1,704ක් දක්වා පහත බැස ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ. ඒ අනුව, සැප්තැම්බර් මාසයට සාපේක්ෂය ඔක්තෝබර් මාසය තුළ මෙරට නිල සංචිත …
Continue Reading
ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රෙලියාවේදී අත්අඩංගුවට
-
Editor
-
November 6, 2022
-
ක්‍රීඩා
-
0 Comments
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (05) සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගත් බවට වාර්තා වනවා. කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. ධනුෂ්ක ගුණතිලක නොමැතිව ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ කොළඹ බලා පිටත්වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Continue Reading
ගෑස් හිඟ නොවන බව ලිට්‍රෝ සභාපති සහතික වෙයි
-
Editor
-
November 5, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
දුරේදී යළිත් ගෑස් හිඟයක් ඇති නොවන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා. මෙට්‍රික් ටොන් 28,000 ආසන්න ගෑස් ඇනවුම් කර ඇති බවත් ඒ හේතුවෙන් නොවැම්බර් මාසයේ ගෑස් හිඟයක් ඇති නොවන බවයි ඔහු සඳහන් කළේ. කෙසේ නමුත් ඇතැම් අලෙවි නියෝජිතයින් මිල සංශෝධනයක් සිදුවේ යැයි අපේක්ෂාවෙන් ඇණවුම් ලබා නොදීම හේතුවෙන් හිඟයක් වාර්තා වූ බවත් සඳුදා දිනය වන විට අදාළ ගැටලුව සම්පූරණයෙන්ම විසඳීමට …
Continue Reading