මෛත්‍රී-සජිත් භාරකාර ආණ්ඩුවකට සැලසුමක්!

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස අග‍්‍රාමාත්‍ය ධුරයට පත්කරමින් භාරකාර ආණ්ඩුවක් ඇති කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සැලසුම් කර ඇති බව වාර්තාවේ. පවත්නා තත්ත්වය තුළ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය පලූදු වී ඇතැයි හේතු දැක්වීමක් කරමින් සජිත් පේ‍්‍රමදාස යටතේ භාරකාර ආණ්ඩුව ස්ථාපනය කිරීම සැලසුම වී ඇතැයි වාර්තා වේ. භාරකාර ආණ්ඩුව යටතේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ටද ඇමති ධුර …

Continue Reading

විශ්වාසභංග සම්බන්ධයෙන් විශ්වාසයක් නැහැ

විශ්වාසභංග ඉදිරිපත් කිරීමට පෙර වර්තමානයේ රටේ පවතින ගැටලුවලට තම පක්ෂය ගෙන ආ නීති සංශෝධනය කිරීම කාලෝචිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. කොළඹ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය. එහිදි අමාත්‍යවරයා පැවසුවේ පුද්ගලික හා පක්ෂ න්‍යාය පත්‍ර තිබෙන නමුත් අවශ්‍ය වන්නේ රටට පොදු න්‍යාය පත්‍රයක් බවයි. විශ්වාසභංග යොජනා ගෙන එමට පෙර …

Continue Reading

මරාගෙන මැරුණු ත්‍රස්තවාදීන්ගේ DNA ඥාතීන් සමඟ සැසඳෙයි; රජයේ රස පරීක්ෂක තහවුරු කරයි

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල කරනු ලැබූ මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන් සියලූ දෙනාගේ ඞීඑන්ඒ සාම්පල ඔවුන්ගේ පවුලේ සමීපතමයන්ගේ ඞීඑන්ඒ සාම්පල සමග සැසෙදන බව රජයේ රස පරීක්‍ෂකවරයා විසින් තහවුරු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය. කොළඹ ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ දෙකක් ගෙන ආ අතර, එයින් එක් පිපිරීමක් සිදු කරන ලද මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් හා …

Continue Reading

පාර්ලිමේන්තු නිලධාරීන් අතර තවත් තවුහිද් ජමාත් ත‍්‍රස්තවාදීන් 04 ක්..!

පාර්ලිමේන්තු සංකීර්ණයේ සේවය කරන තවුහිද් ජමාත් ත‍්‍රස්ත කණ්ඩායමට අයත් තවත් සාමාජිකයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත. පාර්ලිමේන්තු සංකීර්ණයේ භාෂා පරිවර්තකයකු ලෙස සේවය කරමින් සිටි නවුෂාඞ් නමැත්තා සහ කුරුණෑගල මහ රෝහලේ සේවය කරමින් සිටි සහජාන් නමැති තවුහිද් ජමාත් සාමාජිකයන්ගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමේදී පාර්ලිමේන්තුවේ සේවය කරන තවුහිද් ජමාත් සංවිධානයේ තවත් සාමාජිකයන් පිරිසක් පිළිබදව තොරතුරු හෙළි වී …

Continue Reading

ෂරියා විද්‍යාලයට සම්බන්ධ රාජ්‍ය ආයතන 4ක ප්‍රධානීන් ප්‍රශ්න කිරීමට කැඳවයි

මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලයට සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන 4ක ප්‍රධානීන් අද(21) කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. එම කමිටුවේ සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ අද පස්වරු 2.30ට කෝප් කමිටුව රැස්වන බවයි. අධ්‍යාපන අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් ඊට කැඳවා තිබේ. අදාළ විශ්වවිද්‍යාලය ඉදිකිරීමට සම්බන්ධ මූලික කරුණු රාශියක් පිළිබද කමිටුව හමුවේ …

Continue Reading

ෂරියා විද්‍යාලයට අනුමැතිය නොදීමට අගමැති රනිලුත් තීරණය කරයි; මද්‍රසා පාසැල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගන්න නියෝග!

නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය සහ මද්‍රසා පාසැල් සම්බන්ධව මුස්ලිම් මන්ත්‍රීවරු සහ ඇමැතිවරු සමග දීර්ඝ ලෙස සාකච්ඡා කර ඔවුන්ගෙන් ලද යෝජනා තමන් ද අනුමත කරමින් ෂරියා විශ්වවිද්‍යාලවලට අනුමැතිය නොදීමටත් මද්‍රසා අධ්‍යාපන ආයතන අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගෙන ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව පැවසීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය. “ෂරියා විශ්වවිද්‍යාලයට අපි අනුමැතිය …

Continue Reading

ජවිපෙ විශ්වාසභංගය පිටුපස සැඟවුණු දේශපාලන න්‍යායපත්‍රයක්!

පසුගිය පාස්කු ඉරිදා අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව තොරතුරු දැනගෙන තිබියදීත් එය වලක්වාගැනීමට කටයුතු නොකළ අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක ඇමතිවරයා, ඇමති මණ්ඩලය ඇතුළු මුළු ආණ්ඩුවටම එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි. ඒ අනුව එම විශ්වාසභංග යෝජනාව හෙට (21) දින කතානායකවරයාට බාරදෙන බවත් ඒ මහතා අනාවරණය කළේ ය. ඒ මහතා මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත …

Continue Reading

මඩකලපුවේ ෂරියා විද්‍යාලය වහාම රජයට පවරා ගත යුතුයි – විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂත් කියයි

රටේ අද මහත් ආන්දෝලනයට ලක් වී තිබෙන මඩකලපුව පුනානි පිහිටා ඇති ෂරියා විද්‍යාලය රජයට පවරා ගත යුතුව ඇතැයි හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. මෙම ගොඩනැඟිල්ල සඳහා දේශීය සහ විදේශීය අයුරින් කෝටි ගණන් මුදල් වැය කළ උදවිය පිළිබඳව සොයා ගත යුතු බව ද මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේය. මීට අදාළ ගොඩනැඟිල්ල රජයට පවරා ගතහොත් මෙරට විශ්ව විද්‍යාලීය සිසුන්ට …

Continue Reading

“එනවා..එනවා.. මම කොහොමහරි එනවාමයි” ගෝඨාභය අල්ලන, අල්ලන හැම මයික්‍රෆෝනයකටම කියයි

තමන් කෙසේ හෝ අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය සඳහා තරග කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යළි යළිත් ප‍්‍රකාශ කර තිබේ. අල්ජසීරා රුපවාහිනි නාලිකාව සමඟ පැවති සාකච්ඡුාවකදී ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය. පසුගිය අප්‍රේල් 21 වනදා සිදු වූ සැලසුම් සහගත මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් ගලා ගිය මිනිස් ලේ වියැලී ගන්නටත් ප්‍රථම ගෝඨාභය රාජපක්ෂ මහතා තම ආගමනය නිල වශයෙන් රොයිටර් පුවත් …

Continue Reading

තව්හීද් ඡමාත් ත්‍රස්තවාදීන්ගේ ගෝලයෙකු වූ පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක අත්අඩංගුවට

ජාතික තව්හීද් ජමාත් ත‍්‍රස්ත සංවිධානය සමග සමීප සබඳතා පවත්වමින් එහි ප‍්‍රවර්ධන කටයුතු සඳහා පූර්ණ දායකත්වය ලබාදුන් බව කියන පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයකු කුරුණෑගල විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇත. මුනාස් මොහොම්මදු මුන්ටාස් නමැති මෙම සැකකරු ඉකුත් 2006 වසරේ සිට පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයකු ලෙස රාජකාරි කර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ. කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට ලැබුණු රහසිගත …

Continue Reading