
T20 : නවසීලන්තය හා පාකිස්ථානය අතර තරඟය අද
මෙවර T20 ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරඟය අද (09) මෙල්බර්න්වලදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර දහවල් 1.30 ට මෙම තරඟය ආරම්භවීමට නියමිතයි.
Continue Reading
මෙවර T20 ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරඟය අද (09) මෙල්බර්න්වලදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර දහවල් 1.30 ට මෙම තරඟය ආරම්භවීමට නියමිතයි.
Continue Reading
මෙරට ණය ප්‍රතිව්‍යුවහගතකරණය සඳහා චීන රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් පවසනවා. ඒ අනුව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ හා ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් අතර පැවති හමුවකදී ඔහු මේ බව සඳහන් කළ බවයි මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ. දීර්ඝ කාලයක් පුරා දෙරට අතර පවතින සබඳතා ශක්තිමත් කර ගනිමින් ශ්‍රී ලංකාවට තවදුරටත් සහය දක්වන …
Continue Reading
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් ට අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව නොවැම්බර් මස 25 වන දා දක්වා එම කාලය දීර්ඝ කළ බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
Continue Reading
කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීමේ කටයුතු මීට සුළු වේලාවකට පෙර ආරම්භ කර තිබෙනවා. ඉන්දියාවේ අදානි සමූහය, එහි දේශීය හවුලකරු වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 700ක් ආයෝජනය කිරීමට නියමිතයි.
Continue Reading
ආගමන හා විගමන අංශයේ පරිගණක පද්ධතියේ දෝෂයක් හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළේ මගීන් සඳහා ආගමන හා විගමන ක්‍රියාවලිය මේ වන විට අතින් සිදු කරන බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම පවසනවා. දෝෂය නිවැරදි කරන තුරු එම ක්‍රියාවලිය අතින් සිදු කරන බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.
Continue Reading
පාර්ලිමේන්තුව අද (08) පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විපක්ෂය ගෙන එන සභාව කල්තැබීමේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පෙරවරු 09.30 සිට පස්වරු 5.00 දක්වා පාර්ලිමේන්තුව පැවැත්වීමට නියමිත අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද පස්වරු 12.30ට පැවැත්වීමටද නියමිතයි.
Continue Reading
මෙම වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද (08) පස්වරුවේ දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා. එය පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස අනෙකුත් රටවල් වලට දිස් වුවද මෙරටට දිස්වන්නේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස බවයි මහාචාර්යවරයා සඳහන් කළේ. ඒ අනුව පස්වරු 5.48 සිට 6.19 වනතෙක් විනාඩි 31 ක් අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස එය ශ්‍රී ලංකාවේ …
Continue Reading
සරණාගතයින් බවට සැකකෙරෙන ශ්‍රී ලාංකිකයින් 300ක පමණ පිරිසක් රැගත් යාත්‍රාවක් වියට්නාම – සිංගප්පූරු මුහුදු සීමාවේදී මුදාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙකු රැගත් LADY R3 නම් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාව ඊයේ (07) වියට්නාමය සහ සිංගප්පූරුව ආසන්න මුහුදේදී අනතුරට ලක්ව තිබෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්රි සඳහන් කළේ, ඔවුන් මෙරටට ගෙන්වාගැනීම …
Continue Reading
බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සහ දිවයින පුරා පිහිටි සියලුම ප්‍රදේශීය කාර්යාලවල විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට තාවකාලිකව අත්හිටුවා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා. පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
Continue Reading
මහ කන්නයේදී වී වගාව සදහා අවශ්‍ය සියලු කෘමිනාශක සහ වල් නාශක ගොවි ජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවි ජනතාව වෙත ලබාදීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. කෘමිනාශක හා වල් නාශක බෙදා හරිනු ලබන සියලු පෞද්ගලික ආයතන සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අතර පැවති සාකච්ඡාවකදී එම වැඩපිළිවෙල සදහා එකගතාව පළ වී ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව …
Continue Reading