දුෂ්මන්ත චමීරගේ සැත්කම සාර්ථකව අවසන් වෙයි

Spread the love

පසුගියදා ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර හට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී කළ සැත්කම සාර්ථකව අවසන් කර ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා විසින් මේ බව පවසා සිටියා.

මාස 03කට පමණ පසුව චමීරව නැවත ක්‍රීඩා කටයුතු සඳහා එක් කිරීමට අපේක්ෂා කරන බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා වැඩිදුරටත් පවසා සිටියා.

Related Posts