වාහන මංකොල්ලකෑම් සහ සොරකම් කිරීම් ඉහළ ගිහින්

රට පුරා වාහන මංකොල්ලකෑම් සහ සොරකම් කිරීම් සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව පවසනවා. 2021 වසරේදී වාහන 1405 ක් සොරකම් කර ඇති බවත් එසේම 2022 වසරේ සැප්තැම්බර් 30 වනදා දක්වා වාහන 1406 ක් සොරකම් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ. ඒ අනුව බස් රථ 12 ක්, වෑන් රථ 25 ක්, …

Continue Reading

Twitter සමාජ මාධ්‍ය ජාලයේ අයිතිය Elon Musk හිමිකර ගනී

Tesla සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Elon Musk විසින් Twitter සමාජ ජාලයේ හිමිකාරීත්වය ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇමෙරිකානු ඩොලර් බිලියන 44 ක් වැයකරමින් Twitter ආයතනයේ බහුතර කොටස් මිලදීගැනීම හරහා ඔහු මෙලෙස එහි හිමිකාරීත්වය තතවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. එමෙන්ම සිය අයිතිය තහවුරු කරගත් පසු Elon Musk විසින් එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සහ ප්‍රධාන මූල්‍ය …

Continue Reading

යූරියා පොහොර ගොඩබෑමේ කටයුතු ඇරඹේ

මහ කන්නය වෙනුවෙන් ගෙන්වූ පළමු යූරියා පොහොර තොගය නෞකාවෙන් ගොඩබෑමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. යූරියා පොහොර රැගත් පළමු නෞකාව පසුගිය 26 වනදා දිවයිනට පැමිණි අතර ඒ අනුව පොහොර මෙට්‍රික් ටොන් 12,500 ක් මෙලෙස චීනයෙන් ගෙන්වා තිබෙනවා. ඒ අනුව එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ, ගොවීන්ට නිසි වේලාවට පොහොර ලබාදීමට කටයුතු කරන බවයි. පළමු …

Continue Reading

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 06 ක්

නව දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වනවිට පෙත්සම් 06ක් ඉදිරිපත් කර තිබෙනවා. මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ සෙසු පුරවැසියන් විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා. යෝජිත නව දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර …

Continue Reading

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය අද

මෙවර T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ A කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහභාගි වන තෙවන තරඟය අද (29) පැවැත්වෙනවා. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතයි. මේ අතර තරඟය පැවැත්වෙන සිඩ්නි ප්‍රදේශයට වැසි ඇතිවීමේ සම්භාවිතාව 05% ක් ලෙසයි එරට කාලගුණ වාර්තා සඳහන් කරන්නේ.

Continue Reading

අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් යළි සංශෝධනය කෙරේ

අද (27) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ පැවති සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව එම අමාත්‍යාංශවලින් ඉවත් කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ අනුබද්ධිත ආයතන සහ රොබෝ තාක්ෂණය …

Continue Reading

විදුලි බිලට 2.5⁣%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද එක් කෙරේ

2022 ඔක්තෝබර් මස 01 වනදා සිට විදුලි පාරිභෝගිකයින්ගෙන් 2.5% ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අයකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව සමාජ ආරක්ෂණ බදු පනතට අනුව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සැපයුම සමාජ ආරක්ෂණ දායකත්ව බද්දට යටත් වන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරන්නේ. මෑතකදී විදුලි ගාස්තු සංශෝධනය කිරීම හේතුවෙන් විදුලි පරිභෝජනය මෙම බද්දෙන් නිදහස් කරන ලෙස මහජන …

Continue Reading

T20 ලෝක කුසලානයේ 02 කාණ්ඩයේ තරඟ 03 ක් අද

T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ 02 කාණ්ඩයේ තවත් තරඟ 03 ක් අද (27) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව දකුණු අප්‍රිකානු හා බංග්ලාදේශ කණ්ඩායම් අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 8.30 ට පැවැත්වෙන අතර නෙදර්ලන්තය හා ඉන්දියාව අතර තරඟය දහවල් 12.30 ට පැවැත්වීමට නියමිතයි. එමෙන්ම පාකිස්ථාන කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30 ට පැවැත්වීමට …

Continue Reading

මහ බැංකු අධිපති හා ඇමෙරිකානු නියෝජිතයින් අතර හමුවක්

මෙරට සංචාරයක නිරත වී සිටින අමෙරිකාවේ ආසියානු කලාපීය නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත්, භාණ්ඩාගාර ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා හමුවී තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මේ වන විට ඇති කරගෙන ඇති කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති බවයි මෙරට අමෙරිකානු තානාපතිනි ජූලී චන්ග් සඳහන් කළේ. මෙරට මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් ගත හැකි තිරසාර විසඳුම් සහ ආර්ථිකය …

Continue Reading

වැඩි කළ ඉන්ධන සලාකය මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සඳහා පමණයි

වැඩි කළ ඉන්ධන සලාකය ලබාදීමේ හැකියාව පවතින්නේ මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සඳහා පමණක් බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසනවා. ඒ අනුව දුරකථන අංකය හරහා ත්‍රීරෝද රථය මගී ප්‍රවානයේ යෙදෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් නියාමනය වන බවයි ඔහු සඳහන් කළේ. මගී ප්‍රවාහනයේ අදාළ ත්‍රීරෝද රථය නොයෙදෙන බවට අනාවරණය වුවහොත් වැඩි කළ ඉන්ධන සලාකය අහිමිවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් …

Continue Reading