රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කැඳවා තිබූ වැඩ වර්ජනය කල් යයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඊයේ (06 සැප්.) සවස පැවැති සාකච්ඡාවකින් පසු අද (07 සැප්.) දින පැවැත්වීමට නියමිතව තිබූ වෛද්‍ය වැඩ වර්ජනය සතියකින් කල් දැමීමට එම සංගමය තීරණය කර ඇත. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධි පාඨමාලාවන් පැවැත්වීමට යාම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් ඊයේ සෞඛ්‍ය ඇමැතිවරයා සමඟ කළ සාකච්ඡාවකදී කරුණු පහක් මුල් …

Continue Reading

පළමු ඉනිමේ දුර්වල පිතිහරඹය පරාජයට හේතු වුනා – ටී. එම්. ඩිල්ශාන්

ගාල්ල ක්‍රීඩාංගණයේ ක්‍රියාත්මක පළමු තරගයේදී සංචාරක ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම හමුවේ ලකුණු 125 ක පරාජයක්‌ ලැබීමට ප්‍රධානම හේතුව වූයේ පළමු ඉනිමේදී පිතිකරුවන් දැක්‌වූ දුර්වල පිතිහරඹය නිසා බව ශ්‍රී ලංකා කණ්‌ඩායම් නායක තිලකරත්න ඩිල්ෂාන් පවසයි. “අපි ඕස්ට්‍රේලියානුවන් පළමු ඉනිමේදී ලකුණු 273 කට සීමා කරන්න සමත්වුණා. ඒ වුණත් මම හිතන්නෙ එතනත් ලකුණු ටිකක්‌ වැඩි වුණා. තරගය පරාජය වීමට ප්‍රධානම හේතුව වූයේ අපේ පිතිකරුවන් පළමු …

Continue Reading

ශ්‍රී ලංකා අවුරුදු 18 න් පහළ රගර් කණ්ඩායම අද ලන්ඩනයට

යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා අවුරුදු 18 න් පහළ රගර් කණ්ඩායම අද (06 සැප්.) පිටත්ව යයි. ලන්ඩනයේ අයිල් ඔෆ් මෑන් හී හෙට සිට 13 දින දක්වා පැවැත්වෙන සිවු වැනි යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රගර් තරගාවලියට ඔස්ටේ‍්‍රලියාව, එංගලන්තය, කැනඩාව, දකුණු අපි‍්‍රකාව, ස්කොට්ලන්තය, ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටුබෑගෝ, යන රටවල් සමග ශ්‍රී ලංකාව තරග වදිති. …

Continue Reading

රජයේ වෛද්‍යවරු හෙට දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක

මාලබේ පිහිටි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නීත්‍යනුකූලභාවය ලබාදීම සඳහා මුද්‍රණය කර ඇති ගැසට්‌ නිවේදනය අහෝසි කරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍යවරු හෙට (07 සැප්.) උදෑසන 8 සිට දවල් 12.00 දක්‌වා කාලය තුළ දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. මාලබේ පිහිටි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නීත්‍යනුකූලභාවය ලබාදීම හා එම වෛද්‍ය විද්‍යාලය හරහා රජයේ වෛද්‍ය විද්‍යාලවලින් පිරිනමන එම්. බී. …

Continue Reading

ජිනීවා ජගත් මානව හිමිකම් සැසියට ශ්‍රී ලංකාව සූදානම්

නොබෝ දිනකින් (12 සැප්.) ජිනීවා නුවර දී ආරම්භ වන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 10 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රශ්න කීරීමක් සිදු වුවහොත් එම චෝදනා වලට පිළිතුරු දීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිස සූදානම් බව, රජය අවධාරණය කරයි. ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය, ජයග්‍රහණ, මානව හිමිකම් සුරැකීමට ගත් පියවර, පුනරුත්ථාපනය, නැවත පදිංචි කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් එම සැසිවාරයට …

