නැඳුන්කර්නි හාල් මෝල නැවත ගොඩනැඟේ

ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් තිස් වසරක් පුරා පැවති යුද්ධය නිසා විනාශ වූ වව්නිියාවේ නැඳුන්කර්නි ප‍්‍රදේශයේ හාල් මෝල යළි ඉදිකිරීම සඳහා  සහය දීමට නියමිත බව වාර්තා වේ. මෙය, උතුරේ සමූපකාර සේවා වෙනුවෙන් ලබාදෙන දීර්ඝ කාලීන සහන පැකේජයක මුල් පියවරක් බව කොළඹ පිහිටි ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ කාර්යාලය පවසයි. මෙම හාල් මෝලේදී වසරකට හාල් මෙටි‍්‍රක් ටොන් 4,000ක් පමණ නිපදවීමට හැකි බවත් මෙමගින් රැුකියා …

Continue Reading

රටේ 40000 ක් වන රැහියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ – ඒ.රැ.වි.උ.ස.

මේවන විට 40000කට අධික රැකියා විරහිත උපාධිධාරීන් ප‍්‍රමාණයක් සිටියත් වත්මන් ආණ්ඩුව ඔවුන්ට රැකියා ලබාදීමට කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැති බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු දිනිදු සමන් හෙන්නායකමහතා ප්‍රකාශ කළේය .ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (12) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය. රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දෙන බවට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ලබාදුන් පොරොන්දුව ඡන්ද ගුණ්ඩුවලට පමණක් සීමා වී ඇති …

Continue Reading

මාතර මහ රෝහලේ ශල්‍යකර්ම සිදුකිරීම ඇණහිටී.

ශල්‍යකර්ම සඳහා භාවිතා කරන උපකරණ ජීවානුහරණය කිරීම සඳහා යොදාගන්නා උපකරණ ක්‍රියාවිරහිතවීම හේතුවෙන්, අද (13 සෙනසුරාදා) උදෑසන සිට මාතර මහ රෝහලේ ශල්‍යකර්ම සිදුකිරීම නවතා දැමීමට සිදුව ඇතැයි වාර්තා වේ. මාතර මහ රෝහල සතුව මෙවන් ජීවානුහරණ උපකරණ 5ක් තිබුණද ඒවායින් 4ක්ම මෙයට පෙර ක්‍රියාවිරහිත වී තිබුණු අතර ජීවානුහරණය සඳහා යොදාගත් අවසන් උපකරණයද ඊයේ දිනය තුළ ක්‍රියාවිරහිත වී තිබේ. මෙම උපකරණ ක්‍රියාවිරහිත වීම …

Continue Reading

දැරියක අපයෝජන කළැයි චෝදනා ලද චීවරධාරීයෙකු අත්තඩංගුවට ගන්නැයි නියෝග

චීවරධාරීයෙකු විසින් 13 හැවිරිදි දැරියක් වරින්වර ලිංගික අපයෝජනයට ලක් කළ බවට ලැබී ඇති පැමිණිල්ලකට අනුව ඊ‍යේ (12 සිකුරාදා) මිහින්තලය පොලීසිය විසින් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබිණි. ඒ අනුව මේ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මිහින්තලය රජ මහාවිහාරස්ථානයේ නායක හිමියන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු දර්ශිකා විමලසිරි මෙනෙවිය විසින් නියෝග කර තිබේ. …

Continue Reading

බර්ලින් තාප්පය ඉදිකර වසර 50 යි

බටහිර ජර්මනිය හා නැගෙනහිර ජර්මනිය වෙන් කරමින් ගොඩනැගුනු බර්ලින් තාප්පය ඉදිකර අදට (13 අගෝ.) වසර 50 කි. අද (13 අගෝ.) ජර්මනියේ බර්ලින් අගනුවරදී මෙම අවස්ථාව සමරනු ලැබේ. 1961 අගෝස්තු 13 දින ඉදිකල මෙම තාප්පය තරණය කිරීමට ගත් උත්සහයෙන් මිය ගිය පුද්ගලයන් සිහිකරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් එරට වේලාවෙන් මධ්‍යහන 12ට පැවැත්වෙනු ඇති අතර, මෙම අවස්ථාවේදී බර්ලිනයේ සියළු රථවාහන ගමනාගමනය අත්හිටුවනු ලැබේ. බර්ලින් …

