මුදල් සොරකම් කරන කණ්ඩායමක සිව්දෙනෙක් අත්අඩංගුවට

Spread the love

දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී විවිධ පුද්ගලයින් රවටා මුදල් සොරකම් කරන ලද කණ්ඩායමක සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම සැකකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටින පුද්ගලයින්ට ශ්‍රි ලංකා රුපියල්වලට ඩොලර් මාරුකර දෙන බව පවසමින් සහ විවිධ වාහනවල අමතර කොටස් අඩු මුදලට ලබාදෙන බව පවසා මුදල් වංචා කර ඇති බවට අනාවරණය වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ සඳහා විවිධ ස්ථානවලට පැමිණෙන ලෙස දැනුම් දී අනතුරුව එම පුද්ගලයින් මුදල් රැගෙන පැමිණි පසු සැකකරුවන් විසින් එම මුදල් කොල්ලකා පළාගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 33, 34, 50 සහ 53 හැවිරිදි වියේ පසුවන ත්‍රිකුණාමලය, තලවාකැලේ, අනුරාධපුරය යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් සිව්දෙනෙක් වන අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts