මිල්ලනිය පොලීසියේ ස්ථානාධිපතිට ස්ථාන මාරුවක්

හොරණ, මිල්ලනිය පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.ඒ.ජී.එන් විජේතුංග හට ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා. ඔහුව සාමාන්‍ය රාජකාරි සඳහා ඇල්පිටිය කොට්ඨාසය වෙත ස්ථාන මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ. පසුගියදා හොරණ, මිල්ලනිය ප්‍රදේශයේ පාසලක දරුවන්ට විදුලි සැර වද්දා පහර දීමක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණා.

Continue Reading

බංග්ලාදේශය IMF සමඟ ඩොලර් බිලියන 4.5 ක කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් බංග්ලාදේශය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක ආධාර වැඩසටහනක් වෙනුවෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබෙනවා. ඒ අනුව මෙය මාස 42 ක කාර්යමණ්ඩල එකඟතාවයක් බවත් සාර්ව ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීම මෙහි අරමුණ බවයි සඳහන් වන්නේ.

Continue Reading

තාවකාලික රියැදුරු බලපත්‍ර වෙනුවට නිල බලපත්‍ර කාඩ්පත් නිකුත් කිරීම සඳුදා ඇරඹේ

තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කළ පුද්ගලයන්ට එළඹෙන නොවැම්බර් 14 සඳුදා සිට නිල බලපත්‍ර කාඩ්පත් නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නිල රියදුරු බලපත්‍ර කාඩ්පත් තැපැල් මාර්ගයෙන් අයිතිකරුවන් වෙත ලබා දීමට කටයුතු කරන බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ සඳහන් කළේ. නිල රියදුරු බලපත්‍ර කාඩ්පත් නිකුත් කර ගත නොහැකි වීම හේතුවෙන්, පුද්ගලයන් ලක්ෂ 6කට …

Continue Reading

අනතුරට ලක්වූ යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර

අනතුරට ලක්වූ යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිස කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසනවා. අදාළ යාත්‍රාව අනතුරට ලක්වනවාත් සමග එම නෞකාවේ සිටි සේවකයින් පළාගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙකු රැගත් මියන්මාර ධජය සහිත LADY R3 ධීවර යාත්‍රාව පසුගිය සඳුදා කාර්මික දෝෂයක් හේතුවෙන් …

Continue Reading

විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීමේදී සිදුවූ ප්‍රමාදය නිවැරදි කිරීමට වැඩපිළිවෙළක්

විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීමේදී පසුගිය කාලයේ සිදුවූ ප්‍රමාදය නිවැරදි කිරීමට වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්ද ඉදිරිපත් කර ඇති බවත් භාණ්ඩාගාර අනුමැතිය ලබාගැනීමෙන් පසුව කොටස් දෙකක් වශයෙන් මෙම ගෙවීම් සිදුකිරීම සඳහා කටයුතු සලසන බවයි අග්‍රමාත්‍යවරයා සඳහන් කරන්නේ. පාර්ලිමේන්තුවේ පැවති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයීය උපදේශක කාරක …

Continue Reading

මුදල් සොරකම් කරන කණ්ඩායමක සිව්දෙනෙක් අත්අඩංගුවට

දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී විවිධ පුද්ගලයින් රවටා මුදල් සොරකම් කරන ලද කණ්ඩායමක සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මෙම සැකකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටින පුද්ගලයින්ට ශ්‍රි ලංකා රුපියල්වලට ඩොලර් මාරුකර දෙන බව පවසමින් සහ විවිධ වාහනවල අමතර කොටස් අඩු මුදලට ලබාදෙන බව පවසා මුදල් වංචා කර ඇති බවට අනාවරණය වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ඒ සඳහා විවිධ …

Continue Reading

T20 : ඉන්දියාව හා එංගලන්තය අතර තරඟය අද

මෙවර T20 ලෝක කුසලානයේ දෙවන අවසන් පූර්ව තරඟය අද (10) ඇඩිලේඩ්වලදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර දහවල් 1.30 ට මෙම තරඟය ආරම්භවීමට නියමිතයි.

Continue Reading

මෙරටින් තවත් මංකිපොක්ස් ආසාදිතයෙක් වාර්තාවෙයි

ශ්‍රී ලංකාවෙන් තවත් මංකිපොක්ස් ආසාදිතයෙක් හඳුනාගෙන තිබෙනවා. එම ආසාදිතයා ඩුබායි සිට මෙරටට පැමිණි පුද්ගලයෙක් වන අතර මේ වනවිට ඔහු ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවයි සඳහන් වන්නේ. ඉකුත් 01 වනදා ඩුබායි සිට පැමිණි වයස අවුරුදු 20ක පමණ ශ්‍රී ලාංකික තරුණයෙකු පළමු මංකිපොක්ස් ආසාදිතයා ලෙස හඳුනාගෙන තිබුණා.

Continue Reading

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණ තිබෙනවා. මේ වන විට පාර්ලිමේන්තු සභාවාරය පැවැත්වෙමින් ඇති බවයි සඳහන් වන්නේ.

Continue Reading