මඩකලපුවේ ෂරියා විද්‍යාලය වහාම රජයට පවරා ගත යුතුයි – විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂත් කියයි

Spread the love

රටේ අද මහත් ආන්දෝලනයට ලක් වී තිබෙන මඩකලපුව පුනානි පිහිටා ඇති ෂරියා විද්‍යාලය රජයට පවරා ගත යුතුව ඇතැයි හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. මෙම ගොඩනැඟිල්ල සඳහා දේශීය සහ විදේශීය අයුරින් කෝටි ගණන් මුදල් වැය කළ උදවිය පිළිබඳව සොයා ගත යුතු බව ද මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේය.

මීට අදාළ ගොඩනැඟිල්ල රජයට පවරා ගතහොත් මෙරට විශ්ව විද්‍යාලීය සිසුන්ට මහත් සෙතක් උදාවන බව ද ඉන් අති විශාල මුදල් ප‍්‍රමාණයක් රජයට ඉතිරි කර ගැනීමට හැකි වන බව ද හෙතෙම සඳහන් කළේය.

මෙම ෂරියා විද්‍යාලය රජයට පවරාගෙන එය රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කළ යුතු බවට මුල්ම යෝජනාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන ලද්දේ හිටපු නියෝජ්‍ය කථානායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා විසිනි. එසේම මේ වන විට එය රජයට පවරාගෙන රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කරන ලෙස ඉල්ලා අත්සන් දශ ලක්ෂයක් එකතු කිරීමේ අන්තර්ජාල පෙත්සමක් https://www.thinduwa.com/ වෙබ් අඩවිය ඔස්සේ ක්‍රියාත්මක වෙමින් පවතී. මේ මත ක්ලික් කිරීමෙන් එයට පිවිසීමට හැකියාව පවතී.

මෙම ඉස්ලාම් අන්තවාදී ෂරියා විද්‍යාලය ගොඩනැගීමට මූල්‍යමය ආධාර ලැබුණු ආකාරය පිලිබඳවත් ඒ පිටුපස ක්‍රියාත්මක වූ දේශපාලඥයින්ට අදාළ අන්තවාදී, ජාවාරම්කාර සංවිධාන පිළිබඳවත් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.

ආශ්‍රිත පුවත්: ෂරියා විද්‍යාලය වහාම රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කරනු! දශලක්ෂයක අත්සනින් යුතු පෙත්සමක්!

ආශ්‍රිත පුවත්: ෂරියා විද්‍යාලය වහාම රජයට පවරාගෙන උතුරු නැගෙනහිර ආරක්ෂක විශ්ව විද්‍යාලය බවට එය පත්කළ යුතුයි

RSL

Related Posts