යාපනයේ නොසන්සුන්කාරී බව සමනය කරන්න – රනිල් වික්‍රමසිංහ

Spread the love

නාඳුනන සැක කටයුතු පුද්ගලලයින් මර්දනය කරන්නැයි උද්ඝෝෂණය කළ පුද්ගලයින් පිරිසක් යාපනයේදි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂ ානයක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (අගෝ. 23) පාර්ලිමේන්තුවේදි අදහස් පළ කළේය.

ඔහුගේ අදහස් දැක්වීම මෙසේය.

“ආණ්ඩුව වාර්තා කළා උදයන් පුවත්පතේ වාර්තාකරුවෙකු අත්අඩංගුවට ගත්තා කියලා. ඊයේ යාපනයේ නාවන්තුරෙයි උද්ඝෝෂණයක් තිබිලා තියෙනවා. ග්‍රීස් යක්කුන්ව පාලනය කර ගැනිමේ පොලිසියේ නොහැකියාව මත පොලිසියේ වාහනයකටත් අලාභ හානි සිදුකෙරී තිබෙනවා. ජනතාව චෝදනා කරනවා ඊයේ රාත්‍රී ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් විසින් තමන්ට පහර දුන්නා කියලා. පුද්ගලයින් 17දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අධිකරණයෙන් පිටතට සිට ඡායාරූප ගත්තු ඡායාරූප ශිල්පියෙකුත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ ගැටලුව ඇතිවෙලා තියෙන්නේ ග්‍රීස් යක්කුන්ට එරෙහිව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසියට නොහැකිවීම හේතුවෙන්. හැබැයි ඒ ගොල්ලෝ ඡායාරූප ශිල්පියෙක් නම් අත්අඩංගුවට අරන් තියෙනවා. ඉතින් මම ආණ්ඩුවෙන් රජයෙන් ඉල්ලා සිටිනවා උද්ගතවෙලා තියෙන තත්ත්වය ගැන අවධානය යොමු කරලා යාපනයේ ඇතිවෙලා තියෙන තත්ත්වය සමනය කරන්න කියලා

RSL

Related Posts