ගෑස් හිඟ නොවන බව ලිට්‍රෝ සභාපති සහතික වෙයි

Spread the love

දුරේදී යළිත් ගෑස් හිඟයක් ඇති නොවන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.

මෙට්‍රික් ටොන් 28,000 ආසන්න ගෑස් ඇනවුම් කර ඇති බවත් ඒ හේතුවෙන් නොවැම්බර් මාසයේ ගෑස් හිඟයක් ඇති නොවන බවයි ඔහු සඳහන් කළේ.

කෙසේ නමුත් ඇතැම් අලෙවි නියෝජිතයින් මිල සංශෝධනයක් සිදුවේ යැයි අපේක්ෂාවෙන් ඇණවුම් ලබා නොදීම හේතුවෙන් හිඟයක් වාර්තා වූ බවත් සඳුදා දිනය වන විට අදාළ ගැටලුව සම්පූරණයෙන්ම විසඳීමට කටයුතු කරන බවයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts