විදුලි බිලට 2.5⁣%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද එක් කෙරේ

Spread the love

2022 ඔක්තෝබර් මස 01 වනදා සිට විදුලි පාරිභෝගිකයින්ගෙන් 2.5% ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අයකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සමාජ ආරක්ෂණ බදු පනතට අනුව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සැපයුම සමාජ ආරක්ෂණ දායකත්ව බද්දට යටත් වන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරන්නේ.

මෑතකදී විදුලි ගාස්තු සංශෝධනය කිරීම හේතුවෙන් විදුලි පරිභෝජනය මෙම බද්දෙන් නිදහස් කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම මුදල් අමාත්‍යංශයට යෝජනා කළ බවත් කෙසේ නමුත් අදාළ පනත අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි සැපයුම මෙම බද්දට යටත් වන බවට මුදල් අමාත්‍යංශය දැනුම්දී ඇති බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related Posts