ජවිපෙ විශ්වාසභංගය පිටුපස සැඟවුණු දේශපාලන න්‍යායපත්‍රයක්!

Spread the love

පසුගිය පාස්කු ඉරිදා අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව තොරතුරු දැනගෙන තිබියදීත් එය වලක්වාගැනීමට කටයුතු නොකළ අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක ඇමතිවරයා, ඇමති මණ්ඩලය ඇතුළු මුළු ආණ්ඩුවටම එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඒ අනුව එම විශ්වාසභංග යෝජනාව හෙට (21) දින කතානායකවරයාට බාරදෙන බවත් ඒ මහතා අනාවරණය කළේ ය. ඒ මහතා මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

මේ වනවිටත් මහින්ද රාජපක්ෂ පාර්ශ්වය විසින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර ඇති බැවින් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව න්‍යායපත්‍රයට එන්නේ පිළිවෙලින් දෙවනුව බවත් පළමුව ගැනෙන්නේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව බවත් අවධාරණය කළ අනුර දිසානායක මහතා සඳහන් කර සිටියේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එකඟ වන්නේනම් පමණක් ආණ්ඩුවට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව පළමුව න්‍යායපත්‍රයට ගතහැකි බවයි.

කෙසේ නමුත් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවේ දෝෂ කිහිපයක් පවතින බවත් එය අත්සන් කර ඇත්තේ 2018 මැයි 09ය යැයිද විපක්ෂ නායකවරයා පවා එයට අත්සන් යොදා නැතැයිද අනුර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඇතුළු මුළු ආණ්ඩුවටම එරෙහිව ගෙන එන මෙම විශ්වාසභංගය තුළින් අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව ගෙනැවිත් ඇති විශ්වාසභංගයේ ජනප්‍රියතාවය සහ අවධානය අවම වී යන බව දේශපාලන විචාරකයින්ගේ මතයි. එම නිසා මෙය යම් දේශපාලන කණ්ඩායමක උවමනාව මත සිදුවන උපාය මාර්ගික දේශපාලන සැලැස්මක් විය හැකි බව ඔවුන්ගේ මතයයි.

RSL

Related Posts