විභාග මධ්‍යස්ථානවලට දමිළ බස දන්නා නිරීක්ෂකයින් යොදවන්න – වාසුදේව නානායක්කාර

ද්‍රවිඩ හා මුස්ලිම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විභාගයන්ට පෙනී සිටින විභාග මධ්‍යස්ථාන සඳහා දමිළ භාෂාවෙන් කටයුතු කළ හැකි විභාග නිරීක්ෂකයින් අනිවාර්යයෙන් යෙදවිය යුතු බව ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසින් විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා වෙත දැනුම් දෙනු ලැබ ඇති බව ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසයි. මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථාන කිහිපයක සහ උසස් …

Continue Reading

පෙට්‍රල් ගැන වාර්තාව ලද පසු අවශ්‍ය පියවර ගන්නවා – සුසිල් ප්‍රේමජයන්ත

බාල පෙට්ට්‍රල් ගෙන්වා ඇතැයි කියනු ලබන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාව ලද පසු එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (23 අගෝ.) පාර්ලිමේන්තුවේ දී පැවසී ය. අමාත්‍යවරයා අද මේ බව පාර්ලිමේන්තුවේ දී විපක්ෂයෙන් යොමුකළ වාචික පිළිතුරු අපේෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසී ය. මීට අමතර ව පෙට්ට්‍රල් සම්බන්ධයෙන් පැමිණිලි 2000ක් පමණ ලැබී ඇතැයි ද …

Continue Reading

සිරකරු දින පළමු කොඩිය ජනපතිට පළඳවයි

ලබන සැප්තැම්බර් 12 වනදාට යෙදෙන සිරකරු දිනය නිමිත්තෙන් නිකුත් කරන ලද පළමු සිරකරු දින කොඩිය සිරකරු සුබසාධක සංගමයේ උපසභාපතිනි ඉන්ද්‍රානි ඊරියගොල්ල මහත්මිය විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත ඊයේ (23 අගෝ.) අරලියගහ මන්දිරයේ දී පළඳවනු ලැබුවාය. පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර, අමාත්‍යංශ ලේකම් ඒ. දිසානායක, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් වී.ආර්. ද සිල්වා. සිරකරු සුබසාධක සංගමයේ සභාපති හිටපු …

Continue Reading

යාපනයේ නොසන්සුන්කාරී බව සමනය කරන්න – රනිල් වික්‍රමසිංහ

නාඳුනන සැක කටයුතු පුද්ගලලයින් මර්දනය කරන්නැයි උද්ඝෝෂණය කළ පුද්ගලයින් පිරිසක් යාපනයේදි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂ ානයක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (අගෝ. 23) පාර්ලිමේන්තුවේදි අදහස් පළ කළේය. ඔහුගේ අදහස් දැක්වීම මෙසේය. “ආණ්ඩුව වාර්තා කළා උදයන් පුවත්පතේ වාර්තාකරුවෙකු අත්අඩංගුවට ගත්තා කියලා. ඊයේ යාපනයේ නාවන්තුරෙයි උද්ඝෝෂණයක් තිබිලා තියෙනවා. ග්‍රීස් යක්කුන්ව පාලනය කර ගැනිමේ පොලිසියේ නොහැකියාව මත පොලිසියේ වාහනයකටත් අලාභ හානි සිදුකෙරී තිබෙනවා. ජනතාව චෝදනා …

Continue Reading

රිසානා නෆීක් සම්බන්ධ නඩුව සමගි සන්ධාන කමිටුවකට

සෞදි අරාබියේ මරණ දඬවුමට ලක්ව සිටින රිසානා නෆීක් සම්බන්ධ නඩුව එරට සමගි සන්ධාන කමිටුවකට යොමු කර ඇති බව වාර්තා වේ. මෙහි අරමුණ වන්නේ ඇයට චෝදනා කරනු ලැබ ඇති ඝාතනයට ලක්වූ කුඩා දරුවාගේ දෙමාපියන් සහ ඇය අතර යම් එකඟතාවයක් ඇතිකර ගැනීමයි. මේ වන විටත් එම කමිටුව එම දෙමාපියන් සමගින් සාකච්ඡා ආරම්භ කර ඇති බව සඳහන්.   youtube k0mIFTr9qTU