Continue Reading

සොයිසාපුර – මට්ටක්කුලිය බස් වර්ජනයක්

මාර්ග අංක 155 සොයිසාපුර – මට්ටක්කුලිය අතර ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ රියදුරන් අද (06 සැප්.) උදෑසන සිට බස් රථ වර්ජනයක් ආරම්භ කර ඇත. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනුයේ කිසියම් පිරිසක් විසින් බස් රථ සේවකයෙකුට සිදු කර ඇති පහරදීමක් හේතුවෙන් එයට විරෝධය දැක්වීමට මෙසේ වර්ජනයක නිතර වන බවය. එබැවින් විකල්ප බස් මාර්ග භාවිතා කරන …

Continue Reading

සාම්පූර් ගල් අඟුරු බලාගාරයේ ගිවිසුම් අත්සන් කිරීම අද

මෙරට ඉදිකෙරෙන දෙවැනි ගල් අඟුරු බලාගාරය වන සාම්පූර් ගල් අඟුරු බලාගාරයට අදාළ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඒකාබද්ධ ගිවිසුම අද (06 සැප්.) පෙරවරුවේ අස්සන් කෙරේ. මෙගාවොට් පන්සියයක ධාරිතාවකින් යුතු මේ බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ලබන වසරේදී (2012) ආරම්භ කිරීමට නියමිත අතර ව්‍යාපෘතිය 2017 වසරේදී අවසන් කිරීමට සැලැසුම් කර ඇත. සාම්පූර් ගල් අඟුරු බලාගාරය සඳහා වැයවන මුදල ශ්‍රී ලංකාව හා ඉන්දියාව සම …

Continue Reading

රොබට්‌ බ්ලේක්‌ සැප්තැම්බර් 14 වැනිදා දිවයිනට

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ සැප්තැම්බර් 14 වැනිදා මෙරටට පැමිණේ. ඔහු ජනාධිපති, ආරක්‌ෂක ලේකම්, සිවිල් සංවිධාන ප්‍රධානීන් සහ ද්‍රවිඩ සන්ධාන නායකයන්ද හමුවීමට නියමිතය. මේ හැර හෙතෙම යාපනයේ සංචාරයක යෙදී උතුරේ ආඥාපති හා එන්. ජී. ඕ. ක්‍රියාකාරීන් ද හමුවනු ඇත. එමෙන්ම බ්ලේක් මහතා ඇමෙරිකාවේදී ශ්‍රී ලාංකීය දමිළ කණ්ඩායමක් හමුවී සාකච්ඡා පැවැත්වූ බව පසුගිය දා වාර්තා විය. නමුත් එහිදී සාකච්ඡා වූ …

Continue Reading

එක්‌සත් ජාතික පක්‍ෂයේ හැටපස්‌වැනි (65) සංවත්සර උත්සවය අද

එක්‌සත් ජාතික පක්‍ෂයේ හැටපස්‌වැනි (65) සංවත්සර උත්සවය නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේදී අද (06 සැප්.) පැවැත්වේ. මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක මහතා ප්‍රමුඛ එක්‌සත් ජාතික පක්‍ෂයේ දිවංගත නායකයන්ගේ පිළිරුවලට පුෂ්පෝපහාර දැක්‌වීමෙන් අනතුරුව සංවත්සර උත්සවය ආරම්භ කිරීමට සැළසුම්කර ඇත. පක්‍ෂය වෙනුවෙන් විශිෂ්ට සේවාවක්‌ සිදු කළ පැරණි සාමාජිකයන් 8 දෙනකු රන් සම්මානයෙන් පිදුම් ලැබීම ද මෙම සංවත්සරයේ ප්‍රධාන අංගයක්‌ වේ. …

Continue Reading

උසේන් බෝල්ට් මීටර් 200 රන් පදක්කම දිනා ගනියි

ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 200 තරග ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට  ලෝක සූර ජැමෙයිකාවේ උසේන් බෝල්ට් සමත්විය. මීටර් 200 තරග ඉසව්වේ මේ වසරේදී වාර්තා වූ හොඳම කාලය (තත්පර 19.40) සටහන් කිරීමට ද බෝල්ට් සමත් විය. විදුලි ආලෝක ධාරා මධ්‍යයේ පැවැති මීටර් 200 අවසන් තරගය ඩේගු ක්‍රීඩාංගණයට රැස්ව සිටි දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් කුතුහලයටත්, දෙගිඩියාවටත් පත්කළ එකක් විය. දැඩි පීඩනයට හසුවී සිටින …

Continue Reading