ඉන්දියාවේ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 91 ක් මරුට

Spread the love

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කේබල් පාලමක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් මේ වන විට පුද්ගලයන් 91 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අතුරුදන් වූ තවත් 100 කට වැඩි පිරිසක් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායමක් පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

මියගිය අයගෙන් බොහෝ දෙනෙක් කාන්තාවන් සහ ළමුන් වන අතර පුද්ගලයන් 70 ක් පමණ බේරාගෙන රෝහල් ගත කර තිබෙනවා.

වසර 150 කට ආසන්න පැරණි සහ ජනප්‍රිය සංචාරක ස්ථානයක් වන මෝර්බි හි කේබල් පාලම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මාස හතක් වසා දමා තිබී ඇති අතර ගුජරාටි අලුත් අවුරුද්ද වන ඔක්තෝබර් 26 වන දින නැවත මහජනතාව සඳහා විවෘත කිරීමෙන් පසු මෙලෙස කඩාවැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related Posts