Continue Reading

ශී‍්‍ර ලාංකික දෙමළ ජනතාව පිළිබඳ ගැටළුව අද ඉන්දීය පාර්ලිමේන්තුවේදී

අද (අගෝ. 23) ඉන්දීය පාර්ලිමේන්තුව වන ලෝක් සභාවේදී ශී‍්‍ර ලාංකික දෙමළ ජනතාව පිළිබඳ ගැටළුව සාකච්ඡා කිරීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් ඉන්දීය රජයේ ස්ථාවරය පිළිබඳව අද ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක් එක්ව සලකා බැලූ බව පී.ටී.අයි. පුවත් සේවය වාර්තා කර සිටී. ස්වදේශ කටයුතු ඇමති පී චිදම්බරම්, අධිකරණ ඇමති සල්මාන් කුර්ෂිඩ් සහ පුද්ගල කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති වී නාරායනසාමි ඊට එක්ව ඇත. අදාළ ගැටළුව සම්බන්ධයෙන් …

Continue Reading

ලිංගිකත්වය උලුප්පන වැඩසටහන් විකාශය කළ මාධ්‍ය නාලිකාව එ.ජා.ප යට එරෙහිව මඩ ප්‍රචාරයක යෙදී සිටිනවා – එ.ජා.ප. භික්ෂු සංසදය

එක්තරා මාධ්‍ය නාලිකාවක් විසින් එ.ජා.ප.යට එරෙහිව ගෙනයන මඩ ව්‍යාපාරය දිගින් දිගටම ගෙනගියහොත් භික්ෂූන් වහන්‍සේලා එයට එරෙහිව නැගී සිටින බවත්, රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය අනුමත කළ නොහැකි වුවද එය මාධ්‍ය මඟින් පුන පුනා ප්‍රකාශ කිරීම සදාචාර විරෝධී බවත් ඊයේ (22 අගෝ.) සේදවත්ත වෙහෙරගොඩැල්ල රජමහා විහාරයේ පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ භික්ෂු සංසදය පැවසීය. පසුගිය සමයන්හි ලිංගිකත්වය පිළිබඳ …

Continue Reading

ඕස්ට්‍රේලියාව සමග පැවති අවසන් එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට කඩුළු 4 ක තියුණු ජයක්

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ අද (22 අගෝ.) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති අවසන් එක්දින තරඟයෙන් කඩුළු 4 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම තරඟයේදී සිදුවූ එක් විශේෂ සිදුවීමක් වන්නේ, එක්දින ජාත්‍යන්තර තරඟවලදී කඩුලු ත්‍රිත්වයන් තුනක් ලබාගත් එකම පන්දුයවන්නා ලෙස ලසිත් මාලිංග ක්‍රිකට් වාර්තා පොතට එක්වීමයි. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පළමුවෙන් පන්දුවට පහරදීම …

Continue Reading

කර්නල් මුවමර් ගඩාෆිගේ නිවස්නය වටා දරුණු සටන්

ලිබියානු නායක කර්නල් මුවමර් ගඩාෆිගේ ට්‍රිපෝලි අගනුවර පිහිටි නිවස්නය වටා දරුණු සටන් පවතී. වසර 41 පුරා ලිබියාව පාලනය කළ මුවමර් ගඩාෆි අවධාරණය කළේ තමා ට්‍රිපෝලි අගනුවර හැර නොයන බවයි. ඔහු ට්‍රිපෝලි වැසියන්ගෙන් ඉල්ලා සිටියේ අවසානය තෙක් සටන් කරන ලෙසයි. ට්‍රිපෝලි අගනුවර බලය අත්පත් කර ගැනීම සදහා ලිබියානු කැරලිකරුවන් ඊයේ මෙහෙයුම් ආරම්භ කළේය. ලිබියානු කැරලිකරුවන් අද අලුයම ප්‍රකාශ කළේ කර්නල් මුවමර් …

Continue Reading

යාපනයේ ධීවරයන්ට යළිත් අවසර පත‍්‍රයක්

ධීවර කටයුතු සඳහා අවසර පත‍්‍ර ලබා ගැනීම 2009 වසරේදී අහෝසි කිරීමෙන් පසුව දැන් නැවතත් එසේ ධීවර කටයුතුවල යෙදීම සඳහා අවසර පත‍්‍රයක් ලබා ගැනීමට සිදුව ඇතැයි යාපන දිස්ත‍්‍රක්ක ධීවර සංගම් කියයි. මෙම අවසරපත් ලබා ගැනීමට ධීවරයන්ට හමුදාව වෙත ඡායාරූප තුනක් ලබාදිය යුතු බව ද පැවසේ. හමුදාව විසින් කුරුනගර් ධීවර සංවර්ධන සමිතියට පසුගිය 19 වැනිදා මේ සම්බන්ධයෙන් ලිඛිතව දන්වා ඇතැයි ද වාර්තා …

Continue Reading