ශ්‍රී ලංකාව තනි කරන්නේ නැහැ – චීන තානාපති

Spread the love

මෙරට ණය ප්‍රතිව්‍යුවහගතකරණය සඳහා චීන රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් පවසනවා.

ඒ අනුව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ හා ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් අතර පැවති හමුවකදී ඔහු මේ බව සඳහන් කළ බවයි මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

දීර්ඝ කාලයක් පුරා දෙරට අතර පවතින සබඳතා ශක්තිමත් කර ගනිමින් ශ්‍රී ලංකාවට තවදුරටත් සහය දක්වන බවත් ශ්‍රී ලංකාව කිසිසේත්ම තනි නොකරමින් පවතින අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදා ගෙන යථාතත්ත්වයට පත් කර ගැනීමට අඛණ්ඩව සහයෝගය ලබාදෙන බවයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

Related Posts