Continue Reading

ජාත්‍යන්තර විමර්ශනයකට මුහුණ දීමට සිදුවිය හැකි බව ඇමරිකාව යළි අවධාරණය කරයි.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශිකා වික්ටෝරියා නුලන්ඞ් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේ( අගෝ. 12)යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පිළිගත හැකි ආකාරයේ සොයා බැලීමක් ඉක්මනින් ශී‍්‍ර ලංකා රජය සිදු නොකළහොත් ජාත්‍යන්තර විමර්ශනයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇතැයි බවයි. ජනතාවට විශ්වාසය තැබිය හැකි ආකාරයේ විමර්ශණ කි‍්‍රයාවලියක් සිදු කිරීමට ලක් රජය වගකීමෙන් කටයුතු කළයුතු බව ඇය මාධ්‍යවේදීන් හමුවේ පැවසූ බව පීටීඅයි වාර්තා කරයි. කෙසේ …

Continue Reading

පොතුවිල් හා තිරුක්කෝවිල් ප‍්‍රදේශවලට පොලිස් අඳිරිනීතිය

පොතුවිල් හා තිරුක්කෝවිල් ප‍්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව වාර්තා වේ. පොලීසියට එරෙහිව පැවති උද්ඝෝෂණයක් අතරතුර සිදුකළ වෙඩි තැබීමකදී තරුණයෙකු මරුමුවට පත්වීමත් සමගම මෙම තත්ත්වය ඇතිවී තිබේ. කාන්තාවකට පහරදී තුවාල සිදුකළ ‘ගී‍්‍රස් යකෙකු’ අත්අඩංගුවට නොගත් බවට චෝදනා කරමින් ජනතාව එම විරෝධතාව පවත්වා ඇත. එමෙන්ම, අහිංසක පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බවට පවසමින් ඔවුන් නිදහස් කළ යුතු බවට ඔවුහු කියා සිටියහ. …

Continue Reading

සිංහල පාලකයන් ගැන විස්වාසයක් මේ ජනතාව අතර තිබුණා. නමුත් මේ වන විට මේ සිංහල පාලකයෝ මේ විශ්වාසය බිඳගෙන-දියබෙදුමේ සුමනසාර හිමි

යාපනයේ හින්දු විශ්ව විද්‍යාලයේ සිංහල විෂයභාර ආචාර්ය දියබෙදුමේ සුමනසාර හිමි ඒ කාලයේ ප‍්‍රභාකරන් කවපු අදහස්වල තමයි උතුරේ බොහෝ අය තවත් ඉන්නේ. ඒ අදහස් වෙනස් කරන්න වැඩපිළිවෙළක් තවම අප ළඟ නැහැ. අපි යුද්ධය ඉවර කළත් ඉන් එහාට මානුෂීය යුද්ධයක් කළේ නැහැ. එහි ප‍්‍රතිඵල වැඩි දුර නොගොස්ම අපට දකින්නට ලැබේවි.  අපි මේ යන දිසාව වෙනස් නොකළොත් නැවත ප‍්‍රභාකරන් කෙනෙක් බිහි වෙනව කියන එක …

Continue Reading

චින්තනට පනවා ඇති තරග තහනම සම්බන්ධයෙන් අභියාචනයක්

චින්තන ගීතාල්ට පනවා ඇති තරග තහනම ලිහිල් කර ගැනීම සඳහා අන්තර් ජාතික බර ඉසිලීම සංගමයට  අභියාචනයක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා බර ඉසිලීමේ සංගමයේ උප සභාපති පූර්ණ කාහිංගල පවසයි. චීනයේදී නිමා වු ආසියානු ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී සිදු කළ තහනම් උත්තේජක පරීක්ෂණයෙන් පසුව චින්තන ගීතාල් වරදකරු බව තහවුරු විය. ඒ අනුව ගීතාල්ට වසර 4ක තරග තහනමක් පැනවීමට අන්තර්ජාතික බර ඉසිලීමේ …

Continue Reading

වවුනියාවේ හර්තාල්

අමාත්‍ය රිෂාඩ් බදූදීන් මහතාගේ මැදිහත්වීම මත වවුනියාව කුමරාන්කඩු හංදියේ බලහත්කාරයෙන් මුස්ලීම් පල්ලියක් ඉදිකිරීමට විරෝධය පා මේවන විට වවුනියාව නගරයේ හර්තාලයක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ. ලැබෙන ආරංචි මාර්ගවලට අනුව වවුනියාව නගර සභාවේද අවසරය ලබාගෙන නොමැතිව වවුනියාව නගර සභාවට අයත් ඉඩමක, කුමරාන්කඩු හංදිය අසල පිහිටි ඉපැරිණි හින්දු කෝවිලක් ආසන්නයේ මෙම මුස්ලීම් පල්ලිය ඉදිකිරීම ආරම්භ කර තිබේ. මේ අතර මේවන විට වසා …

Continue Reading